ජාතික රූපවාහිනී, අයිටීඑන්, සිරස මාධ්‍ය ආය&#350

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    ජාතික රූපවාහිනී, අයිටීඑන්, සිරස මාධ්‍ය ආය&#350

    Lankaenews :(:(:(:(:(:(:(:(:(:( බොරුද දන්නේ නෑ.
    නියෝග කැඩුවාට දඬුවමක්: ජාතික රූපවාහිනී, අයිටීඑන්, සිරස මාධ්‍ය ආයතන 3 ට නිල ප්‍රතිඵල ලබා නොදීමට මැකෝ තීන්දු කරයි----

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.4.30) ජනාධිපතිවරණ කාලය තුල මැතිවරණ කොමසාරිස් වරයාගේ නියෝග තුට්ටුවකට නොසලකා ක්‍රියා කළ රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක් සහ එක් පුද්ගලික මාධ්‍ය ආයතනයකට ඡන්ද ප්‍රතිඵල විකාශය කිරීම සඳහා නිල මැතිවරණ ප්‍රතිඵල ලබා නොදීමට මැතිවරණ කොමසාරිස් වරයා තීන්දු කර තිබේ.

    මෙම මාධ්‍ය ආයතන නම් ජාතික රූපවාහිනිය, අයිටීඑන් ආයතනය සහ සිරස මාධ්‍ය ආයතනය වෙති. මෙම මාධ්‍ය ආයතන වලට එදින මැතිවරණ කාර්යාලයට ඇතුළුවීමට කොමසාරිස් වරයාගේ අවසර පත්ද නොලැබෙනු ඇත. ඔවුන් ඡන්ද ප්‍රතිඵල විකාශය කරන්නේ නම් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ ප්‍රචාරය වූ පසු ඉන් ලබා ගෙන විකාශය කිරීමට සිදුවේ.

    මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග කඩ කරමින් කටයුතු කිරීම නිසා රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිල මැතිවරණ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ද කොමසාරිස් වරයා විසින් මීට පෙර අත්හිටුවන ලදී

    රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පයින් ගසමින් රටක නීතියක් නැතැයි කියා සිතා රාජපක්ෂ රෙජීමයේ වුවමනාවන් ඉෂ්ඨ කළ මාධ්‍ය ආයතන වලට මෙය නිසි පාඩමක් වනවා ඇත.
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    10885370_605756126222880_5559152859687632366_n.jpg
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    නිවුස් එක ඇත්තනම් මුන්ට හොදම වැඩේ, නියමයි. ඔය චැනල් තුනම රෙදි නැතුව කඩේ ගියේ. :yes:
     

    henryt

    Junior member
  • Mar 16, 2008
    117
    10
    18
    ජාතික රූපවාහිනිය හමුදාව සමග එක්ව රාජපක්ෂ පාලනයට යටත් කරයි

    Rupavahini.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.ජන.06, ප.ව.6.20) ජාතික රූපවාහිනියේ සාමාන්‍ය පරිපාලනය අත්හිටුවා අද රාත්‍රී සිට ඍජුවම ආරක්ෂක හමුදා සමග රාජපක්ෂ පාලනයට නතු කර ගැනීමට යන බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
    මේ අනුව පරිපාලන අංශ ප්‍රධානියාගේ අනුමැතිය ලත් අය හැර අන් කිසිවෙකුට රූපවාහිනී භූමියට ඇතුළු වීමට ඉඩ නොදෙනු ඇත.
    මේ සම්බන්ධයෙන් අද සවස ලිඛිත නියෝගයක් නිකුත් කර තිබේ.
    ඒ මෙසේය.
    ජනාධිපතිවරණය පරිපාලන අංශය
    සියළුම අංශ ප්‍රධානීන්ට
    2015 ජන 06

