මේ නුලේ අන්තිමට තියෙන සමහර අදහස් කියෙව්වම නම සිංහල ජාතිය සිංහල කියන කීදෙනෙක් දෙමල මිනිස්සු වෙනුවෙන් කතා කරනවද හිතුනා.
එහෙත්,
එහෙත්,
නම දෙමල ජනවර්ගය දෙමල වෙන කි දෙනෙක් සිංහල ජාතිය වෙනුවෙන් කතා කරනවද ? ටිකක් හිතල බලන්න.
අපිට කෙලවුනේ හැමෝම සාධාරණව, සමාන අයිතිවාසිකම් සහිතව ජිවත් වෙන්න ඕන කියල හිතපු දවසේ ඉඳල. ඒකෙන් වෙන ජනවර්ග අයුතු ප්‍රයෝජන ගත්තා. ඇඟිල්ලක් දාන්න ඉඩ දුන්නම ඔළුවම ඔබන්න හදනවා.
මේ ටික හොඳින් තේරුම් ගන්න ඕන. අපිට සිංහල භාෂාව තියෙන, ජාතිය සිංහල කියල කට ඇරලා කියන්න පුළුවන් රටක් ලෝකේ වෙන කොහෙවත් නෑ. ඒක රැකගන්න දිවි දෙවෙනි කොට අපි කැපවෙන්න ඕන. අපේ රට යටත් කරගෙන හිටපු විදේශිකයෝ උඹල මොන බස කතා කරත් එකම රටේ මිනිස්සු කියන අදහස ක්‍රමිකව අපේ ඔලුවලට රින්ගෙව්වා. ඒක ඉස්මුදුනින් පිළිගන්න බොදු පරිසරයක හැදුනු අපිත් පුරුදු වුනා. මෙතැනයි වරද තියෙන්නේ.
ඒ වගේම අපේ ජාතියේ තියෙන වටිනාකම, අඛණ්ඩ ඉතිහාසය ක්‍රමිකව අපෙන් ඈත් කළා. රෙද්ද උස්සගෙන බෞද්ධ කියන බොහෝ දෙනෙක් පෝයටවත් පන්සල් යන්නේ නෑ. ඒකයි තිත්ත ඇත්ත.
දෙමල හෝ මුස්ලිම් හෝ වේවා සිංහල රටේ ඉපදුනානම්, ඒ රටේ බස ඉගෙන ගන්න ඕන කියන අදහසින් 56 බණ්ඩාරනායක මහතා රාජ්‍ය භාෂා පනත ගෙනාවේ. නමුත් එය පසුකාලීනව මෙලෝ හත්තිලව්වක් නොදන්නා එවුන් තම තමන්ගේ වාසිය වෙනුවෙන් නොයෙක් අයුරෙන් අර්ථ කථනය කරනවා. විශේෂයෙන් එමගින් රැකගන්න හදපු සිංහලයෝම වීම අතිශය ලැජ්ජාවට කරුණක්.
අපිට මානව හිමිකම්, සමානත්වය උගන්වන කිසිම රටක අන් ජනවර්ගයන්ට කිසිම සැලකීමක් නෑ. නමුත් අපිට එහෙම කරන්න කියනවා.
පටු අදහස් ඉවත ලා එක ජාතියක් ලෙස, තමන්ගේ බස, දෙස රැකගන්න අවශ්‍ය කාලය පැමිණ ඇත. එය අන්තවාදී ලෙස හංවඩු ගැසුවත් එම බෝඩ් ලෑල්ලට මම ආදරෙයි. ඒ මට හෝ මගේ ජාතියේ, මගේ බස කතා කරන එකෙකුට, වෙන රටක් නැති නිසාය. අපේ සිංහල අනාගත පරපුරට මේ රට ජාතිය බේරා දීම අපේ යුතුකමක් ලෙස මා හිතන නිසාය.
පුළුවන් එවුන් තේරුම් ගනිල්ලා..... නැති එවුන් හැඳි ගෑවිලා පලයල්ලා !!!