ජාතික ගීය දෙමළ බසින් ගයන්නට ඉඩ හැරිය යුතු &#35

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    ජාතික ගීය දෙමළ බසින් ගයන්නට ඉඩ හැරිය යුතු &#35

    ජාතික ගීය දෙමළ බසින් ගයන්නට ඉඩ හැරිය යුතු ද?
    ශ්‍රී ලංකාවේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට තවදුරටත් බාධා නොමති බව කියැවෙන ප්‍රවෘත්තියක් පුවත්පත්වල පළ වීමත් සමග සමාජ ජාලා වෙබ් අඩවි තුළත් ඉන් පිටතත් විශාල සාකච්ඡාවක් වැඩෙමින් පවතී. ඒ ගැන මාගේ අදහස මීට පෙර ඉදිරිපත් කරන්නට යෙදුණු අතර තවදුරටත් එම අදහස විස්තර කිරීම කාලෝචිත යැයි හැ‍ඟෙන නිසා ලිපි පෙළක් ලෙස අදාල මාතෘකාව සාකච්ඡා කරන්නට උත්සාහ කරමි. මේ එහි පළමු ලිපියයි.
    මුරුගසන් වරුසාවට තෙමුනහම මිනිසුන් උමතු වන බව මට මුළින්ම කියා දුන්නේ අම්මාය. ඒ මා කුඩා කාලයේ දීයි. ඇයට අනුව මුරුගසන් වරුසාවට තෙමුණු මිනිසුන්ට තවත් මිනිසෙකු පෙනෙන්නේ 'දඩයම් කොට' 'මරාගතයුතු' ආකාරයේ සතෙකු ලෙසය. එනිසා ඔවුහු එකිනෙකා මරාගනිති. තම අතින් මිය යන්නේ තන්ගේ ම සහෝදරයා යැයි එබඳු මිනිසුනට නොවැටහේ. තේරුම් කර දීමට ද නොහැකිය. ඒ මුරුගසන් වරුසාවට තෙමී ඇති නිසා ඔවුන්ගේ සිහි විකල් වී ඇති බැවිනි.
    ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීම සම්බන්ධ සාකච්ඡාව කිහිප ආකාරයකින් මේ කතාව සිහිගන්වයි.
    ජාතික ගීයේ දෙමළ පරිවර්තනයක් බිහිවන්නේ 1950 දශකයේ පමණ දී ය. (මා වැරදි නම් නිවැරදි කරන්න). නමුත් වසර 30ක පමණ කාලයක් පැවති යුද්ධය නිසා මෙබඳු යමක් දෙමළ සමාජය තුළ තිබෙන බව නොදන්නා පරම්පරාවක් දකුණේ බිහිවෙයි. යුද්ධයෙන් පසුව දෙමළ මිනිසා දෙමළ බසින් ජාතික ගීය ගයන්නට තැත් කිරීම මෙකී පරම්පරාවට පෙනෙන්නේ දෙමළා ගේ මහත් මුරණ්ඩු, අහංකාරකම නිසා ඉල්ලා හිටින අළුත්ම අළුත් ඉල්ලීමක් ලෙසය. යුද්දයෙන් පරාජය වුණත් තවමත් මොවුන්ගේ ආඩම්බර කම් අඩු වී නැතිය කියාය. එහෙයින් මොවුන්ගේ 'අහංකාර ඉල්ලීම' පරාජය කළ යුතු ය කියාය. (ඇත්තවශයෙන්ම එසේ සිතන්නට අපට පුහුණු කළේ අපේ දේසප්‍රේමී දේසපාලකයන් ය. එයට විකල්ප වූ කියැවීමක් සමාජයට, අලුත් පරම්පරාවට ලබා දීමට කිසිවකු සමත් වූයේ ද නැත).
