ජාතික ගීය සංහලෙන් පමණයි!!!

මේ තීරණය ගුන ඔබේ &#346

  • පහුවෙලා හරි හොද තීරණයක්

    Votes: 32 64.0%
  • එහෙම කළ එක හරි නෑ

    Votes: 5 10.0%
  • මේකෙන් තවත් ප්‍රශ්ණයක් ඇතිවෙයි

    Votes: 9 18.0%
  • ආණ්ඩුවට වෙන වැඩ නැද්ද??

    Votes: 4 8.0%

  • Total voters
    50
  • Poll closed .

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ජාතික ගීය සංහලෙන් පමණයි!!!

    Print this
    1083239175wimal%20new.jpg


    ද්‍රවිඩ ජාතික ගීය විහිළුවක්-වැරැද්ද නිවරදි කළා

    December 13, 2010 12:50 pm

    ජාතික ගීය මින් ඉදිරියට ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් වන බවට ආණ්ඩුව විසින් ගෙන ඇති තීරණය අතීතයේ සිදුවූ වැරැද්දක් නිවරදි කිරීමට ගත් තීරණයක් පමණක් බව ඉදිකිරීම්,ඉංජිනේරු සේවා,නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    ලෝකයේ කිසිදු රටක ජාතික ගීය වෙනත් භාෂාවකට පරිවර්තනය කොට රට තුළ ගායනා නොකරන බව අමාත්‍යවරයා අද දෙරණට කියා සිටියේය.

    ඉන්දියාවේ භාෂා ගණනාවක් භාවිතා වුවද ජාතික ගීය ගායනා කරන්නේ එකම භාෂාවකින් පමණක් බවත්,එනම් හින්දි භාෂාවෙන් පමණක් බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

    ජාතික ගීය"ජාතික"වන්නේද ඒ තුළ සියලු ජාතීන් නියෝජනය වන බැවින් හා එකම භාෂාවකින් ගායනා කළද සියලුම ජාතීන් එය පිළිගත යුතු බැවින් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    1978 ව්‍යවස්ථාව තුළින් ජාතික ගීයේ ද්‍රවිඩ භාෂා පර්වර්තනයක් සකසා එය පසුව අධ්‍යාපන පෙළ පොත් වලට පවා ඇතුළත් කිරීම විහිළුවක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


    Ada derana
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    uni codes වල පොඩි කචල් එකක්. Poll එකේ වැරදියට ඇවිත්. sorry!!

    මෙලෙස නිවැරදි වියයුතුයි!!


    මේ තීරණය ගැන ඔබේ අදහස...
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    356305037SURESH-T.jpg

    වීරවංශ අමාත්‍යවරයා නොදැනුවත්කම ප්‍රදර්ශනය කළා

    December 13, 2010 01:22 pm

    ශ්‍රී ලංකාවේ ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීමට ලංකා ආණ්ඩුව විසින් තීරණයක් ගෙන ඇති බවට මාධ්‍ය මගින් වාර්තා වන බවත්,එය ඉතා කනගාටුදායක ආරංචියක් බවත් තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කරුණානිධි මහතා පවසයි.

    මෙම තීරණය සත්‍යයක් නම් තමන් එකී තීරණය දැඩි සේ හෙළාදකින බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා පැවසූ බව නක්කීරන් වෙබ් අඩවිය උපුටා දක්වයි.

    යුද්ධය පැවති වකවානුවේ ද්‍රවිඩ ජනයා දැඩිව මානසික කම්පනයකට ලක්ව සිටි බවත්,මෙම ආරංචියෙන් ඔවුන් වඩාත් කම්පනයට පත්වනු වැළැක්විය නොහැකි බවත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    ආණ්ඩුව විසින් ද්‍රවිඩ සංස්කෘතිය මිහිදන් කිරීමට පියවර ගනිමින් සිටින බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක,පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.

    ජාතික ගීය මින් ඉදිරියට සිංහල භාෂාවෙන් පමණක් ගායනා කළ යුතු බවට කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ අත්සනින් යුතුව ද්‍රවඩ ජාතික සන්ධානය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

    යුද්ධයෙන් මුදා ගත් ද්‍රවිඩ ජන ප්‍රදේශ සිංහලකරණය කරමින් සිටින බවත්,1956 දී කරනු ලැබූ සිංහල ජනපදකරණය යළි ආරම්භ කර ඇති බවටත් හෙතෙම චෝදනා කර සිටියි.

