ජාතික ආරක්‍ෂාව සහ ගිනි ඇවිලවීම

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ජාතික ආරක්‍ෂාව සහ ගිනි ඇවිලවීම

ජාතික ආරක්‍ෂාව සහ ගිනි ඇවිලවීම

p11.jpg
කොටින්ගේ පොදු සතුරා දැන් එකිනෙකාට විරුද්ධ වී ඇත. - යුරෝපා කොටි වෙබ් අඩවිය

කොළඹ සිට සැතපුම් 250 ක්‌ ඈත කැලෑවේ බංකරයක සිට තමාගේ ඉල්ලීම් ඉටු නොකළහොත් ලේ විලක්‌ කරන්නේ යෑයි වහසි බස්‌ දෙඩූ ප්‍රභාකරන් නම්වූ ඝාතකයාට එරෙහිව අද ඝෝෂා කරන බොහෝ දේශපාලකයන් හඬ නැඟුවේ නැත. එහෙත් දැන් සිදුවන්නේ කුමක්‌ද? රටේ ජනතාවගේ ප්‍රධාන සතුරා පරාජය කිරීමට දායක වූ පාර්ශ්වයන් ජාත්‍යන්තර කොටි ජාලය තවදුරටත් ක්‍රියාත්මක වන බව අමතක කිරීමයි. පසුගිය ඉරිදා ගි්‍රනිච් වේලාවෙන් 5.43 ට පුවතක්‌ විකාශය කළ ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය පැවසුවේ ජනාධිපති අපේක්‍ෂක හා හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් යටත් වීමට පැමිණි කොටි නායකයන් තිදෙනකු ඝාතනය කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා විසින් නියෝග කළේ යෑයි කියා සිටි බවය. මේ ප්‍රකාශය මොහොතකින් චැනල් ෆොa සාවද්‍ය වීඩියෝ පටය විකාශය කළ ජර්මනියේ ඡේ.ඩී.එෆ්. නමැති කොටි හිතවාදී මාධ්‍ය සංවිධානය විසින් යුරෝපය පුරා විකාශය කෙරිණි.

හිටපු හමුදාපතිවරයා කළ බව කියන ප්‍රකාශයත් සමගම වඩාත්ම සතුටට පත්වූයේ කොළඹ කොටි හිතවාදීන්, කොටින්ව බේරාගැනීමට දැඩි උත්සාහයක්‌ ගත් ජාත්‍යන්තර සහ මෙරට රාජ්‍ය නොවන සංවිධාන, නෝර්වේ සහ විදේශ බලවේගයි.

ප්‍රභාකරන් ප්‍රමුඛ ඝාතන සමාගම පරාජය කරනු ලැබුවේ දේශපාලන සහ හමුදාමය සාමූහික වගකීමක්‌ මතය. එවැනි විටෙක යුද්ධයට සම්බන්ධ ගත් ක්‍රියාමාර්ග අනාවරණයවීම යනු කොටි ජාත්‍යන්තර ජාලයටත් විදේශ බලවේගවලටත් තොරතුරු බන්දේසියේ තබා දීමකි.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාට යුද්ධයේ අවසාන සමයේදී කොටි නායකයන්ව ඝාතනය කරන ලෙසට නියෝග කළේ යෑයි හිටපු ජෙනරාල්වරයා කළ බව කියන ප්‍රකාශය රජය එකහෙළාම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය.

