ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිම&

    ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිමු

    වර්තමාන සමාජය තුළ සෑම දෙයටම පාහේ පූජා පැවැත්වේ. පසුගිය කාලය පුරා මෙහි විශාල වැඩි වීමක් දක්නට ඇත. එහෙත් අපි මෙහි තේරුම් ගත යුතු දෙය වන්නේ බුදුදහම තුළ අද පවතින මේ බොහෝ පූජාවිධීන් බුදුරදුන් ගේ දේශනා හා ගැළපෙන ඒවා නොවන බවය. වෙනත් ආගමික සංකල්පයන් තුළ දකින්නට ලැබෙන පූජා විධීන් මේ ආකාරයට ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට ඇත. 108ක් ඖෂධ පූජාව, හාරදහසේ පහන් පිංකම, කංචුක පූජාව, මහා පිච්ච මල් පූජාව, රෝස මල් පූජාව, ෙචෙත්‍යයන් වටා පලතුරු, අටපිරිකර ආදිය තබමින් කෙරෙන පූජා මේ අතර වේ.
    ඒ අතරින් වර්තමානයේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන්නේ, රහතන් වහන්සේලා බිහි කරගැනීම අරමුණු කරගනිමින් යැයි පවසමින් විවිධ කිරිපිඬු පූජා, හඳුන්කූරු ලක්ෂයක් පූජා කිරීම ආදී පූජාවන්ය. මෙහිදී වන විශේෂත්වය වන්නේ එම කිරිපිඬු පූජා සඳහා කිරිබත් පිසීමට අවශ්‍ය ‍පොල් කැඩීම සඳහා ගසට නගින්නේද සුදු පිරුවට ඇඳ, මුඛවාඩම් බැඳගෙනය. ‍පොල් ලෙලි ගසන්නේද එසේ ය. ඒ සියල්ල ඔවුන් කරන්නේ දින ගණනක් ඒ වෙනුවෙන් ම පේවී සිටගෙන බවද ඔවුහු ප්‍රකාශ කරති. ඒ නිසාම එවැනි පූජාවන් ඉතා පිරිසිදු පූජාවන් බව පවසමින් ඒ කෙරෙහි ඇදී යන පිරිස්ද දිනෙන් දින වැඩිවෙමින් පවතී. එහෙත් මෙහි ඇති මිථ්‍යාව කිසිවකු වටහා ගන්නේ නැත.
    බොහෝ විහාරස්ථානවල කෙරෙන කංචුක පූජාවද ඉතාම ප්‍රචලිතය. එහෙත් මෙම පූජාව පිළිබඳව බුද්ධ භාෂිතයේ හෝ ත්‍රිපිටකයේ කිසිදු තැනක පෙනෙන්නට නැත. “කංචුක” යන්නෙහි තේරුම හැට්ටය යන්නයි. කංචුක පූජාව ලෙස අද බොහෝ දෙනා කරන්නේ, ෙචෙත්‍යය වටා සිවුරක් හෝ බෞද්ධ කොඩියක් එතීමයි. ෙචෙත්‍යය යනු බෞද්ධයන්ගේ සංකේතයක් පමණි. ඒ වටා සිවුරු හෝ බෞද්ධ කොඩි එතීමෙන් ලැබෙන ඵලයක් නැත. මෙමඟින් බොහෝ දෙනා බලා‍පොරොත්තු වන්නේ, මුදල් ඉපැයීමය. මෙවැනි කටයුතු සඳහා සංවිධායකයන් යැයි කියා ගන්නා පිරිස් බොහෝ සම්මාදම්වල නිරත වෙති. සම්මාදම්වලින් ලැබෙන එම මුදලින් කොටසක් යන්නෙ සංවිධායකයන්ගේ සාක්කුවලට ය. එමෙන්ම ෙචෙත්‍යයට හැට්ට පූජා කරන සම්ප්‍රදායක් බුදුදහම තුළ නැත. එමනිසා කංචුක පූජා යැයි පවත්වන මෙම කිසිදු අර්ථයක් නැති, පූජාවලට වියදම් කරන මුදල්වලින් එම විහාරස්ථාන හෝ ෙචෙත්‍යයන්හි සුදුපිරියම් කොට අලුත්වැඩියාවක් කරන්නේ නම් එය ඉතා මැනවි.