    දෙමළ මිනිසාට අනුව මේ තත්වය පෙනෙනවා ඇත්තේ තමන් කාලයක් තිස්සේ හිමිකරගෙන සිටි යමක් හදිසියේ අහිමි කිරීමක් ලෙසය. උදුරා ගැනීමක් ලෙසය.
    එකම කරුණ දෙමළ මිනිසාට මෙතෙක් අත්කරගෙන සිටි යමක් අහිමි කිරීමක් ලෙසත් සිංහල බහුතරයකට දෙමළා අළුතෙන්ම යමක් ලබාගන්නට කරන මුරණ්ඩු උත්සාහයක් ලෙසත් පෙනෙන්නේ ඇයි?
    දෙමළ ජනයා ගායනා කරන මෙම පරිවර්තිත ජාතික ගීයේ තම මව්බිම හැඳින්වීමට යොදන නම වන්නේ 'ඉලංකෙයි' යන්න නොවේ. තම භාෂාවෙන් මෙරට හැඳින්වීමට වෙනත් වචනයක් භාවිතයේ තිබිය දීත් මෙම ගීතය තුළ යොදා ඇත්තේ 'ශ්‍රී ලංකා' යන්න පමණි.
    මෙහි වෙන් වූ දෙමළ ජාතියක් ගැන කතා නොකරයි. ඒ වෙනුවට මහත් අභිමානයෙන් යුතුව 'අප සියළුම දෙනා එකම මවකගේ දරුවන් ය' කියා තමන්ට වැටහෙන භාෂාවෙන් කියන්නට උත්සාහ කෙරෙයි.
    මෙහි දෙමළ ජනයාට වෙන් වූ වෙනම රටක් ගැන කතා නො කෙරෙයි. ඒ වෙනුවට අප සියළු දෙනාම 'ශ්‍රී ලංකා' නම් එකම මව්බිමේ දරුවන්ය කියා ප්‍රකාශ කරයි.
    කිසිදා සිංහල වචනයක් අසා නැති උතුරේ ඈත දුෂ්කර පෙදෙස් වල වසන දරුවන් තමන්ගේ භාෂාවෙන් 'මේ මුළු රටටම' තමන් ආදරය කරන බවත් 'මේ රටේ' වසන සියලු දෙනා 'තම සහෝදර සහෝදරියන්' බවත් 'භේද දුරලා සියලු දෙනා එක්විය යුතුබවත්' කියන්නට හදන විට එයට එරෙහිවීම තේරුම් ගතහැක්කේ කෙසේ ද? 'වෙන්වී යාම' දෙසට ගමන් කළ පරම්පරාවක් 'එක්වීම' දෙසට ගමන් කරන්න හදන විට එයට එරෙහි වීම තේරුම් ගන්නේ කෙසේ ද?
    මට වැටහෙන පරිදි, ඒ අප සියළු දෙනා මුරුගසන් වරුසාවට තෙමී ඇති බැවිණි. ඒ නිසා අපගේ සිහි විකල් වී ඇති බැවිනි. හතුරුකම මිතුරුකම හඳුණාගන්නට බැරි තරම් අප ගේ සිහි විකල් වී ඇති බැවිණි. සහෝදරත්වයේ, මිත්‍රත්වයේ පණිවුඩය තේරුම් ගැනීමට නොහැකි තරමට අපගේ සිහි විකල් වී ඇති බැවිණි.මීට වෙනස් ආකාරයකට මට මෙම ප්‍රතිචාරය තේරුම් ගැනීමට නොහැකිය.