පටු දේශපාලන වාසි සඳහා කරන ලද මෙම ප්‍රකාශය මහා පාවාදීමක්‌ ලෙස රජය විසින් තවදුරටත් හඳුන්වනු ලැබීය. පසුව මේ සම්බන්ධයෙන් කොළඹ ජායික්‌ හිල්ටන් හෝටලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු ජෙනරාල්වරයා පැවසුවේ යටත්වීමට පැමිණි කොටි නායකයන්ව මරා දමන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා නියෝග කළ බවට තමා ප්‍රකාශ නොකළ බවත් තමාගේ ප්‍රකාශය වැරදි සහගත ලෙස සඳහන් කර ඇති බවත්ය. සුදු කොඩි ඔසවාගෙන යටත්වීමට පැමිණි කොටි නායකයන් සම්බන්ධ සිද්ධිය මම දන්නේ නැහැ. එය මට පැවසුවේ මාධ්‍යයයි. ඔබලා අනිත් අයගෙන් අහපු ආකාරයටමයි මමත් එකී සිද්ධිය ඇසුවේ. මෙය මට පැවසූ මාධ්‍යවල ආරක්‍ෂාව මත තොරතුරු හෙළි කළ නොහැකියි. මෙකී තොරතුරු හෙළි කළේ එම දවසේ සටන් බිමේ සිටි මාධ්‍යවේදීන් විසින් යෑයි කිව හැකිය. ආරක්‍ෂක ලේකම් ඉහළ හමුදා නිලධාරියකුට දුරකථනයෙන් උපදෙස්‌ දී තිබෙනවා යෑයි හිටපු ජෙනරාල්වරයා පවසා ඇත.

මේ නිසා හිටපු ජෙනරාල්වරයා එකී සිද්ධිය දැනගෙන ඇත්තේ තෙවැනි පාර්ශ්වයන්ගෙනි. ජෙනරාල්වරයාට සමීපව ගිනි අවුළුවන්නන් කණ්‌ඩායමක්‌ සිටින බව අපි හෙළි කළේ මෙයට කලකට පෙරය. මෙම ආරක්‍ෂක ලේකම්වරයා ඉහළ නිලධාරියකුට ලබාදුන් බව කියන මෙම නියෝගය සටන් බිමේ සිටි මාධ්‍යවේදීන්ට ඇසුනේ කෙසේද? මේ මාධ්‍යවේදීන් ඇමරිකානු සී.අයි.එA. සංවිධානය මෙන් කතාබහ දැනගැනීමේ අධිතාක්‍ෂණික උපකරණ (ඊමට) භාවිතා කළේ යෑයි කිවහැකිද?

ඉන්දීය මාධ්‍යවේදියකු වූ නගර්වා වරක්‌ මෙසේ පැවසීය. 1971 කැරැල්ල සමයේ ශ්‍රී ලංකාව අසල ඈත මුහුදේ චීන නැව් ස්‌ථානගත කර ඇති බවට මාධ්‍ය විසින් දැක්‌වූ වාර්තාවන් ගැන සොයන්නැයි මගේ පුවත්පත කියා සිටියා. මා ඔවුන්ට කිව්වා මගේ ඇස්‌වල දුරදක්‌න සවිකර නැහැ. මම ගාලුමුවදොර වෙරළට ගොස්‌ බැලුවාම චීන නැව් දුටුවේ නැහැ.

මේ නිසා හිටපු ජෙනරාල්වරයාට මාධ්‍ය පැවසූ පුවත ඔහු එකහෙළාම විශ්වාස කළේද?. කොටි සංවිධානය පරාජය වනු දැකීමට අකැමැති මාධ්‍ය පාර්ශ්වයන් ගැන හිටපු ජෙනරාල්වරයා නොදන්නේද? නෝරාඩ් පැනොස්‌ වැනි සංවිධාන මත යෑපුණු මාධ්‍ය කොටි පරාජය කළ නොහැකි බව පැවසුවේ එදා සිටය.

අප ප්‍රභාකරන්ට ඝාතකයා යෑයි කියද්දී ජෙනරාල් සමීපයේ සිටි මාධ්‍ය කොටින්ව හඳුන්වනු ලැබුවේ ගරිල්ලන් නමිනි. මේ අතර පසුගිය 13 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජෙනරාල්වරයා පැවසුවේ පුලිතේවන් හා නඩේසන් ඝාතනය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස්‌ දුන් බව කීම යුද රහස්‌ හෙළි කිරීමක්‌ නොවන බවයි.

