ජාතියක අභිමානය, කුහකයෝ සහ හරක්

Feb 20, 2015
588
203
0
ජාතියක අභිමානය, කුහකයෝ සහ හරක්

උපුටාගැනීම : සිංහල සංගේදම
13263742_871657832964029_8106989447671173079_n.jpg


ජිහාඩ් ත්‍රස්තවාදීහු ඇමරිකානු සුපිරි ආරක්ෂ පද්ධතීන්ට මැදිව තිබු පෙන්ටගනටත්, ලෝක වෙළඳ මධ්‍යස්ථානයත් ඉතා පහසුවෙන් තම ඉලක්ක බවට පත්කර ගත්හ. ඒ බිහිසුනු ප්‍රහාරය සිදුවූයේ, සැප්තැම්බර් මාසයත 11 වනදාය. එදා සිට ලෝකයම නයින් - ඉලෙවන් ගැන කතා කරන්නට පටන් ගත්තේය. තමන් අපරාජිතයැයි සිතූ බිහිසුනු ත්‍රස්තවාදී ජාලයක් පරාජය කරන්නට අතිබහුතර සිංහල රණවිරුවන් හා එක්වූ දේශප්‍රේමී දෙමළ හා මුස්ලිම් සාමාජිකයන්ගෙන් පිරිසකගෙන්ද සමන්විත වූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නෛතික ත්‍රිවිධ හමුදාවෙන් හා පොලිසියෙන් සමන්විත වූ බලමුළුවක් ඒ තුච්ඡ ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කරන්නට සමත්වූ මෙහෙයුම රටක ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමක් වන්නේ ඇයිදැයි නොදන්නවා නම් ඒ ස්ංසකෘතියකට අයත් නැති තිරිසනෙකු විය යුතුය. නැත්නම් පූර්ණ මානසික ආභාධිතඅයෙකු විය යුතුය. යුද්ධය ජයගත්තේ කවුරුන්, කවර පක්ෂය බලයේ සිටියදී දැයි යන්න ද්වීතීයික කාරණයකි. එහෙත් අතීෂය සංකීර්ණ සමාජ, ආර්ථික, දේශපාලනික, තාක්ෂණික වටපිටාවක අපි රටක් ලෙස ත්‍රස්තවාදය ජයගතිමු. මෙහිදී අපි යනු සිංහල දෙමල හා මුස්ලිම් මිනිසුන්ගෙන් සමන්වි. මේ දේශයේ සබුද්ධික, ආභාධිත නැති පුරවැසියන්ය.

මේ ජයග්‍රහනය ඇමරිකාව ලද ජයග්‍රහනයක් නම්, 5/18 යනු එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක්ද කර අවසන්ය. එපමණක් නොව, පසුකාලීනව හෝ පත්වන වෙනත් ආන්ඩුවක නිලධාරියකු වුව ඒ දිනයේ වැදගත්කම හෙළා දකීද, සී අයි ඒ සංවිධානය ඒ නිලධාරියාට ‘සලකනු‘ නොඅනුමානය.