    අද දින රාත්‍රී සේවා මුර රාජකාරියේ හෝ වෙනත් රාජකාරී අවශ්‍යතාවයන් මත රාත්‍රී සේවයේ නියුතු නිලධාරීන්ගේ ලේඛනයක් අද 6 දා සවස 3 ට පෙර අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කරන්න.
    අංශ ප්‍රධානියාගේ අවසරයකින් තොරව කිසිදු නිලධාරියෙකු අද පස්වරු 6 න් පසු සංස්ථා පරිශ්‍රයේ රැඳී නොසිටිය යුතු අතර අත්‍යාවශ්‍ය රාජකාරියක් නොමැති කිසිදු නිලධාරියෙකු සංස්ථාව තුල රඳවා නොගත යුතු බවටද දැනුම් දෙමි.
    චන්ද්‍රපාල ලියනගේ
    අධ්‍යක්ෂ ජෙනරාල්

    පිටපත
    ප්‍රධාන ආරක්ෂක නිලධාරී
    ලේඛනයේ නොවන සඳහන් නිලධාරීන් සංස්ථා පරිශ්‍රයට ඇතුලුවීම හෝ පරිශ්‍රයේ රැඳී සිටීම සිදු නොවිය යුතුය.

    මෙම ලිඛිත නියෝගයෙන් පසු අංශ ප්‍රධානීන් අවසර දී ඇත්තේ තෝරා බේරා ගත් රාජපක්ෂ රෙජීමයට සම්බන්ධ අන්ත මරාවාදීන්ගේ නම් ලැයිස්තුවකට පමණය. මේ සම්බන්ධයෙන් වැදගත් අංශයක නිෂ්පාදක වරයෙක් ‘මේ කියන්නේ හෙට සිට අප රැකියාවට නොපැමිණිය යුතුද? යි අංශ ප්‍රධානිගෙන් අසා ඇත. එවිට දී ඇති පිලිතුර නම් ‘ඔව්‘ යන්නයි.
    මේ අතර ලංකා ඊ නිව්ස් වෙත පසුව ලැබුනු නිල නොවන වාර්තා වල සඳහන් වන්නේ ජාතික රූපවාහිනියට ආරක්ෂක හමුදා සියයකට අධික පිරිසක් සහ යුද හමුදා බෆල් රථ 3 ක් යවා ඇති බවයි.
    පසුගිය කාලයේ SLTTI රූපවාහිනී පුහුණු කිරීමේ ආයතනය ගෙන්වන ලද යුද හමුදා නිලධාරීන් කන්ඩායමකට රූපවාහිනී ආයතන ක්‍රියාකාරිත්වය ගැන පුහුණුවක් ලබා දී තිබේ.
    මාධ්‍යවේදීන් කැඳවා මාධ්‍ය හමුවලදී පිලිතුරු දෙන ආකාරය පවා යුද හමුදා නිලධාරීන්ට පුහුණු කරවූ බව ලංකා ඊ නිව්ස් මීට මාස ගණනාවකට පෙර වාර්තා කර තිබිණ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150106_election_commissioner_media

    මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ අවසන් වීමෙන් පසුවත් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රචාරක කටයුතු කරන බවට චෝදනා ගණනාවක් ජාතික රූපවාහිනියට, ස්වාධීන රූපවාහිනී සේවයට සහ ගුවන් විදුලි සංස්ථාවට එල්ල වෙලා තිබුණා. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා තමන්ගේ දැඩි අවධානය යොමු කරලා එම ආයතනවලට ලිපියක් යවා තිබෙනවා.’
    ‘ඒ ලිපියෙන් කියවෙන්නේ මේ පක්‍ෂග්‍රාහී ක්‍රියාකාරකම් වැළක්වීමට ක්‍රියා නොකරන්නේ නම් මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු වලින් මෙම ආයතන ඉවත් කිරීමට කටයුතු කරනවා කියලා.’ කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පැවසීය.
    ඔහු සඳහන් කළ මෙම ලිපිය පිළිබඳ පුවත සනාථ කර ගැනීම සඳහා ඉහත කී රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ මැතිවරණ කොමසාරිස්වරයා ඇමතීමට අප ගත් උත්සාහය සාර්ථක වූයේ නැත.
    නමුත් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ මාධ්‍ය ආයතන කිහිපයකට මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් යවා ඇති නමුත් එහි අන්තර්ගතය නොදන්නා බවයි.
     

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    අම්මට හිකෙයි අයිටීඇන් එකට නොදුන්නොත්..