ජාතියේ මහා පහන් ටැඹ චීනයට..
කොළඹ කොටුවේ ජනාධිපති මාවතේ මහල් 32 කින් යුත් ලංකා බැංකු මූලස්ථාන ගොඩනැඟිල්ල හෙවත් 'පිට්ටු බම්බුව' විවෘත කළේ 1987 වසරේදී ය. වසර 34 ක් වයසැති මෙම ගොඩනැගිල්ල තවමත් අගනගරයේ ප්රතාපවත්ව වැජඹෙයි. රාජපක්ෂලා ලංකා බැංකු මූලස්ථානය 'පෝට් සිටි මෙහෙයුම් මූලස්ථානය' ලෙස අත යටින් චීනයට පැවරීමට සියල්ල සූදානම් කොට ඇත.
ලංකා බැංකු මූලස්ථානය චීනයට ලබා දෙන්නේ රාජපක්ෂ ක්‍රමයට අනුව ය. ගිණුම් කරණ ප්‍රමිති අනුව සෑම ගොඩනැගිල්ලක්ම වාර්ෂිකව ක්ෂය කළ යුතුය. ඒ අනුව වසර 34 ක ක්ෂය අඩුකළ යුතුය. එවිට ගොඩනැගිල්ලේ පොත් අගය නොගිණිය හැකි තරම් කුඩා එකකි. ඒ අනුව ගොඩනැගිල්ල චීනයට පවරා දුන්න ද ඒ වෙනුවෙන් ලංකා බැංකුට ලැබෙන දෙයක් නැත. ඔවුන්ට ලැබෙන්නේ ඉඩමේ වටිනාකමට සරිලන වෙනත් ඉඩමක් පමණි. මේ වන විට ලංකා බැංකුවට බත්තරමුල්ල ප්‍රදේශයෙන් අක්කර 5 ක ඉඩමක් ලබා දීමට සූදානම් කොට ඇති අතර කොටුවේ ලංකා බැංකු මූලස්ථානය චීනයට විකිනීමට සියල්ල සූදානම් කොට ඇත.
දේශප්‍රේමීන් ඉන්නේ වරායේ කොටසක් ඉන්දියාවට 49% ක ආයෝජනයක් සඳහා දීමට විරුද්ධ වීමට පමණක් දැයි අපි බලා සිටිමු..!