ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය@BMICH - 2017
දිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් සැප්තැම්බර් 15වනදා සිට 24වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. (සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල උදෑසන 9 සිට රාත්‍රි 10 දක්වා ප්‍රදර්ශනය විවෘතව තැබෙනවා.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනුයේ 19 වැනි වරටය.
දේශීය ප්‍රදර්ශන කුටි 400 කින් හා විදෙස් ප්‍රදර්ශන කුටි 55 කින් පමණ සමන්විත මෙම ප්‍රදර්ශනයේ දී නවකතා, කෙටිකතා, කවි, විෂය ග්රන්ථ සහ අධ්‍යාපනික ප්‍රකාශන ආදී බොහෝ පොත්පත් මිලට ගැනීම සඳහා පාඨකයන්ට අවස්ථාව සලසා දී ඇත.
එමෙන්ම සාහිත්‍යයට සම්බන්ධ විවිධ සංවාද මණ්ඩප, ග්රන්ථ එළිදැක්වීම් හා රසවින්දනාත්මක වැඩසටහන් ආදියෙන් ද සමන්විත ප්‍රදර්ශනය මෙවර පොලිතින් වලින් තොර කලාපයක් බවට පත්කර තිබීම ද විශේෂත්වයකි.
පොත් මිලදීගැනීම සඳහා පැමිණෙන පාඨක ප්‍රජාව සඳහා පරිසර හිතකාමී ගමන් මල්ලක් සහන මිලට ලබා දීමට ද සංවිධායකයන් කටයුතු යොදා තිබේ.
එක ළඟින් යන බස් අංක යටින් දැම්මා.
ගත්තේ https://www.yamu.lk/colombo-bus-map-routes
Google map: methanin
සාකච්ඡාවට ඉඩ... පොත් ප්‍රදර්ශනය හා පොත් පිළිබඳව වන සාකච්ඡා බලාපොරොත්තුවන්න
Edit 01: කල් ඉකුත් නොවන උපදෙස් (වසර ගණනාවකට පෙර සිට සයිබර් අවකාශයේ සැරිසැරූ උපදෙස් මාලාව )
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට යන ඔබට ප්‍රයෝජනවත් කරුණු 15 ක්
1. පොත් ප්‍රදර්ශනය යාමට පෙර ඔබට අවශ්‍ය පොත් වල දල ලැයිස්තුවක් සදා ගන්න, මෙය ඔබේ කාලය හා මුදල් යන දෙකම ඉතිරි කරනු ඇත.
2. හැකි පමණ උදැසන පොත් ප්‍රදර්ශනය භුමියට යාමට උත්සහ කරන්න. රථ ගාලේ මෙන්ම කුටි වලද තදබදය ඔබට මෙයින් මඟ හරවා ගත හැක.හවස් වරුවේ යාමද හොඳ වුවත් ඔබට කාලය හරස් වනු ඇත.
3. ඔබ බොහෝ පොත් මිලදී ගැනීමට සිතා සිටිනවා නම්, සියලුම කුටි ආවරණය කිරමට එක දිනක් ප්‍රමාණවත් නැත, එහෙයින් දින දෙකක් වත් ඔබේ සැලසුමට එක් කරගන්න. එසේ කිරීමට අපහසු නම් ඔබට ඉතා වැදගත් කුටි පමණක් තෝරා නරඹන්න.
4. ඔබ කුමන හේතුවක් සඳහා පොත් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියද ඔබ සතුව සිතියමක් සතුවීම අනිවාර්ය වේ. මෙය නොමැති වීම විශාල කාලය නස්තියකට මෙන්ම බලාපොරොත්තු කඩ විම රැසකට ඔබව ඇද දමනු ඇත. පොත් ප්රකාශකයින්ගේ සංගමය විසින් ඔබ සඳහා සියලුම කුටි අංක සහිත , ශාලා සිතියමක් මුද්‍රණය කර ඇත. ඔබ ලොකු පාර්සල් ගොඩක් ඔසවාගන නොමැති අවස්ථාවක මෙය භාවිතය පහසු වුවත් එසේ විට භාවිතය බොහෝ අපහසු වනු ඇත.
( කොළඹ ජාත්යුන්තර පොත් ප්‍රදර්ශනය සඳහාම නිපදවුණ Android app එකක් මෙවරත් රිලීස් වෙලා නම් මෙතන දාන්නම්
5. ප්‍රදර්ශනය භුමියේ බොහෝ දීමනා සහ දිනුම් ඇදීම් ක්‍රියාත්මක වෙනවා. ඇදුනොත් පොත්
6. අධික තදබදය විශාල ප්රශ්නයකි , මේ සඳහා මුලින්ම කුඩා ප්‍රදර්ශනය ශාලා තෝරා ගෙන නැරඹීම අරඹන්න, මෙය ඔබේ වෙහෙස අඩු කරනු ඇත. ඔබට London පෙදෙසින් ඇතුල් වන දොරටුව අසල ඇති L, K ශාලා වලින් හෝ J ශාලාවෙන් ද ඔබේ චාරිකාව ඇරඹිය හැක. එම්.ඩී.ගුණසේන සහ සමගම , ගොඩගේ පොත් මදුර , A ශාලාව , B ශාලාව අධික තදබදය ඇති කුටි ලෙස හැඳින විය හැක. මේවා මුලින් තෝරා ගැනීම ඔබව හෙම්බත් කරනු ඇත.