කරුමෙට මේ ජයග්‍රහනය ලැබුවේ සබුද්ධික මිනිසුන් ඉතා අඩුවෙන් සිටින, කුහකයන් හා හරක් අති බහුතරයක් සිටින රටක්ය. ඒ ඓතිහාසික ජයග්‍රහනය ලබද්දී දේශපාලන නායකත්වය හෙබවූ පිරිස් ඒ ජයග්‍රහනය ජාතික ජයග්‍රහනයක් කිරීමට ගත් වෙහෙසට හා කළ ආයෝජනයට වඩා වැඩියෙන් කළේ තමන්ගේ බූදලයක් බවට ඒ ජයග්‍රහණය පත් කර, එය තම දේශපාලන ගමන් මගේ තුරුම්පුව බවට පත් කරගන්නටය. හරිහමන් බුද්ධියක් ඇතිව ක්‍රියා කලේ නම්, ඒ ජයග්‍රහනය මේ රට භෞමිකව හා දේශපාලනිකව ඒකීය රටක් බවට පත්කර පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නැති කිරීමට හැකියාව තිබිණි. නමුත් රටට ජාතියට වඩා පක්ෂය බදා ගැනීම අවසන් වන්නේ යුද්ධය ඇතිවූයේ මේ රටේම දෙපිරිසක් අතර යැයි අදහන ඔලමොට්ටලයන්ගේ අතට බලය යෑමෙනි. පිරබාහරන්ගේ උපන්දිනයට ඉටිපන්දම් පත්තු කරන සමලිංගිකයන්, ගංජාකාරයන්ගෙන් සමන්විත අලුගුත්තේරු පරපුරක් කලාව ආක්‍රමණය කිරීමෙනි. කන්නට බොන්නට මළ මුත්‍රා කරන්නට මත්තෙන් පවා ජාතික සංහිදියාව එහා මෙහා වේදැයි සිතන වල්බූරු නිලධාරි පන්තියක් රාජ්‍ය සේවය ආක්‍රමණය කිරීමෙනි.

අවසානයේ සිදුවූයේ ජාතියට අවැඩකි. ඒ අන් කිසිවක් නොව, වීර දිනයක් අහිමිවීමය. වීරයන් සමරන්නට වීරයන් බලයේ සිටිය යුතුය...අප නිතර අවධාරණය කරන පරිද්දෙන් සිඟාලයන් රැලක් බලයට පත්ව සිටින යුගයක සිංහයන්ට ජීවත් වන්නට සිදුවන්නේ වේදනාවෙනි; දුකෙනි.

5/18 දා අප සිහිපත් කරන්නේ නන්දිකඩාලය දිග්විජය කල සේනාංකයන් පමණක් නොවේ. ඒ සැමරුම 1980 දශකයේ මුළභාගයේදී යාපනයේ යුද හමුදා කඳවුරක කාර් බොම්බයෙන් මරා දැමුනු සෙබලුන් 13 ගෙන් ඇරඹිය යුතුය. එදා මෙදාතුර මරා දැමූ ත්‍රිවිධ හමුදා, පොලිස් නිලධාරීන්, භික්ෂූන් වහන්සේ, සිවිල් වැසියන් සියල්ලන් සිහිපත් කළ යුතුය. දෙස් විදෙස් රාජ්‍ය නායකයන්, සියලු දෙනා සිහිපත් කළ යුතුය. භූතානයේ තිම්පු නුවර සිට ස්විට්සර්ලන්තයේ ජීනීවා දක්වා නිල් ආන්ඩුද, කොල ආන්ඩුද කොටියා සමග සාමා සාකච්ඡා මුවාවෙන් යහන්ගත වූ ආකාරය, ඒ නයින් ඌ අපේ මුද්ධ දේශපාලක එකැස් කණුන්ගේ ඇස් වලට වැලි ගසා රාජ්‍යතාන්ත්‍රිකව ශක්තිමත් වූ හැටි සිහිපත් කළ යුතුය. ඒ කොටි මේ කොටින්ගෙන් නසන්නට ඒ කොටින්ට ආයුධ දුන් හැටිද සිහිපත් කළ යුතුය. අහිංසක සෙබලාට ගේ නිල ඇදුමේ බොත්තමෙන්ද, කකුල් කුණු වෙදිදී එය නොතකා මවුබිම රැකි සිංහ පැටවුනට ලැබිය යුතු ඇපල් ගෙඩියන්ද ගසාකෑ හැටිද සිහිපත් කළ යුතුය. ඒ දිගු ගමන අවසානයේ නෙවී පිල්ලේලා, හුසේන් කුමාරයාලා ආදීන්ගේ ආගමනය, දෙමුහුන් අධිකරන ආදී කෙලි ගැනද සිහිපත් කළ යුතුය. එසේම සම්බන්ධන් නමින්, විග්නේශ්වරන් නමින්, හා විජය ලෙච්චිමී මහේෂ්වරන් නමින් හා තවත් බොහො දෙනා නමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක සක්‍රිය බෙදුම්වාදී ක්‍රියාන්විතයක් ඇති බවද පිළිගත යුතුය.

