ජාතිය ඇමතීම

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    1. මම සිංහල ජනතාවගේ ඡන්දයෙන් පත් වූ ජනාධිපති
    - පටන් ගන්නේම ජාතිවාදී ප්‍රකාශයකින්. ඒ වුණාට 2/3 හදාගත්තේ මුස්ලිම් ඡන්දවලින්

    2. මම බෞද්ධ උපදේශන සභාවෙන් උපදෙස් ගෙන රාජ්‍ය පාලනය කරනවා
    - 20 වෙනි සංශෝධනය හිනා වෙයි

    3. පුරා විද්‍යා භූමි විනාශ වෙමින් තිබුණා. මම ඒවා නැවැත්තුවා. විශේෂ කාර්යසාධන බලකායක් ස්ථාපිත කළා
    - කුරුණෑගල පණ්ඩුකාභය රාජ සභා මණ්ඩපය හිනා වෙයි

    4. සිරගෙවල්වල සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්න ඉඩ දෙන්නේ නෑ
    - ඔව් උන්ට සමාව දෙන්නනේ යන්නේ. ඊට පස්සේ එළියේ ඉදං කරයි

    5. දේශීය සම්පත් විකුණන යුගය දැන් අවසන් වී තිබෙනවා
    - ගෝල්ෆේස් ඉඩම් හිනා වෙයි

    6. කිසිම රටකට ගැති වන්නේ නෑ
    - චීන එම්බසියේ ට්වීට් ගහන එකා හිනා වෙයි

    7. අපි අධිකරණයට හෝ පොලීසියට බලපෑම් කළේ නෑ.
    - දුමින්දගේ නඩුව ගැන දේශපාලන පළිගැනීම් කොමිසමට යැව්ව බව දන්නේ නැතුව ඇති

    8. රජයේ උසස් තනතුරු සදහා වෘත්තිකයින්ගෙන් යුතු කමිටුවක් පත් කළා.
    - ඔව්. ටොප් බඩු ටිකක් දැම්මා

    9. අපි පොහොර නොමිලේ ලබා දුන්නා
    - ගොවියෝ හිනා වෙයි

    10. දිළිදු පවුලකට ඉඩම් අක්කරයක් ලබා දෙනවා
    - කැලෑ ඇඹරෙමින් සිටියි

    11. කිලෝ මීටර් ලක්ෂයේ මාර්ග වැඩසටහන යටතේ 10,000ක් අවසන් කර තිබෙනවා
    - ලංකාවේ සියලු මාර්ගවල (වැව් ඉවුරුද සහිත) දිග කි.මී.130,000

    12. පාර්ලිමේන්තුව තුළ බහුතරය තිබුණේ විපක්ෂය තුළ නිසා කිසිම පණතක් සම්මත කර ගන්න පුළුවන් වුණේ නෑ
    - එජාපය ආණ්ඩුව දවස් දෙකෙන් දීලා සහය දුන්නා. කිසිම පනතක් පාර්ලිමේන්තුවට දැම්මේ නෑ

    13. කොරෝනා පාලනය කිරීමේ දී ලංකාවේ සාර්ථකත්වය අගය කිරීමට ලක් වුණා
    - ඔව්. අපි ලෝකේ දෙක වුණා

    14. පවුල් ලක්ෂ 59 ක් වෙනුවෙන් පන්දහසේ දීමනාව දෙවරක් ලබා දුන්නා
    - මොකක්.. පවුල් ලක්ෂ 59

    15. අවස්ථා දෙකකදී අත්‍යාවශය භාණ්ඩවල මිල අඩු කළා
    - අත්‍යාවශය භාණ්ඩ යනු සාඩිනුයි පිරිප්පුයි

    16. මා සාර්ථකද අසාර්ථකද කියලා බලන්නේ ජනතා මතය අනුව, මිස සමාජ මාධ්‍ය බ්ලාබ්ලාබ්ලා (ඇස් කුඩා කර මූණ අඹරා)
    - “ස‘ ෆේල්“ කතාව දරුණුවටම හිතට වැදිලා

    17. මෙරට තුළ ඖෂධ නිෂ්පාදනය අප ආරම්භ කළා
    - සුධර්ශණී පැණිය ඇගයීම නම් හොදයි

    18. නීති පොතට සීමා නොවී වැඩ කරන්න කියලා මම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා
    - හිරේ ගිහාම පොදු සමාව දීලා එළියට ගන්නවද

    19. 19 තිබ්බ ව්‍යාකූලතා 20 න් අහෝසි කළා
    - විස්ස මරු

    20. සියලු රාජ්‍ය ආයතන කාර්යක්ෂම කරනවා
    - නිතර නිතර ගිහිං බලන්න. ආර්එම්වී එකේ වැඩේ එහෙම දැන් ලෙසටම යනවනේ

    22. කතාවට වඩා මම කැමති වැඩවලට
    - ආයෙත් අහලා

    23. මම පුහු තර්ජන ගර්ජන වලට බය නෑ
    - කවුද එහෙම කළේ. අගමැතිතුමාද

    24. සිය අවශ්‍යතාවය පොරොන්දු වූ පරිදි රටේ ජනතාවට සෞභාග්‍ය උදා කරලීම බවත්, එම අරමුණ ඉටුකර ගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව, අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට පසුබට නොවෙමි.

    යුද්ධයක් තිබ්බ සහ දාස් ගාණක් ආබාධිතයින් ඉන්න රටේ අදත් සංඥා භාෂාව නෑ. (ජාතික රූපවාහිනිය දාල තිබ්බා) දෙමළ උපසිරසිත් තිබ්බානම් හොදයි. ලස්සනයි. ඕවා ඉතිං කීවට වැඩක් නෑනේ




    zP6UsrS.png

    Bharatha Prabhâshana Thennakoon
     
    • Haha
    Reactions: Mr.Lokka

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මා සාර්ථකද අසාර්ථකද කියලා බලන්නේ ජනතා මතය අනුව, මිස සමාජ මාධ්‍ය බ්ලාබ්ලාබ්ලා (ඇස් කුඩා කර මූණ අඹරා)
    - “ස‘ ෆේල්“ කතාව දරුණුවටම හිතට වැදිලා


    සමාජ මාද්‍ය සීන් එකක් ගැන කියනකොට සිරාවට මල පැන්නා පොරට හරියට බලපන් එතන ෆේස් එක මහින්දල සිරිසේනල වගේ නෙවෙයි නහුතෙට තද වුනා මූණෙනුත් පෙනුනා :p:p:p
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    පලවෙනි එක උඹලට අවුල්ද ? තවත් පාස්කු ප්‍රහාර වලට ලෑස්ති වෙන්න අනාගතේ...
     
    • Dislike
    Reactions: nikdw