7. ඔබ මිලදී ගන්න පොත් එහි ප්රකාශකයින්ගෙන්ම මිලදී ගැනීමට පරිස්සම් වන්න. බොහෝවිට ප්‍රකාශකයින් ඔවුන්ගේ පොත් වලට සාමාන්‍යයෙන් ලබා දෙන 20% ක වට්ටමට වඩා වැඩි වට්ටම් ලබා දේ,30% ක් පමණ ලබා ගත හැක. බොහෝ ප්‍රකාශකයින් සමාජ ජාල වල හිතවතුන්ට වැඩි වට්ටම් ලබා දීම කරනු ලබයි. ඒ ගැනද අවධානයෙන් සිටින්න.
8. ඔබගේ ගමනේ මුල් වරුවේ දිගු පෝලිම වල සිටගන සිටීමෙන් වැලකීමට උත්සහ කරන්න. මෙය ඔබේ කාලය ඉතිරි කරනු ඇත. එම්.ඩී.ගුණසේන කුටියේ පෝලිම බොහෝ දිගු එකක් වේ, A සහ B ශාලා වලද මෙම ප්රශ්නය බොහෝ දුරට තිබේ. එකම ප්රකාශකයින්ගේ කුටි වෙන වෙන ශාලා වලද තිබෙන බැවින් ඒවා වලින් පෝලිම අඩු එකක් තෝරා ගැනීම ප්‍රෂන්යට විසදුම වනු ඇත.
9. ඔබ CD, DVD වැනි දේ මිලදී ගැනීමට අදහස් කරන්නේ නම් , ඒවා මිලදී ගැනීමට පෙර මිලදී ගත CD හෝ DVD එක කුටිය තුලම ධාවනය කර පෙන්වන මෙන් ඉල්ලන්න, ඔබ අද්යාපනික CD, DVD මිලදී ගන්නේ නම් මෙය ඉතා අවශ්‍ය වේ. මිලදී ගැනීමට පෙර එය භාවිත කරන අන්දම කුටියෙන් අසා දැනගන්න. බොහොමයක් අද්යාපනික CD, DVDව වලට මෘදුකාංග ස්ථාපනය අවශ්‍ය වන බැවින් ඒ සඳහා අවශ්‍ය වන serial keys , CD numbers සියල්ල හොදින් ඇතුලත් වී ඇති දැයි බලන්න. කුටියේ හෝ ප්රකාශකයින්ගේ දුරකථන අංකය ඉල්ලා ගැනීමට අමතක නොකරන්න.
10. කෑම ගැන කතා කරන විට BMICH පරිශ්‍රයේ ඇති ආපන ශාලාවේ කෑම ඉතා හොද තත්වයේ තිබේ. හයිලන්ඩ් කිරි කුටියද ඊට යාබදව ඇත.
11. ඔබ ප්‍රදර්ශනය නැරඹීමට යන විට අවශ්‍ය බෙහෙත් රැගෙන යාම උදව්වක් විය හැක. අධික හිරු රශ්මිය , තදබදය , දවස පුරාම ඇවිදීම ඔබට කොන්දේ ආභාධ මෙන්න හිසේ කැක්කුම ගෙන ඒමට හැකිය. ඒ නිසා පැරසිටමෝල් පෙති හෝ වෙනත් වේදනා නාශක තිබීම හොදය. වතුර නම් බොහෝ තැන් වල නොමිලයේ තිබේ. අව් කන්නාඩියක් ( sun glass ) පැලදීමෙන් වෙහෙසකර බව බොහෝ දුරට අඩුවේ.
12. ඔබට පහසුවෙන් ඔසවාගන යා හැකි බෑගයක් ගෙනයන්න. බිම දිගේ ඇදගන යන ඒවා තදබදය සහිත කුටි වලට නොගැලපේ. නමුත් සුදුසු බෑගයක් අරන් යාම පොලිතින් මලු ගොඩක් ඔසවාගන යාමට වඩා පහසු වෙනවා සේම, පොලිතින් මලු ගොඩකින් මලු එකක් දෙකක් නැති වීමේ අවදානමෙන්ද මිදිය හැක.
13. කවි ලිවීමේ හැකියාව ඇති ඔබ කැටපත් පවුරේ කවියක් අලවා ඒමට අමතක නොකරන්න. ඒවා බොහෝ දෙනා කියවන අතර හොද කවි වලින් බොහෝ දෙනා සතුටක් ලබයි.
14. ප්‍රදර්ශනය භුමියේ බොහෝ විශේෂ අවස්ථා සිදුවන අතර. මහන්සිය නැති කරගැනීමට ඒවා රුකුලක් වේ.
15. පෑන් , පන්සල වැනි ලිපිද්‍රව්‍ය J, K, L ශාලා වල අඩුම මිලට ලබා ගත හැක.
එළකිරි පුස්තකාලය මෙතන-
http://www.elakiri.com/forum/showthread.php?t=1798127
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් BMICH හි දී

Last edited: