ජාතක_පොතෙන්_උපන්
දැනුමට යමක් එකතු වූවානං ++REP එකක්වත් දෙන්න හොදේ
ජාතක පොතෙන් උපන් ප්‍රස්තාව පිරුළු
අසූචි නා ගත්තු ඌරා දිනුවා වාගේ
ජාතක පොතේ 149 වැන්න වූ සූකර ජාතකය පදනම් කොටගෙන අසූචි නා ගත්තු ඌරා දිනුවා වාගේ යන ප්‍රස්තාව පිරුළ නිර්මාණය වී තිබේ. ‘සූකර’ යනු ඌරාට යෙදෙන නමකි. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි එහි ම වැඩ විසූ එක්තරා භික්ෂූන් වහන්සේ නමක අරබයා මේ ජාතක කතාව දේශනා කළහ. එය සිදු වූයේ මෙපරිද්දෙනි.
මුගලන් මහරහතන් වහන්සේ එක් දිනක් සැරියුත් මහරහතන් වහන්සේ වැඩ වෙසෙන ආරාමයට වැඩම කොට උන්වහන්සේ වෙතින් යම් යම් ගැටලු තැන් පිළිබද විචාරමින් සිටියහ.
සැරියුත් මහරහතන් වහන්සේත් අහසේ පැහැදිලි පුන්සඳමඬල පෙන්වා වදාරන්නාක් මෙන් ප්‍රශ්න විසඳමින් ධර්මාසනයෙහි වැඩහිඳ ධර්ම කාරණා දේශනා කරමින් සිටියහ. මේ අවස්ථාවේ මේ ස්ථානයේ තවත් බොහෝ භික්ෂු සංඝයා වහන්සේ උපාසක උපාසිකාවෝ ද රැස්ව සාවධාන ව අසා සිටියහ.
මෙහි සිටි එක්තරා නුනුවණ භික්ෂු නමක් තමන් ද කුමක් හෝ ව්‍යාකූල ප්‍රශ්නයක් විචාරා සැරියුත් මහරහතන් වහන්සේට පිළිතුරු දීගත නොහැකි තත්ත්වයක් උදා කිරීමට ඉටා ගත්තේ ය; එයින් සැරියුත් මාහිමියන්ගේ නො දන්නාකම සහ තමන්ගේ දන්නා කම පිරිසට වැටහී තමාට වැඩි ලාභ සත්කාර ලැබෙතැයි කල්පනා කළේ ය; ඒ අනුව අගක් මුලක් පැහැදිලිකමක් නැති මුග්ධ ප්‍රශ්නයක් ම ඇසුවේ ය. එවිට සැරියුත් මහරහතන් වහන්සේ නිහඬ ව ම සිට විජිනිපත ධර්මාසනය මත තබා පිටතට වැඩි සේක.
මේ නුනුවණ භික්ෂු නමගේ නො මනා ක්‍රියාව නිසා කෝපයට පත් එතැන සිටි උපාසකවරු භික්ෂුවට පහර දෙනු රිසින් පොලු මුගුරු රැගත් විට භික්ෂු නම බියට පත් ව පැන දිව යන්නට විය. පිරිස තමන් ලුහුබැඳ එද්දී අසිහියෙන් දිවූ භික්ෂු නම ආවරණ දිරා ගිය පරණ අසූචි වළක ඇද වැටී ශරීරය පුරා දුගඳ තැවරී පිළිකුල් උපදවන තත්ත්වයට පත් විණි. මේ කාරණය අරමුණු කොට දේශනා කෙරුණු ජාතක පුවත මෙසේ විය.
එක්තරා වනාන්තරයක එක් සිංහයෙක් වාසය කළේ ය. එහිම විලක් සමීපයෙහි ඌරු රැළක් ද සිටියා හ. ඒ ආසන්නයේ තාපසවරුන් වෙසෙන අසපුවක් ද විය. එක් දිනක ගොදුරක් කා පැන් බීම පිණිස මෙකී විලට පැමිණි සිංහයා, නුදුරෙහි සිටි තරබාරු ඌරකු දැක පසු දිනක මූ දඩයම් කර ගන්නෙමැයි සිතා මගහැර යන්නට ගියේ ය.
සිංහයා තමන් දැක බියපත් ව සැඟවී යතැයි සිතා අහංකාර වූ ඌරා හැකි නම් තමා හා සටනට එන ලෙස සිංහයාට අභියෝග කළේ ය. ඒ අසා ඉවසා සිටි සිංහයා අද නො ව සත් දිනකට පසු ව සටනට එන්නෙමැයි කියා ආපසු යන්නට ගියේ ය.
ඌරා වෙතින් මේ පුවත දැන ගත් රැළේ අනෙකුත් ඌරෝ බියෙන් තැතිගෙන තරබාරු ඌරාට උගේ අනුවණකම පහදා දුන්හ; මේ විපතින් බේරීගත හැකි උපායක් බියෙන් අසරණ වූ තරබාරු ඌරාට කියා දුන්හ.
ඒ අනුව ඒ දිනහත මුළුල්ලේ ම ඌරා විසින් කරන ලද්දේ අසල තිබූ තාපසවරුන්ගේ වැසිකිළි වළට බැස ශරීරය පුරා අසූචි තවරා ගැනීම ය.