මෙහිදී නැඟෙන ප්‍රශ්නය නම් ජර්මනියේ මියුනිච් නගරයේදී ඊශ්‍රායල් ඔලිම්පික්‌ ක්‍රීඩකයන්ව ඝාතනය කළ පලස්‌තීන ත්‍රස්‌තයන් කණ්‌ඩායම විනාශ කිරීමට ක්‍රියා කළේ එවකට ඊශ්‍රායල් විශේෂ බළකායේ ප්‍රධානී වත්මන් ආරක්‍ෂක ඇමැති එහුද් බරක්‌ය.

ඔහු එA බව කිසිවිටෙක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැත. තමාට එම නියෝගය දුන්නේ ඊශ්‍රායල් අගමැති යෑයි කියා සිටියේ ද නැත.

චෙච්නියානු බෙදුම්වාදී නායක දුදාසෙව්ට රොකට්‌ ප්‍රහාර එල්ල කර විනාශ කරන්නැයි නියෝග කළේ එවකට ජනාධිපති වූ වැලඩ්මීර් පුටින්ය. එහෙත් එA බව රුසියානු හමුදාපතිවරුන් ලෝක ප්‍රජාව හමුවේ කියා සිටියේ නැත. ඊශ්‍රායල් හමුදා බලධාරීන් විසින් හමාස්‌ සංවිධානයේ නායකයන් රැසක්‌ විනාශ කිරීමට ක්‍රියා කළ අතර ඊට උපදෙස්‌ ලැබුණේ රටේ නායකත්වයෙනි. එහෙත් එA සෑම ක්‍රියාවක්‌ම සිදු කළේ ඊශ්‍රායලයේ යහපත උදෙසායි. ඇමරිකානු බලධාරීහු මෑතකදී අල්කයිදා නායකයකු ගුවන් ප්‍රහාරයකින් විනාශ කරනු ලැබීය. මේ සඳහා තමාට උපදෙස්‌ දුන්නේ ජනාධිපති බරක්‌ ඔබාමා යෑයි ඇෆ්ගනිස්‌තානයේ ඇමරිකානු හමුදා නායක මැක්‌ ප්‍රයිස්‌ කියා සිටියේ නැත
 

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
මෙම තත්ත්වය මත කොටි ජාත්‍යන්තර ජාලය දැන් මෙරට හමුදා නායකත්වයට සමච්චල් කරයි. "මට ඕනෑම තොරතුරක්‌ බන්දේසියේ තබා ලබාදීමට සිංහලයන් සූදානම්"යෑයි ප්‍රභාකරන් වරක්‌ කියා සිටියේය. එදා සිදුවූයේ ද එයයි. දැනුත් සිදුවන්නේ එයමය.

හිටපු ජෙනරාල්වරයා කළ බවට කියන මෙම ප්‍රකාශයට කැනඩාවේ සිට යුරෝපය දක්‌වා ද එතැන් සිට ඔස්‌ටේ්‍රලියාව දක්‌වාද ක්‍රියාත්මක වන කොටි වෙබ් අඩවි පුළුල් ප්‍රචාරයක්‌ දී තිබේ.

එක්‌ වෙබ් අඩවියක්‌ කියා සිටියේ යුද අපරාධ චෝදනා ගෙන එAමට දැන් ප්‍රබල සාක්‍ෂියක්‌ ලැබී ඇති බවයි. මෙහිදී පොදු සතුරා දැනට ඉතිරිව සිටින කොටි ජාත්‍යන්තර ජාලය යන්න අමතක කර ඇත. මෙය ඉතාමත්ම කණගාටුදායක තත්ත්වයකි.

කොටි නායකත්වය විනාශ කිරීම නිසා කම්පනයට පත්ව සිටින කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම්ට මේ ප්‍රකාශ කිව නොහැකි තරම් සතුටුදායක පුවතක්‌ වී ඇතැයි නෝවීජියානු ආරංචි මාර්ග කියා සිටියි. මෙහිදී සිහිපත් කළ යුතු ප්‍රධාන කරුණ නම් දේශපාලන බලකාමය උදෙසා මේ ක්‍රියාව කරන්නේ රටේ ජාතික ආරක්‍ෂාව මත බවය.