    (මතු සම්බන්ධයි..)


    පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් අපරාදෙ දුටු ගැමුනු රජතුමා එදා යුද්ද කරල සාසනේ ජාතිය බේර ගත්තෙ,සහොදරත්වය බෙදා ගෙන එලාරට පාලනේ දිල ඉන්ඩ තිබ්බෙ, ඔය තියරිය නිවටයන්ට පමනි.
     
    • Like
    Reactions: cybernalin

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Anagarikadharmapala.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය දේවල් කොච්චර දැම්මත් වැඩක් නැ. මුරුගසන් කෙසේ වෙතත් අන්තවාදය කියන වරුසාවෙන් මිනිස්සු තෙමිල ඉන්නෙ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම නම් කියන්නේ ඇමරිකාවේ English වගේ ලංකාවේ සිංහල ප්‍රචලිත වෙන්න ඕනේ, ඈත දුෂ්කර පළාත්වල ළමයි දෙමළ විතරක් දන්නවා නම් ඒ පැතිවල සිංහල ප්‍රචලිත කරන්න ඕනේ. සිංහල කියන්නේ සිංහලයාවේ භාෂාව විතරක් නෙවෙයි ඒක ලංකාවේ භාෂාවක්.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මම නම් කියන්නේ ඇමරිකාවේ English වගේ ලංකාවේ සිංහල ප්‍රචලිත වෙන්න ඕනේ, ඈත දුෂ්කර පළාත්වල ළමයි දෙමළ විතරක් දන්නවා නම් ඒ පැතිවල සිංහල ප්‍රචලිත කරන්න ඕනේ. සිංහල කියන්නේ සිංහලයාවේ භාෂාව විතරක් නෙවෙයි ඒක ලංකාවේ භාෂාවක්.

    Agreed :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම කියන්නෙ අපි ඉලග පියවර විදියට සින්හයා අයින් කරාල ඔටුවෙක් දාමු දෙමල අයට කොටියෙක් දලා දෙමු තව නැගෙනහිරට කොන නැති හම්බ රජෙක් පත්‍ය කර ගමු
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම කියන්නෙ අපි ඉලග පියවර විදියට සින්හයා අයින් කරාල ඔටුවෙක් දාමු දෙමල අයට කොටියෙක් දලා දෙමු තව නැගෙනහිරට කොන නැති හම්බ රජෙක් පත්‍ය කර ගමු

    :rofl::rofl:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    Facebook පිටු ඇසුරෙන් ජාතික ගීය දෙමළෙන් ගැයීම ප‍්‍රශ්නයක් වුණේ කාටද?
    යම්කිසි පුද්ගලයෙකුට ජාතික ගීය ගයන විට එම රට පිළිබඳව ආදරයක්, ගෞරවයක්, අභිමානයක් ඇතිවීමට නම් එම පුද්ගලයා ජාතික ගීය තමාට හොඳින්ම වැටහෙන, සිතට වදින භාෂාවකින් ගායනා කළ යුතුය. ඔබ සිංහල පුද්ගලයෙකු නම් ඔබේ මව ඔබට පුතා/දුව ලෙස ආමන්ත්‍රණය කළ විට එහි ඇති ලෙංගතු භාවය ඇය ඔබට மகன்/மகள் ලෙස ඇමතුවාට ඇති නොවනවා සේම දෙමළ පුද්ගලයෙකු සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුවාට ඒ තුළින් ශ්‍රී ලංකාව කෙරෙහි ඇතිවන ආදරය, ගෞරවය, අභිමානය ඔහු/ඇය කෙරෙහි ඇති නොවේ. එසේ නොවීමෙහි ප‍්‍රතිඵල වසර 30ක් පුරාවට අපි සියළුදෙනාම අත් වින්දෙමු.
    ජනවාරි අටවෙනිදා කළේ ඔක්කොම එකතු වෙලා පොදු සතුරව ඉවර කරන්න පදනම දැම්මා විතරයි. ඒත් ඒ ගොන් මිනිහා කරපු දේවල් හින්දා මේ සටනට එකතු වුනු අය අතරත් එක එක විෂමතා පැන නඟිනවා යම් යම් කරුණු රටේ යහපත තකා ඉෂ්ට සිද්ධ කරන්න යනකොට.
    මේ රට ඒකීය රටක්. ඒ රටේ ජාතික ගීයෙන් ඒ රටේ මිනිස්සුන්ට යම් හැඟීමක් එන්නේ ඒක එයාලගේ භාෂාවෙන් ගායනා කරද්දි නම් එහෙම කරන එක ප‍්‍රශ්නයක් වෙන්නේ කොහොමද..?
    අනික ඒ දේ මේ පහුගිය අවුරුදු 60 පුරාම සිද්ධ වෙච්ච දෙයක්.
    2010 දෙසැම්බර් 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමට එවකට හිටපු ඇමති ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නතර කළ යුතු බවට යෝජනාවක් ගෙනැවිත් එදා හිටපු එහෙයියෝ හා කියලා සම්මත කරලා නතර කරපු දෙයක් මේක.
    ඒ දේ මේ ජනාධිපතිවත් මොළේ කල්පනා කරලා රටේ සුභසිද්ධිය උදෙසා අයින් කරපු දේට ඇයි අපි විරුද්ධ වෙන්නේ.
    වැදගත්ම දේ වෙන්නේ මෙහෙම දෙමළෙන් ජාතික ගීය කිව්වද කියලාවත් දන්නේ නැති අය තමයි මේ දේට වැඩියෙන්ම විරුද්ධ වෙන්නේ.
    තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා, ඒ දේ තමයි මේ රටේ ජාතික ප‍්‍රශ්නයට විසඳුම තියෙන්නේ අපි තුළමයි කියන එක. අපි අපේ ආකල්ප වෙනස් කරගන්නේ නැතිනම් තවත් අවුරුදු කීපයකින් ආයිත් අපි දෙකට බෙදිලා ගහගන්න ගනිවී. එදාට ඉන්න බුද්ධිමත් ජනතාව අද හිටපු අයට ශාප කරයි හරියට අද අපි එදා මහින්ද කරපු ගොන් වැඬේට ශාප කරනවා වගේ…!!
     