අවසාන වශයෙන් ජීවිත පිදු 27,000ද, අතපය ඇස් කණ් දන්දුන් දසදහස් ගණනක්ද සිටියදී, සක්‍රිය දෙමල බෙදුම්වාදී මෙහෙයුමක් ක්‍රියාත්මක් වෙද්දී, එයට අනුබල දෙන ඊළාම් සිතියම අදින්නට පාට පැන්සල් දෙන, ඇන්ද පසු අත්සන් කරන්නට දිව දික්කරං බලා සිටින ගොබ්බ දේශපාලන ජුන්ටාවක් එක පැත්තකද, තමන් රට බේරාගත්තායැයි කියන පිරිස අනික් පසද සිට, රට බෙදා දෙන ඔප්පුව හෙවත් ව්‍යවස්ථා සංශෝධනය ගැන වදනකදු නොකියා, වයි ෆයි, වැට්, පාන් මිල, වාහාන මිල, මූල්‍ය වංචා ගැන කතා කරන, තර්ක කරන, වේදිකා අභියස ඔලුගෙඩි ගණන ගණින බහුබූත නූතනයක ජාතිකවාදීන් අතලොස්සක් අන්දුන් කුන්දුන්ව ජීවත් වෙති. යම් යම් දේ කරන්නට වෙර දරති. අනික් වුන් හරක් මෙන් කෑ දේ වමාරා කමින් නිදති. රට වැනසෙද්දී ඊට ප්‍රතිචාර දක්වන්නට ස්වභාව ධර්මයාට ඇති උනන්දුව හා පිට කොන්දවත් උන්ට නැත.
 

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වලියට නෙවෙයි දැනගන්න අහන්නෙ. යුද්ධ ජයග්‍රහණ සමරණ වෙන රටවල් තියෙනවද? එයාල සමරන්නෙ මොන යුද්ධද?
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid
    වලියට නෙවෙයි දැනගන්න අහන්නෙ. යුද්ධ ජයග්‍රහණ සමරණ වෙන රටවල් තියෙනවද? එයාල සමරන්නෙ මොන යුද්ධද?

    2015 China Victory Day Parade, September 3, 2015, a military parade to celebrate the 70th anniversary of Victory over Japan Day of the Second World War.

    2015 Moscow Victory Day Parade, to commemorate the 71st anniversary of the capitulation of Nazi Germany in 1945.

    :P
     
    Last edited:

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    වලියට නෙවෙයි දැනගන්න අහන්නෙ. යුද්ධ ජයග්‍රහණ සමරණ වෙන රටවල් තියෙනවද? එයාල සමරන්නෙ මොන යුද්ධද?

    Loke lokuma balawathatath thasthwadaya thama paradda ganan bari unath ape punchi rate tharsathwaday ain kala. Ow eka samaranan oni deyak thamai. Ubala wena rata wala magul dewal samarawanam ape rate deyak samarana kota eka abhimanayak.

    Jeewatha gana pooja karala bera gatha meka. Methana samaranawa kiyanne bajaw dana eka newei. eka abhimanen samaranne. Mata penna ubath NGO ekka kakek Ara aluth parapure ekek da uba :)

    Machan Uba lankawe ipadicha ekak widahata man danna na uba ath dakala thiyenawa da kiyala e kale LTTE eken bombyak koi wele pupurai da kiyala bayan hitapu kalapayk lankawe thibba. Uba e kale ipdila therena age ekka hitiya da danne na. Eth mama hitiya EK eke godak un inna athi.
    Anna e baya dakapu eke widapu eke mehema ahanawa nam u gana katha karala wadak na.

    Mokada meke wijayagrahanayak ratakata loku abhimanayak anna ekai samaranne. nathu me bajawa dala nata eke newei.