අන්තර්ජාතික බලවේග දැනට බලා සිටින්නේ රටේ අස්‌ථාවර තත්ත්වයක්‌ ඇති කිරීමට බව පැහැදිලිය. මට පෙර රට නම් පොදු සතුරා කොටින් යෑයි අවබෝධ කර නොගන්නේ මන්ද? හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස, ජනාධිපති අපේක්‍ෂක ගාමිණී දිසානායක යන දේශපාලකයන් ඝාතනය කිරීමට ක්‍රියා කළේ ප්‍රභාකරන්ය.

එහෙත් ප්‍රභාකරන් හෝ ඔහුගේ කොටි ඝාතක කල්ලිය කිසිවිටෙක තමන් ඊට සම්බන්ධ යෑයි පැවසුවේ නැත. වරක්‌ හිටපු ජනාධිපතිනියව ඝාතනය කිරීමට උත්සාහ කළේද යන්න ටයිම් සඟරාව ප්‍රභාකරන්ගෙන් විමසූ විට ඔහු පැවසුවේ එම උත්සාහය හමාස්‌ කල්ලියේ වැඩක්‌ විය හැකි බවයි. හිටපු නෝර්වීජියානු ආධාරකරුවන් හා ආධාරකාරියන් මාධ්‍යවේදීන්ගේ වේශයෙන් ගිනි ඇවිලිවීමට ක්‍රියා කරන බව හිටපු ජෙනරාල්වරයා තේරුම්ගත යුතුය.

රටේ නායකත්වයට තරග වැදුනත් විනයගරුක හමුදාව යෑයි හිටපු ජනරාල්වරයා හැඳින්වූ ශ්‍රී ලංකා හමුදාවට අවමානයක්‌ සිදු නොවිය යුතුව තිබේ. ස්‌විස්‌ කොටි වෙබ් අඩවියේ මෙලෙස දක්‌වා තිබිණි. හැමදෙනාම බලයටයි, අපේ සතුරා භේද භින්න වී ඇත.

එහෙත් කොටි අරමුණ කෙරේ තැකීමක්‌ කර නැත. මෙම කොටි වෙබ් අඩවිය නඩේසන්, පුලිතේවන් හා රමේෂ් මියගොස්‌ සිටින අන්දම ගැන ඡායාරූපයක්‌ ද විකාශය කරනු ලැබීය.

ඉන් කියා සිටින්නේ මෙකී කොටි ත්‍රස්‌තයන් මියගිය ආකාරය ගැන විමර්ශනය කළ යුතු බවයි.

මේ නිසා කොටි ඝාතක සමාගම පරාජය කිරීම නිසා මැයි 19 වැනිදා සිට ශෝකයට පත්වී සිටි රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු දැන් අළුගසා දමා දේශපාලන කරලියට පැමිණ ඇත. ඔවුන්ට සහය වන්නේ ගිනි අවුළුවන්නන්ය. කොටි ඝාතක සමාගම පරාජය කිරීම සඳහා දේශපාලන සහ හමුදා නායකත්වය ක්‍රියා කළ ආකාරය තම පටු දේශපාලන අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදාචාරසම්පන්න නොවේ. ඊට හොඳම නිදසුන ත්‍රස්‌තවාදයට මුහුණපෑ ඊශ්‍රායලයයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2009/12/15/feature04.html
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Wagakeemakin thora meti moll katha kiyala SF denmama chaa wela iwarai.
    Ekenma penenawa deshapaalana palapuruddak nethikama.
    SF nikanma hit wicket yannai hadanne nodanna deshapaalanayata gihin.
    Hero wela hitiyanam merenakamma hero thamai.
    Anthimata den Gamath kaala, Ratath kaala, loketama chaa wela yannai hadanne.