    දෙමළ පුද්ගලයෙකු සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුවාට ඒ තුළින් ශ්‍රී ලංකාව කෙරෙහිඇතිවන ආදරය, ගෞරවය, අභිමානය ඔහු/ඇය කෙරෙහි ඇති නොවේ. එසේ නොවීමෙහි ප‍්‍රතිඵල වසර 30ක් පුරාවට අපි සියළුදෙනාම අත් වින්දෙමු.

    දැන් බං දෙමළ ජාතික ගීයක් තිබිලා නේ තියෙන්නේ 1948 ඉඳන්ම.....2010 දි මහින්ද නැති කරන කම් ඕක තිබ්බනේ....ඒත් ඔය කියන මළ ඉලව් යුද්දේ ආවා නේ........ඒ හින්දා ඔය කියන කාරණාව නම් ඇත්ත නෙමෙයි............
    මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක්....ඉතිහාසය පිළීබඳ ප්‍රශ්නයක්...ඒක ලෙහෙනකම් මේක විසඳෙන්නේ නැ..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Facebook පිටු ඇසුරෙන් ජාතික ගීය දෙමළෙන් ගැයීම ප‍්‍රශ්නයක් වුණේ කාටද?
    යම්කිසි පුද්ගලයෙකුට ජාතික ගීය ගයන විට එම රට පිළිබඳව ආදරයක්, ගෞරවයක්, අභිමානයක් ඇතිවීමට නම් එම පුද්ගලයා ජාතික ගීය තමාට හොඳින්ම වැටහෙන, සිතට වදින භාෂාවකින් ගායනා කළ යුතුය. ඔබ සිංහල පුද්ගලයෙකු නම් ඔබේ මව ඔබට පුතා/දුව ලෙස ආමන්ත්‍රණය කළ විට එහි ඇති ලෙංගතු භාවය ඇය ඔබට மகன்/மகள் ලෙස ඇමතුවාට ඇති නොවනවා සේම දෙමළ පුද්ගලයෙකු සිංහල භාෂාවෙන් ජාතික ගීය ගැයුවාට ඒ තුළින් ශ්‍රී ලංකාව කෙරෙහි ඇතිවන ආදරය, ගෞරවය, අභිමානය ඔහු/ඇය කෙරෙහි ඇති නොවේ. එසේ නොවීමෙහි ප‍්‍රතිඵල වසර 30ක් පුරාවට අපි සියළුදෙනාම අත් වින්දෙමු.
    ජනවාරි අටවෙනිදා කළේ ඔක්කොම එකතු වෙලා පොදු සතුරව ඉවර කරන්න පදනම දැම්මා විතරයි. ඒත් ඒ ගොන් මිනිහා කරපු දේවල් හින්දා මේ සටනට එකතු වුනු අය අතරත් එක එක විෂමතා පැන නඟිනවා යම් යම් කරුණු රටේ යහපත තකා ඉෂ්ට සිද්ධ කරන්න යනකොට.
    මේ රට ඒකීය රටක්. ඒ රටේ ජාතික ගීයෙන් ඒ රටේ මිනිස්සුන්ට යම් හැඟීමක් එන්නේ ඒක එයාලගේ භාෂාවෙන් ගායනා කරද්දි නම් එහෙම කරන එක ප‍්‍රශ්නයක් වෙන්නේ කොහොමද..?
    අනික ඒ දේ මේ පහුගිය අවුරුදු 60 පුරාම සිද්ධ වෙච්ච දෙයක්.
