ජාත්‍යන්තර වශයෙන් පච වීම 🥴🤌

KDH

Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින් ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල සැලකිය යුතු සංවාදයක් නිර්මාණය වී තිබේ.

    අදාළ ප්‍රකාශය වන්නේ, “දූෂණයට එරෙහි සටන භයානක වුවත්, ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි” යන්නයි.

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම අදහස, රුවන්ඩාවේ ජනාධිපති පෝල් කගාමේ මහතා විසින් මීට පෙර සිදු කරන ලද ප්‍රසිද්ධ කියමනක් බවයි. ජනාධිපති කගාමේ මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ 2019 වසරේදී, පැවති දූෂණ විරෝධී දේශනා සමුළුවකදී බවට තොරතුරු වාර්තා වේ.

    සමාජ මාධ්‍ය ඔස්සේ විවේචන එල්ල වී ඇත්තේ, ජනාධිපති අනුර දිසානායක මහතා සිය කතාවේදී මෙම ප්‍රකාශය උපුටා ගැනීමක් බවට සඳහන් නොකිරීම සම්බන්ධයෙනි.

    ක්‍රියාකාරීන්ගේ අදහස වී ඇත්තේ, මෙම කියමන වෙනත් රාජ්‍ය නායකයෙකුගේ ප්‍රකාශයක් බව විධිමත් ලෙස පිළිගැනීම වගකීම් සහගත හා යෝග්‍ය ක්‍රියාවක් බවයි.

    ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයේ අන්තර්ගතය සහ එහි මූලාශ්‍රය සම්බන්ධයෙන් මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ පුළුල් ලෙස අදහස් හුවමාරු වෙමින් පවතී.


    1758870318686.jpeg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,691
    113
    දැන් ඉතින් බයියොන්ට රුවන්ඩාවෙ ජනාදිපතිවත් හතුරෙක් හැටියට දකින්න එපැයි
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,346
    9,114
    113
    Around the world
    ෴අනුන්ගේ ලමයෙක්ට උප්පැන්න දෙන්නට පෙර෴ නයිජීරියානු ලේඛිකා Ngozi Okonjo-Iweala විසින් 2018 වසරේදී පොතක් ලියා පලකරනවා -Fighting Corruption Is Dangerous: The Story Behind the Headlines- යන නමින්...
    රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ 2019 වසරේ නයිජීරියාවේ සංචාරයක නියැලෙනවා..
    නයිජීරියාවේ Abuja නගරයේදී පැවති anti-corruption/Economic and Financial Crimes Commission (EFCC) අමතා කල
    දේශනයකදී පෝල් කගාමේ Okonjo-Iweala
    ගේ fighting corruption is dangerous නම් පොත ගැන සඳහන් කරමින් කියා සිටිනවා "you need to be writing another book, to state that ‘Not Fighting Corruption is even more Dangerous’ යනුවෙන්..
    රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේගේ "Fighting Corruption Is Dangerous,‘Not Fighting Corruption is even more Dangerous" යන ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් වෙනවා..
    "දූෂණයට එරෙහි සටන භයානක වුවත් ඊට එරෙහිව සටන් නොකිරීම ඊට වඩා භයානකයි" යනුවෙන් පාඨයක් උපුටා දක්වමින් ඊයේ අනුර ජනාධිපතිතුමා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් කල ප්‍රකාශය එතුමාගේ ප්‍රකාශයක් නොවේ..එය රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේගේ ප්‍රසිද්ධ ප්‍රකාශයක්.. සමහර විට ජනාධිපති අනුර පවා මේ ගැන නොදන්නවා ඇති..එතුමා හිතනවා ඇති එතුමාට කතාව ලියා දුන් කෙනා එලෙස ලියන්නට ඇති කියා..අනුර ජනාධිපතිතුමා එය දැනගෙන කියූවානම් රුවන්ඩා ජනාධිපතිතුමාගේ ප්‍රකාශයක් බව සඳහන් කරමින් කියුවානම් යුක්ති සහගතයි..නැතිනම් එය අමුම අමු දූෂණයක්-වංචාවක්..ලෝක සමුලුවකදී ලෝකය ඉදිරියේ එවැනි ප්‍රකාශයක් තමන් විසින් පලමු වරට කියන ලීලාවෙන් ඊට නිසි කතෘ අයිතිය ලබා නොදෙමින් කතා කිරීම ජනාධිපතිතුමාගේ පමණක් නොවේ ලංකාවේත් කීර්තියට එතරම් හොඳ නෑ..
    සකල ලංකාවාසී මාලිමා පාක්ෂිකයන් මේ ප්‍රකාශය අනුර දිසානායක ජනාධිපතිතුමාගේ සුපිරි පරිකල්පන ශක්තියෙන් උපද්දවාගත් එකක් යැයි කියමින් මේ ප්‍රකාශයෙන් උද්දාමයට පත්ව සිටිනවා..
    කරුණාකර ඔවුන්ව දැනුවත් කරන්න..
    මේක අනුර දිසානායක මුලින්ම කිව්ව අසවල් එකක් නෙවේ..මේක පෝල් කගාමේගේ කතාවක් බව..
    අනුන්ගේ දරුවන්ට උප්පැන්නය දෙන්නට හදිස්සි
    වෙන්න එපා..
    පෝල් කගාමේට හිනා යයි...

    😀
    -මාලින්ද ඩයස්-
     
    • Like
    Reactions: KDH

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    සමාජ මාධ්‍ය ගූ අන් පී බයි ප්‍රොෆයිල් වලද?
    ඉතින් අපිට පාන් ද?
    ජාත්‍යන්තරය කැලබිලාද?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    වේදනාවේ කදුලු බිංදුව නෙතු අගින් වැටුනා...
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    jebaiyo chun karanna dena talk UN eke kiyanna gihin poddak pacha wela ithin :lol:
     
    • Haha
    Reactions: KDH

    Similar threads