    Mathaka thiyagani ubala wage un bere ganna dahas ganan sebalu maruna. anna ekata aduma gane 1minite silent ekak hari dena eka thamai samarumak kiyanne.
     
    Feb 20, 2015
    588
    203
    0
    වලියට නෙවෙයි දැනගන්න අහන්නෙ. යුද්ධ ජයග්‍රහණ සමරණ වෙන රටවල් තියෙනවද? එයාල සමරන්නෙ මොන යුද්ධද?

    China celebrates World War II victory
    150903130629-13-china-military-parade-0309-super-169.jpg

    150902233530-china-tanks-super-169.jpg

    Victory in Europe Day, celebrated on 8 May 1945 to mark the formal acceptance by the Allies of World War II of Nazi Germany's unconditional surrender of its armed forces. It thus marked the end of World War II in Europe.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    China celebrates World War II victory
    150903130629-13-china-military-parade-0309-super-169.jpg

    150902233530-china-tanks-super-169.jpg

    Victory in Europe Day, celebrated on 8 May 1945 to mark the formal acceptance by the Allies of World War II of Nazi Germany's unconditional surrender of its armed forces. It thus marked the end of World War II in Europe.
    දන්නෙ නැති හින්දා දෙයියො අහන්නේ.. ලන්කාව කොයි රටෙන් ඇවිත ආක්‍රමනය කොලේ සමරන්න ඊයේ? ඇත්තටම දන්නේ නැ,, කවුරුහරි රටක් එක්ක අපි යුද්දයක් කලාද??
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    වලියට නෙවෙයි දැනගන්න අහන්නෙ. යුද්ධ ජයග්‍රහණ සමරණ වෙන රටවල් තියෙනවද? එයාල සමරන්නෙ මොන යුද්ධද?

    Guess what , most of the countries could not ever win a war against terrorism, except for SL. And other countries celebrate the fallen soldiers the ones who sacrifice their lives for the country. Example Anzac Day.
     

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    Guess what , most of the countries could not ever win a war against terrorism, except for SL. And other countries celebrate the fallen soldiers the ones who sacrifice their lives for the country. Example Anzac Day.
    Guess again dear.. Other countries fight terrorism against another country. Don't compare civil war with a war declared among countries.. There are so many domestic terrorism were defeated by so many countries in history.. Just read the history.
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Guess again dear.. Other countries fight terrorism against another country. Don't compare civil war with a war declared among countries.. There are so many domestic terrorism were defeated by so many countries in history.. Just read the history.

    Maybe you need to do your home work dear, I suppose you have not seen the worst of the war, we grew up with the war and took part in it. My point was that countries always remember and honer their fallen. A country who cannot honor the ones who gave up their lives has no future. I am not saying that we need to glorify war, but it's good for a change to balls to accept that there was terrorism in SL and it was successfully delt with.

    TO make it clear "Terrorism isn't a person or an organization, it's an act. It is the DELIBERATE OR GROSSLY NEGLIGENT use of violence against the non-involved, usually civilians, to influence the involved.( Maybe do a bit of reading on the LTTE Attacks)
    what we had in SL is not a civil war.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,405
    2,002
    113
    Guess again dear.. Other countries fight terrorism against another country. Don't compare civil war with a war declared among countries.. There are so many domestic terrorism were defeated by so many countries in history.. Just read the history.

    අනෙ බුදු මචන්, පිට රටවල් වල ත්‍රස්තවාදි ක්‍රියා කරපු(international terrorism acts), රටක හමුදාවක් වගෙ වෙන වෙනම යුද ගුවන් නාවික wings පවත්වගෙන ගියපු ත්‍රස්තවාදී සන්විදානයක් පරාද කරපු එක රටක් කියපන්කො.
    පා.ලි දෑන් නිකන් මලයන් insurgency, මාවු මාවු වගෙ උදාහරන එපා .