    2010 දෙසැම්බර් 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමට එවකට හිටපු ඇමති ඩබ්ලිව්.ඞී.ජේ සෙනෙවිරත්න මහතා, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම නතර කළ යුතු බවට යෝජනාවක් ගෙනැවිත් එදා හිටපු එහෙයියෝ හා කියලා සම්මත කරලා නතර කරපු දෙයක් මේක.
    ඒ දේ මේ ජනාධිපතිවත් මොළේ කල්පනා කරලා රටේ සුභසිද්ධිය උදෙසා අයින් කරපු දේට ඇයි අපි විරුද්ධ වෙන්නේ.
    වැදගත්ම දේ වෙන්නේ මෙහෙම දෙමළෙන් ජාතික ගීය කිව්වද කියලාවත් දන්නේ නැති අය තමයි මේ දේට වැඩියෙන්ම විරුද්ධ වෙන්නේ.
    තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා, ඒ දේ තමයි මේ රටේ ජාතික ප‍්‍රශ්නයට විසඳුම තියෙන්නේ අපි තුළමයි කියන එක. අපි අපේ ආකල්ප වෙනස් කරගන්නේ නැතිනම් තවත් අවුරුදු කීපයකින් ආයිත් අපි දෙකට බෙදිලා ගහගන්න ගනිවී. එදාට ඉන්න බුද්ධිමත් ජනතාව අද හිටපු අයට ශාප කරයි හරියට අද අපි එදා මහින්ද කරපු ගොන් වැඬේට ශාප කරනවා වගේ…!!

    උඹලට මොන රට ජාතිද? ආගම පතුරැවන්න අවස්තාවක් එනකන් ගිහින් නලල පොලොවෙ අතුල්ල අතුල්ල හිටපන්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං නං කියන්නෙ ජාතික ගීයෙ ලිරික්ස් අයිං කල්ල අර ස්පාඤ්ඤෙද කොහෙද වගේ මියුසික් එක විතරක් තියාගන්න ඕනෙ :D
    ඕනෙ නං ගේම් ඔෆ් ත්‍රෝන්ස් තීම් එක හරි වෝකිං ඩෙඩ් එක හරි දැම්මෑකි :baffled:
    ඒ නැතත් තියෙන එකේ මියුසික් එකම වුනත් ගන්න බැරියෑ :baffled:
    එතකොට එකෙක්ටවත් ප්‍රශ්නයක් නෑ :lol: :lol:
     

    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    demalen kiuva kiyala un vena ekak kiyanne nane. un kiyanneth api sinhalen kiyana theruma thamai. mnnam hithanne na eka veradi kiyala. adumagane un dena ganna epai api sinhalen me kiyanne mokakda kiyalavath. jathi vade aussana untanam meva veradi
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    උඹලට මොන රට ජාතිද? ආගම පතුරැවන්න අවස්තාවක් එනකන් ගිහින් නලල පොලොවෙ අතුල්ල අතුල්ල හිටපන්.