    එමෙන්ම ෙචෙත්‍යයන් වටා මහා පළතුරු පූජාවන්, ෙචෙත්‍යයේ උසට අටපිරිකර පූජා පැවැත්වීම්ද සමාජය තුළ බහුලය. බුදුදහමේ කිසිදු තැනක එවැනි පූජා පිළිබඳව ද සඳහන් වන්නේ නැත. එහෙත් බෞද්ධයා ඊට පෙළඹී හමාරය. මේ තුළින් සිදුවන්නේ ව්‍යාපාරිකයන්ට ගුණාත්මක තත්ත්වයෙන් තොර භාණ්ඩ අලෙවි කර ගැනීමට අවස්ථාව ලැබිම පමණි. සාමාන්‍යයෙන් අටපිරිකරක් තුළ අඩංගු වන්නේ, බෞද්ධ භික්ෂුවකට අවශ්‍ය වන සිවුරු, අඳන, පාත්‍ර, දැලිපිහි, ආදිය යි. ඒවා සහිත අටපිරිකරක් ෙචෙත්‍යයකට පූජා කිරීම සුදුසු ද යන්න අප විමසා බැලිය යුතු ය. එමෙන්ම එවැනි පූජා ක්‍රම සමාජය තුළ පැතිරීමත් සමග සිදුවන්නේ වැඩි ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් ව්‍යාපාරිකයන් ඒවා ජාවාරම් බවට පත් කර ගැනීමකි. ෙචෙත්‍යයට කරන පලතුරු පූජාද ඒ ආකාරයේම වේ. සෝමාවති ෙචෙත්‍ය වටා මහා පලතුරු පූජාවන් පැවැත්වීම අද බහුලවම දැකිය හැකිය. ඒ තුළින්ද සිදුවන්නේ බෞද්ධ ප්‍රබෝධයක් නොව මුලින් සඳහන් කළා සේ, ව්‍යාපාරික ජාවාරම් පමණි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, “පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ - නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” යනුවෙනි. එනම්, බෞද්ධ ධර්මය ප්‍රඥාවන්තයන්ට මිස මෝඩ පුද්ගලයන්ට නොවන බවය. මෙම බුද්ධ පාඨය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසම හොඳින් අවබෝධ කරගත යුතුව ඇත.
    අපට යම් රෝගයක් වැලඳුණ කල අප කළ යුත්තේ, ඊට නිසි ප්‍රතිකර්ම ලබා ගැනීමය. ඊට අදාළ ඖෂධ ලබා නොගෙන, ඒවා බුදුරදුන්ට පූජා කළ පමණින් රෝග සුවවෙතැයි සිතීම මිථ්‍යාවකි. බුද්ධ ශාසනය තුළ නිරෝගිමතුන් අතර අග්‍රස්ථානයට පත් වූයේ බක්කුල මහරහතන් වහන්සේය. එම චරිත කතාව පෙරටු කරගනිමින් වර්තමානයේ බොහෝ ස්ථානවල 108ක් වූ ඖෂධ පූජා පැවැත්වීමට කටයුතු කරයි. මේ සඳහා බහුල වශයෙන් යොදා ගන්නේ, විවිධ ආ‍ලේපන, කසාය පැකට්, ආදියයි. ඖෂධ අවශ්‍ය වන්නේ විහාරස්ථානයක බෝධීන් වහන්සේට හෝ ෙචෙත්‍යයට නොවේ. රෝගීන්ටය. රෝගී වූ අයෙකුට ඖෂධ ලබා දී හොඳින් රැක බලා ගත හැකි නම්, එය මහඟු පුණ්‍ය කර්මයකි. “යෝගිලානං උපට්ඨති - සෝමං උපට්ඨති” යනුවෙන් බුදුරදුන් දේශනා කරන ලද්දේ, යමෙක් රෝගියෙකුට උපස්ථාන කරන්නේ නම්, එය බුදුරදුන්ට සැලකීම හා සමාන වන බවය. එලෙස රෝගීන්ට අවශ්‍ය වන ඖෂධ වර්ග අද බහුලව ෙචෙත්‍ය හා බෝධීන් වහන්සේලාට පූජා කිරීම නිසා, ඒවා සිය දහස් ගණනින් විනාශ වෙමින් පවතී. භික්ෂූන් වහන්සේලාට පවා රෝගී වූ විට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය තරම් පහසුකම් වර්තමානයේ ඇත. එබැවින් ලෝකයට අඬබෙර ගසා, ලක්ෂ සංඛ්‍යාත මුදල් වියදම් කරමින්, කරන මෙවැනි වෛවර්ණ පූජාවන්වලට වඩා, රෝගී භික්ෂුවකට අවශ්‍ය ඖෂධ ලබාදී, උන්වහන්සේ සුවපත් කරන්නට කටයුතු කරන්නේ නම්, එය මහත්ඵල මහානිසංස ලැබෙන පුණ්‍ය කර්මයකි.
