ජාතියේ පළමු මස්සිනාට පුතාලා දුන් තෑගි
w3lanka
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ ගල්කිස්සේ පිහිටි ගෙය සොරු බින්දෝ ය.
නිශාන්ත වික්‍රමසිංහ කියන්නේ රටේ පළමු කාන්තාව වන ශිරන්ති වික්‍රමසිංහ නෝනාගේ සහෝදරයා ය. ඒ කියන්නේ ඔහු ජාතියේ පළමු මස්සිනා ය.
හොරු ගේම දුන්නේ මරු තැනකට ය. ඔවුහු එක්සත් ජනපද ඩොලර් 11,500ක්, ස්ටර්ලිං පවුම් 10,500ක් හා රු. මිලියන හතරක් වටිනා දියමන්ති එබ්බවූ රොලෙක්ස් රන් ඔර්ලෝසුවක් රැගෙන ගිය හ.
මෙච්චර විදේශ විනිමය හා ඔර්ලෝසුව කොහෙන්ද කියා සහ ඒවා නීතිමය ආකාරයෙන් ගිනුම්ගත නො කර ලිබ්බොක්කේ වළලා තිබුණේ ඇයිදැයි විපක්ෂයේ හොරු ඇසූ හ.
උන්ගේ ආච්චිලාගේ ඉහටිය ය.
සල්ලි හා ඔර්ලෝසුව කොහෙන්දැයි දැන් ජාතියේ පළමු මස්සිනා පැහැදිලි කර දී ඇත. මේ වනාහි ඔවුන්ගේ ඕස්ට්‍රේලියාවේ සිටින පුතාලා අලුත් අවුරුද්දට හා උපන් දිනයට දුන් තෑගි ය. දුන්නේ අවුරුද්දට නිසා තාම දින 90 පැන නැත. ඒ නිසා ලිබ්බොක්කේ තබා ගන්නට පුළුවන.
ලංකාවේ මහජනතාව වන බහුතරයක් සිඟන්නන්ට මේවා තේරෙන්නේ නැත. අනුන්ට ඉරිසියා නො කර, තමන්‍ගේ දරුවන්ව ද මහන්සි වී ලෝකෙන් උතුම් රටින් ජය භූමියට යවනවා නම් මෙවැනි තෑගි ලබා ගැනීමට කාට කාටත් බැරි නැත.
තාත්තලාට සරොං කෑලි තෑග්ගට දෙන හිඟන නොට්ටිගේ පුතාලා දැන ගත යුතු කාරණය වන්නේ දෙනවා නම් දිය යුත්තේ මෙවැනි තෑගි බවයි.
මේ වාසනාව ය. ශ්‍රීලංකන් පාඩු ලබන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ අවාසනාව නිසා ය.