ඕකම තමයි ගැටලුව සිංහල දාන්නේ නැති මිනිහා රජයේ ආයතනයකින් වැඩක් කරගන්නේ කොහොමද..? විශේෂයෙන් උතුරේ ඉන්න මිනිස්සු කොහොමද ඕක කරගන්නේ
ඔබගේ පුහු තර්ක බිඳපු නිසා මගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදී මගහැර ගොස් වෙන කෙනෙක් දාන අදහස්වල එල්ලෙන්න එපා මිතුරේ. ඔබේ අදහස් සමග ලියන්න. ඔබ යාපනේ ගොස් සිංහලෙන් වැඩක් කරගන්න බලන්න. එතකොට තේරේවි.
මට තියෙන ගැටලුව රාජ්‍ය ආයතන දෙමළ භාෂාව අයින් කරල විසඳන්න යන ප්‍රශ්නේ මොකක්ද කියන එක
රජයට බදු ගෙවනවනෙ සිංහල නොදන්න අයත්. රජයෙන් ඒව වියදම් කරල දෙන සේවා ගන්න අමාරු වෙනවනෙ එහෙම අයට මේ වැඩෙන්.
උදා ලෙස ඇමරිකාව ගනිමු. ලෝකේ තෝරාගත් රටවල්වලින් වසරකට 50000 මිනිස්සු green card එකත් දී ගෙන්න ගන්නවා. මේ එන සියලු දෙනා විවිධ භාෂා කතා කරන පිරිස්. ඔවුන් රටේ ආදායම් ලබනකොට බදු ගෙවීම අනිවාර්යයි. එහෙත් රජයේ සේවා ලබා දීමේදී ඔවුන්ගේ බසින් එකිනෙකාට වෙනම සලකනවාද ? එසේත් නොමැතිනම් රටේ ඇති භාෂාව වන ඉංග්‍රීසි පමණක් යොදාගන්නවාද ?
ඉන්දියාවේ අගමැති මෝඩි, රටේ භාෂා ගොඩක් තිබු පමණින් ඒ හැම භාශාවකින්ම ජාතිය අමතනවද ? තමනගේ බසින් ජාතිය ඇමතුවේ නෑ කියා රටේ මිනිස්සු චන්දෙ නොදී ඉන්නවද ?
මේ සියලු වඳුරු කුණුහරුප වැඩ කරන්න හදන්නේ හා සුළු ජාතිය වෙනුවෙ කිඹුල් කඳුළු හෙලන්නේ රටේ භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීත්වය නිසි ලෙස තේරුම් නොගත් උගත් කල්ලතෝනි බව මගේ අදහසයි.