නියමිත දිනයේ ඌ සිංහයා හමුවට ළං ව දුර්ගන්ධය දැනෙන සේ සුළං හමන පැත්තෙහි සිටියේ ය. මහත් පිළිකුලට පත් සිංහයා ජය ඌරාට ම දී පසුබැස ආපසු ගියේ ය. තමන් දිනන ලදැයි ඌරා සතුටට පත් වුව ද ඌරු රැළ ඒ ස්ථානයේ නොරැඳී වෙනත් වාසයකට පලා ගියහ.
තමන්ගේ නොදත්කම නොදැන හැසිරීමෙන් සිදු වන හානිය මෙහි එන භික්ෂුවගේ චරිතයෙන් මෙන් ම ඌරාගේ චරිතයෙන් ද එක සේ විද්‍යමාන වේ. අසූචි තවරා ගැනීම වැනි ඉතා ම නීච තත්ත්වයකට පත් වන්නට සිදු වූයේ කට පාලනය කොට නොගෙන අනුචිත දෙයක් ම ප්‍රකාශ කිරීමේ හේතුවෙනි.
‘කට රැකගෙන සිටින තාක් මෝඩයා බැබළේ’ යන ආප්තෝපදේශය උරගා බැලෙන තැනකි, මෙය. ඌරා සිංහයාට කළ බරපතළ අපහාසය පැවසෙන්නේ මෙලෙසිනි: ‘යාළුව, මමත් සතර පයක් ඇත්තෙක් වෙමි. තොපටත් සතර පයක් ඇත්තෙහි ය. එසේ හෙයින් තොප මා දැක නොගොසින් මා කරා එවැයි වාසි කියා පරදවා බස් කී ය.’
සිංහයා වැනි තේජවන්ත බලවන්ත සත්ව රාජයකු ඉදිරියේ මෙවැනි මුග්ධ වාචාල කතාවක් කිසිසේත් නො කිව යුතු බව මේ අමන සතා නො දැන සිටියේ ය. සැරියුත් මුගලන් මහ තෙරවරුන් ඉදිරියේ නුනුවණ ප්‍රශ්න අසා මුකරිකම් පෑ භික්ෂුණගේ උඩඟු ක්‍රියාව ද එබඳු විය.
මේ දෙ දෙනාට ම සිදු වූයේ අනෙකුත් පිරිස වෙතින් අවමානයට ලක් වීමට ය. එසේ ම ඉතා නින්දිත තත්ත්වයකට ඇද වැටී සිය ගෞරවය සපුරා කෙළෙසා ගැනීමට ය.
ජාතක කතාකරුවාණන් ඌරා පත් තත්ත්වය ප්‍රකාශ කරනුයේ ‘මේ සත් දා මුළුල්ලේ ම තාපසවරුන්ගේ නානා ගෙවල්වලට ගොසින් අසූචි ශරීරය පුරා තවර තවරා වියළා ගෙන...’ ආදි වශයෙනි. නුනුවණ භික්ෂුණ පත් තත්ත්වය ගැන පැවසෙනුයේ ‘... භයින් දිවන සේක් පෝරු දිරා ගිය පරණ නාන ගෙයක වැටී අසූචි වැකුණු සැරීර ඇති ව පිළිකුල් බවට පැමිණි සේක’ යනුවෙනි.
ඌරාගේ වහසි බස් ඉදිරියේ සිංහයා හැසිරෙන සිංහ ලීලාව ද මෙහි එන වැදගත් කරුණකි. ඌරා විසින් කරන ලද මහා අපහාසය ඉදිරියේ සිංහයා නො සැලුණි. කිපුණු මුත් ඒ බව නො පෙන්විණි. ගොදුරක් ගිල දමා දිය බීමට ආ සිංහයාට එවේලේ ම අහංකාර ඌරා මරා දැමිය හැකි වුව ද ඒ සඳහා ඉක්මන් නො විණි. කලින් සිතූ පරිදි ම පසු ව මූ දඩයම් කර ගැනීම වඩා මැනවැයි සිතන්නට ඇත. නැතහොත් මේ මෝඩ ඌරාට තම මෝඩකම වටහා ගන්නට කල් දෙන්නට ඇත. ‘අද මට බැරි ය.
අදට සත්වෙනි දා තොප හා මා හා යුද්ධයක් කරම්හ’ යි කියා සිංහයා විසින් සෑහෙන කාලයක් ඌරාට ලබා දෙන ලදි. සටනට නියමිත දින සිංහයාගේ හැසිරීම ද සැලකිව යුතු ය. ‘තා විසින් සිතූ උපාය යහපත. නැත් නම් තා මරා පියන්නෙම් වේ ද, මෙවිට තා අතින් අල්ලන්ට හා පයින් අල්ලන්ට හා කටින් අල්ලන්ට හා කැත වුව. එසේ හෙයින් ජය තොපට ම ය.’ යැයි සිංහ මුවින් පැවැසේ.
උදාරතර පුද්ගලයකු කිසි සේත් සිය ගෞරව අභිමානයට හානිකර වන පහත් ක්‍රියා නො කරන බැව් මේ හැසිරීමෙන් මැනවින් ස්ඵුට වේ.
මෙසේ අසූචි නා ජය ගන්නා ඌරෝත් මහත්මා ලීලාවෙන් හැසිරෙන උත්තම සිංහයෝත් මිනිස් වෙසින් අදත් සමාජයේ සිටිති. එබැවින් මේ පිරුළ හැම කලට ම