    එකදු සිංහලයෙකු හෝ නොමැති ද්‍රවිඩ ජන ප්‍රදේශ වල පන්සල් ඉදිකරමින් සිටින බවත්,මෙය ජාතිභේදවාදය යළි පණ ගැන්වීමට දරන අවාසනාවන්ත උත්සාහයක් ලෙස තමන් හඳුනා ගන්නා බවත් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. ‍

    මේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්"ලෝකයේ කිසිදු රටක ජාතික ගීයක් වෙනත් භාෂාවකින් ගායනා කරන තත්ත්වයක් දක්නට නොලැබෙන බවත්,ඉතිහාසයේ සිදුවූ වැරැද්දක් නිවරදි කිරිමට පියවර ගත් බවත්"විමල් වීරවංශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවද ප්‍රේමචන්ද්‍රන් මහතා සිහිපත් කරයි.

    එසේ වුවද එසේ ප්‍රකාශ කිරිම තුළින් විමල් වීරවංශ අමාත්‍යවරයා තම නොදැනුවත්කම ලෝකයට ප්‍රදර්ශනය කර ඇතැයිද ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියි.

    ඉන්දියාවේ ජාතික ගීයේ නිර්මාතෘවරයා පහත් කුලයක ඉපදුණු අයෙකු බවත්,එය නිර්මාණය කරන ලද්දේ වංග භාෂාවෙන් බවත්,පසුව කුල භේදය හෝ භාෂාව නොසලකා එය හින්දි භාෂාවට පරිවර්තනය කළ බවත් ඔහු අවධාරණය ක‍රයි.

    එසේම ස්විස්ටර්ලන්තයේ ජාතික ගීය භාෂා හතරකින් ගායනා කරන බවත්,කැනඩාවේ ජාතික ගීය භාෂා තුනකින් ගායනා කරන බවත්,දකුණු අප්‍රිකාවේ භාෂා පහකින් ගායනා කරන බවත්,මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

    එසේ වුවද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අපගේ ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය අපගේ ජාතික ගීයේ ගරුත්වය ආරක්ෂා කිරීමට ගත් තීරණයක් බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.

    ජාතික ගීයට දෙමළ අනුවාදයක් එකතු කරන ලද්දේ අනාගතයේ බෙදුණු ලංකාවක් අපේක්ෂා කළ කොටි හිතවාදීන් බවත්,එකී හිතවතුන් මෙම අවස්ථාවේදීද ජනාධිපතිවරයාගේ තීන්දුවට එරෙහිවීම සම්බන්ධයෙන් පුදුම නොවිය යුතු බවද දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ සභාපති දොස්තර ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වේ.

    Ada derana
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ගොඩක් රටවල තියෙන්නෙ එක ජාතික ගීයයි.
    ඒකට භාෂාවෙ ප්‍රශ්නයක් නෑ. ඒක තමයි ජාතික ගීය.
    නමුත් කාලයක් පැවති දෙයක් වෙනස් කරන කොට යම් ගැටළු මතු වෙන්න පුළුවන්.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ai lankawe sinhalayo witharadhe inne?.....

    lol...bro shimmer down...i know Sinhalese....just not so much...and no i am not sinhalese.....:rolleyes::rolleyes:


    Minister of Housing and Construction, Wimal Weerawansa voiced his support towards the Cabinet decision to do away with the Tamil version of the National Anthem, branding this practice a joke.


    He said that in no other country is the National Anthem sung in multiple languages including India where the National Anthem is only sung in Hindi despite the hundreds of languages been spoken in the country.


    “Only in Sri Lanka is this being practiced and it’s a joke. This decision was simply a correction of an error made through the Constitution of 1978,” he added.
     

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    @MuslimLankan....thanx for the link...i think i understand the situation now....

    lol.....ekkai mamth hituwe ai me gollang occhara bite unne kiyala.....

    i love my country.....and my national anthem IS the sinhalese version.....

    the language of a country is not important to me...and i don't care if i can't say the national anthem in Tamil or whatever....

    for the anthem i do know IS in sinhalese.....

    for me i am too proud to be called a citizen of this country...and call you all my fellow brothers/sisters.....to bother about such simple things......

    jaya shri.....:D:D:D:love:
     
    • Like
    Reactions: MuslimLankan

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    @MuslimLankan....thanx for the link...i think i understand the situation now....

    lol.....ekkai mamth hituwe ai me gollang occhara bite unne kiyala.....

    i love my country.....and my national anthem IS the sinhalese version.....

    the language of a country is not important to me...and i don't care if i can't say the national anthem in Tamil or whatever....

    for the anthem i do know IS in sinhalese.....

    for me i am too proud to be called a citizen of this country...and call you all my fellow brothers/sisters.....to bother about such simple things......

    jaya shri.....:D:D:D:love:

    Jaya Shri bro!
    11.gif
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    mage adahasath lankawe thibiya yuththe eka jathika giyak,eth eken janawargika prashnayata wisadumak ho sinhala jathiye araksha thahawuru wimak sidu wenne naha
     

    Similar threads