ජාතික ජනබලවේගයේ මැයි රැලිය වෙනුවෙන් බස් රථ 5,500ක් කොළඹට..🔴🔴😱😱

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,506
    47,651
    113
    ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැලිය සඳහා දිවයින පුරා බස් රථ 5,500ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසනවා.

    ඒ අනුව, එම බස් රථ මගින් විශාල පිරිසක් ගාලු මුවදොරට පැමිණෙනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

    එම බස් රථ කොළඹට පැමිණෙන විට බස් රථ ගාල් කිරීම සඳහා කාන් වටරවුම, කොටුව දුම්රිය පොළ ඉදිරිපිට, රීගල් සිනමා ශාලාව ඉදිරිපිට, පැරැණි මැනිං මාර්කට් වෙළෙඳපොළ, ගාමිණී වටරවුම, බාලදක්ෂ මාවත, ගාලු මැද පාර, පැරැණි එම්.ඕ.ඩී. භූමිය, ගුවන් හමුදාව ඉදිරිපිට ප්‍රදේශය, චිත්තප්පලම් ගාර්ඩිනියා මාවත, කොල්ලුපිටිය හන්දිය, නෙළුම් කුළුණ අසල රථ ගාල් සූදානම් කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

    නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කොළඹ නගරය තුළ රථවාහන හැසිරවීම සදහා රථවාහන නිලධාරීන් 850 ක් පමණ යෙදවීමට කටයුතු සූදානම් කර ඇති අතර, ඊට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු 2000 කට ආසන්න නිලධාරීන් සංඛ්‍යාවක් කොළඹට යොදවන බවයි.

    aOBSB5A.jpeg


    https://www.itnnews.lk/2025/05/01/6...xFmXhxIboOBzIMJ_1E_aem_ZA5WZEzNOB99ehDF2SAyfg