    ඒක මම සිංහලයෝ එක්ක කතකරන්නම්... 2010 දී දමල බාශාවෙන් තියෙන ජාතික ගීය තහනම් කරන්න කියන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනාවෙම උබ වගේම පිටින් සින්හලයෙක් වගේ ඉඳලා යටින් ජාතින් දෙකක් කොටවල පිට වාසිගන්න මාන බලන දැඩිමතධාරී ක්‍රිස්තියානි ලබ්දිකයෙක්.. 2010 දී ඒ ක්‍රිස්තියානි එකා කරපු යෝජනවක් නිසා ආයිත් නියම බෞද්ධ සිංහලයන් සහ දෙමල මිනිස්සු මරගන්න තත්වයක් ආයිත් ඇවිල්ලා...

    එදා උතුරේ ක්‍රිස්තියානි භක්තික මිනීමරු ප්‍රබාකරන් උතුරේ ශ්‍රීලාංකික දමල මිනිස්සු උත්සව වලදී ශ්‍රීලංකා තායේ හෙවත් ශ්‍රීලන්කා මාතා කියන ජාතික ගීය ගායනාකරන එකට විරුද්ධ වෙලා දමල මිනිස්සුන්ට ජාතික ගීයෙන් ශ්‍රීලංකා තායේ කියල මේ රටට කියන්න අවස්තාව නොදුන්නා... අද ඒ කොටයා නැතිකොට දකුනෙඋඉ ක්‍රිස්තියානි ලබ්දික ජෝන් සෙනවිරත්න කියන දේශපාලුවා... නැවතත් ඒ ප්‍රභාකරන් කරපු වැඩේම කරලා...

    උබලා හැන්ගි හැන්ගි තමයි ගේම දෙන්නේ... අන්තිමට සිංහල උනුයි, දෙමල උනුයි මරාගන්නකොට ක්‍රිස්තියානි බටහිර රටවල් ආයිත් ලන්කාවට අතපොවනවා...
    :baffled:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    මේ වෙලාවෙ රටට තියෙන ලොකුම අවශ්‍යතාවය ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමද?
    ඉන්දියවේ මිනිස්සු භාෂා 200ක් කථා කරත් තියෙන්නේ එක ජාතික ගීයක්, ඉතිං භාෂා 2ක් කථා කරන අපිට මොකටද ජාතික ගී දෙකක්....
    මෙච්චර කාලෙකට මේ රටේ ජාතික ගීය ගායනා කළේ සිංහලෙන් විතරයි... දැන් මොකටද දෙමළෙන්...?
    මේකෙන් වෙන්නේ ආපහු ජාතිවාදයක් ඇති වෙන එක......
    ජාතික ගී දෙකක් තිබුණොත් රටත් දෙකට බෙදෙයි.....