     
    Last edited:

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,405
    2,002
    113
    දන්නෙ නැති හින්දා දෙයියො අහන්නේ.. ලන්කාව කොයි රටෙන් ඇවිත ආක්‍රමනය කොලේ සමරන්න ඊයේ? ඇත්තටම දන්නේ නැ,, කවුරුහරි රටක් එක්ක අපි යුද්දයක් කලාද??

    මහත්ත්යා අහන්නෙ සිවිල් යුද්දයක් සමරන රටවල් තියනවද කියලද? එක නිසා සිවිල් යුද්දයක ජය අපිට සමරන්න බෑ කියන එක නෙද ප්‍රශ්නෙ යටි තෙරුම? මම දන්න එහෙම එක රටක් තියනවා. එක තමා උබලා හෑමදාම අදුරුස ගන්න ඈමරිකාව. එහෙ තියනවනෙ ඈමරිකානු සිවිල් යුද්දෙ මෑරිච්ච හමුදා සෙබලු සමරන්න Memorial day කියල මගුලක්.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වලියට නෙවෙයි දැනගන්න අහන්නෙ. යුද්ධ ජයග්‍රහණ සමරණ වෙන රටවල් තියෙනවද? එයාල සමරන්නෙ මොන යුද්ධද?
    මයිත්රීට තවත් කඩේ යන උබ වගේ උන්ට සාප වෙනවා... එදා පාමංකඩ ගිය කාලකන්නි දැන් යුද්දේ ගැන අහන්න එනවා.. තූ
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මානුෂීය මෙහෙයුමේ මතකයන්
    ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් මකයි


    සමන් ගමගේ

    එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කළ මානුෂීය මෙහෙයුමේ විජයග්‍රහණයට අදාළව ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළවූ සියලුම මතකයන් ඉහළ නියෝගයකට අනුව ඉවත්කර තිබේ.

    නව රජය බලයට පත්වීමෙන් පසු ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය ක්‍රියාත්මක කෙරුණු දත්ත ගබඩා සහ හුවමාරු උපකරණ (සේවර්) මාරු කිරීමක්‌ සිදුව ඇත.

    එහිදී සිදුවූ කිසියම් දෝෂයක්‌ නිසා චැනල් ෆෝ නාලිකාවට සහ එල්ටීටීඊයට සම්බන්ධ පැරණි සටහනක්‌ යළි පළවීමේ සිද්ධියක්‌ මුල්කර ගනිමින් මෙසේ විජයග්‍රහණයේ මතකයන් ඉවත් කර තිබේ.

    මෙසේ වැරදීමකින් එල්ටීටීඊ විරෝධී සටහන ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ යළි පළවීමත් සමග කොටින්ගේ 'ටැමිල් නෙට්‌' වෙබ් අඩවිය මගින් ඒ බව ඉස්‌මතු කර පෙන්වාදීමේ සිද්ධියක්‌ද විජයග්‍රහණයේ තොරතුරු ඉවත් කිරීමට හේතුවී ඇත.

    ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය ඒ බව පළ කිරීමෙන් පසු වත්මන් ආරක්‌ෂක මණ්‌ඩලය තුළද ඒ ගැන දැඩි කතාබහට ලක්‌ව ඇත.

    ආරක්‌ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ තිබූ විජයග්‍රහණයේ සටහන් ඉතා නිරවද්‍යතාවයකින් යුතු වූ බැවින් පසුගිය කාලයේ අවසන් මානුෂීය මෙහෙයුම පිළිබඳ ගවේෂණය කරනු ලබන අයට තොරතුරු සොයා යැමේදී එය මනා පිටිවහලක්‌වී තිබිණි.



    පොන්_ මයිත්‍රී, ගංවතුර ගැන මිනිස්සුන්ගේ අවධානය ගියාට පස්සේ යටින් ගේම දෙනවා අපේ හමුදාවේ මුල් ගලවන්න...
    පොන්සිරාගේ වලටත් හෙන ගහයි මලාට පස්සේ...