    ඉහතින් දැක්වූයේ මේ දිනවල ජනප්‍රියතම මාතෘකාව ඔස්සේ පිරිසක් විසින් නිර්මාණය කරගෙන ඇති තර්කයන් කිහිපයකි. මේ තර්ක වලට පදනමක් තිබෙනවාද? එක අතකට පදනමක් නැතුවාද නොවේ. එනම් මෙම තර්කයන් තුල ඇති එකම පදනම, ජාතික ගීය යළි දමිළ භාෂාවෙන් ගායනා කිරීමට වත්මන් ජනපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් එකඟතාවය පලකිරීමයි. එය මෛත්‍රී විරෝධී පිළට මෛත්‍රී විරෝධී මතයක් ගොඩ නැගීමට පදනමකි. මෙම තීරණයත් සමගින් පොටක් පාදාගත් ඔවුන්, දැන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත්කිරීමට පටන්ගෙන ඇත්තේ අඩුම තරමේ තමන් ඉදිරිපත්කරන තර්කය පිළිබඳවවත් අවබෝධයක් නැතිවය. මේ පිටුපස සිටින්නේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු මහින්දගේ පරාජයත් සමගින් යන එනමන් නැති වූ පිරිසක් බව දැන් කාටත් නොරහසකි. එවන් වූ පිරිසට ඔවුනගේම තර්කයන් පිළිබඳව යම් අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් මෙම සටහන තබමි.
    ඇත්තටම මේ දිනවල තියෙන ලොකුම අවශ්‍යතාවය ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමද? නැත. එය කිසිවිටෙකත් වත්මන් ජනපතිතුමන්ට හෝ වත්මන් රජයට ලොකුම අවශ්‍යතාවයක් නොවුනු අතර එය ලොකුම අවශ්‍යතාවයක් කරගෙන සිටින්නේ මෙම සිදුවීමෙන් යම් දේශපාලනික වාසියක් ලබාගැනීමට මාන බලන ජානිපෙ ඇතුළු සුළු පිරිසකි. නොඑසේනම් පසුගිය මාසයේ ජාතික කොඩිය බිම දමන්නට කටයුතු කළ, යළි ජාතිවාදයක් අවුළුවමින් රට ගිණි තබා හෝ තම අරමුණු කරා යාමට වෙර දරණ ජාතිවාදීන් පිරිසකි.
    මෙච්චර කාලෙකට මෙරට ජාතික ගීය ගායනා කළේ සිංහලෙන් පමණක්යැයි කියන්නවුන්ගේ දැනුම සම්බන්ධයෙන් අප අනුකම්පාකළ යුතුය. නිදහස ලබාගැනීමෙන් පසු පැවැත්වූ පළමු සංවත්සරයේදීම එනම් 1949 ක්වූ පෙබරවාරි මස 04 වන දින නිදහස් චතුරශ්‍රයේදී ජාතික ගීය සිංහල හා දමිළ භාෂා ද්විත්වයෙන්ම ගායනා කර තිබියදීත් අද එය අළුත් දෙයක් සේ පෙන්වමින් ජාතිවාදයක් වැපීරීමට උත්සාහ කිරීම පිළිබඳව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප කම්පා වෙමු. කළකට ඉහත මනාප 13000ක් ගත්ත විමල් වීරවංශට මනාප ලක්ෂ දෙක ඉක්මවා ලබාගත හැකි වූයේ මහින්ද නිසාය. සාමාන්‍ය පෙළවත් නැතිව, ඉංජිනේරු කටයුතු අමාත්‍ය ධූරය දැරුවේ මහින්දට පිං සිදුවෙන්නටය. එවන් විමල් වීරවංශලා, මහින්ද යළි කරලියට ගෙන ඒම වෙනුවෙන් ගන්නා උත්සාහය පිළිබඳව අපට ගැටළුවක් නැත. මහින්ද නැත්තං අපිට හෙටක් (යන එන මං) නෑ කියමින් රට පුරා බස් රැළි පැවැත්වූවාටද අපට ගැටළුවක් නැත. නමුත් කරුණු කාරණා මවාපාමින් ජාතිවාදයක් වැපිරීමට උත්සාහ කිරීම පිළිබඳවනම් අපට ගැටළුවක් ඇත.
    ඉන්දියාවේ භාෂා 200ක් කථා කරත් තියෙන්නෙ එක ජාතික ගීයක්ළු. ඉන්දියාවෙ තියෙන්නෙ එක ජාතික ගීයක් බවට තර්කයක් නැත. ඒත් භාෂා 200ක් නොව, ඉන්දියාවේ භාෂා 1652ක් ඇත. ගැටළුව ඇත්තේ, පසුගිය දිනවල ඉන්දීය අගමැතිතුමන්ගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව පළු යන්න බැනපු විමල් වීරවංශලා, දැන් විලි ලැජ්ජාවක් නැතුව ජාතික ගීය සම්බන්ධයෙන් උදාහරණයකට ගන්නේ ඉන්දියාවම වීමය. පසුගිය වසර 10 පුරාවට මෙරටට පැමිණියේ ගොත්‍රික නායකයින්ය. නොඑසේනම් පසුකාලීනව රටේ ජනතාවගෙන් ගුටි කා, දිවි පිදීමට සිදුවූ ගඩාෆිලා වැන්නවුන්ය. එවන් යුගයකින් පසු, ඉන්දීය අගමැතිවරයා වැන්නවුන් මෙරටට පැමිණෙද්දී පිරිසකට කාලා ඉන්නට බැරි විය. ඉන්දියාව, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගසනවා යැයි, අභූත චෝදනා නැගූ, ප්‍රතිපත්තියක් නැති එම පිරිසම දැන් ඉන්දියාවේ ජාතික ගීය ගැන කථාකරති. ඇයි ඉන්දියාවම? විමල් වීරවංශලාට සංචාරය කරන්නට හොඳ, ගිහිං අයිස් ක්‍රීම් කන්නට හොඳ, දර්ශනීය ස්ථාන වල සිට සෙල්ෆි ගසන්නට හොඳ, ජාතික ගීය භාෂා කිහිපයකින්ම ගායනා කෙරෙන ස්විට්සර්ලන්තය, නවසීලන්තය, කැනඩාව, දකුණු අප්‍රිකාව, බෙල්ජියම වැනි රටක් උදාහරණයකට නොගන්නේ මන්දැයි ගැටළු සහගතය.
    මහින්ද රාජපක්ෂ රජය මගින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් 07/2007 චක්‍රලේඛය නිකුත් කෙරෙන්නේ 2007 මැයි මස 28 වනදාය. එමගින් රජයේ සේවකයින්ට, සිංහල හා දමිළ භාෂා දෙකෙහිම ප්‍රවීණතාවයක් ලබා ගැනීම අනිවාර්ය කරද්දී, අද ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට එරෙහිව කෑ මොර දෙන විමල් වීරවංශලා සිටියේ කොහේදැයි අපි ප්‍රශ්න කර සිටිමු. මේවා අවශ්ථාවාදී පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් කෙරෙන ක්‍රියාත්මකවීම් යැයි මා පවසන්නේ එබැවිනි. මහින්ද යමක් කරොත් එහෙයි කියාගෙන සිටියවුන් මෛත්‍රී එවැනිම යමක් කළාම ගිරිය කඩාගෙන කෑගසන්නේ එබැවිනි.
    ජාතික ගීයක් ගායනා කරද්දී ජාතිය ගැන, රට ගැන හැඟීමක් නොදැනේනම් ඉන් පලක් තිබේද? දමිළ වැසියන් බහුතරයකට සිංහල නොවැටහේ. යන්තම් කථා කරගතහැකි වුවත් ජාතික ගීයේ අර්ථය නොවැටහේ. ඉතිං දෙමළෙන් හෝ ඉංග්‍රීසියෙන් හෝ ගයන්නේ “ශ්‍රී ලංකා මාතා.. අප ශ්‍රී ලංකා.. නමෝ නමෝ නමෝ මාතා”නම් එහි ඇති ගැටළුව කුමක්ද? එමගින් ඇතිවන ජාතිවාදය කුමක්ද? එමගින් රටට සිදුවන හානිය කුමක්ද?