    අසූහාරදහසේ පහන් පිංකම්, විවිධ මල් පිංකම් ආදියද මෙම පූජා ක්‍රම අතර බහුලව දැකිය හැකිය. අතීතයේ දී සෑම මලක්ම බුදුරදුන්ට පූජා කළේ නැත. එහෙත් අද පවතින මෙම ප්‍රවණතාව නිසා, වැටකෙයා මල පවා බුදුරදුන්ට පූජා කරන්නට ඇතැම්හු පෙළඹෙති. අනෙක් අතට අප පහන් දල්වන්නේ අන්ධකාරය දුරු කරනු පිණිසය. බුදුරදුන්ට පහන් දැල්වීමෙන් සංකේතවත් වන්නේ, මෝහය නැමැති ගණ අන්ධකාරය දුරු කර, ප්‍රඥාව නැමැති ආලෝකය දැල්වීමයි. එමනිසා අප කළ යුත්තේ පැහැදුණු සිතින් යුතුව බුදුරදුන්ට මල් පහන් පූජා කිරීම පමණි. ඒ අරමුණ ඇතිව බුදුරදුන්ට එක් පහනක් මලක් පූජා කිරීම වුවද ප්‍රමාණවත් ය.
    මෙවැනි ක්‍රියාකාරකම් තුළින් බෞද්ධ ප්‍රබෝධයකට කිසිවක් සිදු වන්නේ නැත. සිදුවන්නේ බෞද්ධ සමාජය පිරිහීමක් පමණි. එමෙන්ම බෞද්ධ ජනතාව තුළ පවතින ශ්‍රද්ධාව පෙරදැරි කරගනිමින් මේවා සංවිධානය කරන පිරිස් විසින් සිදුකරන්නේ ඒ ජනතාව දුක් මහන්සියෙන් උපයා ගත් ධනය නිෂ්ඵල කාරණා සඳහා විනාශ කර දැමීමකි. බුදුරදුන් දේශනා කර ඇත්තේ තමන් මහන්සි වී උපයන ධනය අර්ථවත් ආකාරයට වියදම් කළ යුතු බවය. සිඟාලෝවාද සූත්‍රය තුළදී බුදුරජාණන් වහන්සේ එම කාරණය මැනවින් පෙන්වා දී ඇත.
    අනෙක් අතට ‍පොල් ගසකට පිරුවට ඇඳ, මුඛවාඩම් බැඳ නැඟීම මෙන්ම මුඛවාඩම් බැඳ පලතුරු කැඩීමද එක්තරා ආකාරයක විකාර අදහසක් බව පැහැදිලි කාරණාවකි. ‍පොල් ගසකට නඟින්නට පිරුවට අවශ්‍ය වන්නේ නැත. එය එක් පැත්තකින් ඉතා අවදානම් සහගත ක්‍රියාවකි. අනෙක් අතට ‍පොල් කැඩීම, කුඹුරු කෙටීම, අතීතයේ සිට පැවැති අපගේ ජීවන වෘත්තීන්ය. ඒවා කරන පිළිවෙළක් ඇත. එබැවින් මේ සියල්ල මිනිසුන් මුලාවට පත්කරන තක්කඩි ජාවාරම්කරුවන්ගේ කපටි ක්‍රියා මිස, මේවායින් කිසිදු ආකාරයකට බුදු දහමට යහපතක් සිදුවන්නේ නැත. ඒ තුළින් සිදුවන්නේ අපගේ බෞද්ධ සමාජය දිනෙන් දින පිරිහීම පමණකි.
    මාලදිවයින, ජපානය, මැ‍ලේසියාව, ඉන්දුනීසියාව, වැනි බොහෝ රටවල් අතීතයේ දී මහා බෞද්ධ රාජ්‍යයන් ය. එහෙත් ඒ සියල්ල අද වන විට බිඳ වැටී ගොස් ඇත. ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, මේ ආකාරයේ විවිධ පුදපූජාවන් කෙරෙහි විමසුමකින් තොරව ඇදී යාමය. ඒ තුළින් මිනිසුන්ගේ ධනය දිනෙන් දින විනාශයට පත් කරවන අතර, අවසානයේ විවිධ හොරමැරකම් කර හෝ, එම පූජාවන් සඳහා සහභාගී වීමට ජනතාව හුරු කරවීමක් මෙහිදී සිදුවේ. එමනිසා අප මෙම තත්ත්වය නුවණින් අවබෝධ කර ගත යුතු ය.
    බුදුරජාණන් වහන්සේ හැමවිටම දේශනා කරන ලද්දේ, “දැහැමින් උපයා ගන්න. නිවැරිදිව වියපැහැදම් කරමින් ජීවත් වන්න” යනුවෙනි. සැබෑ බෞද්ධ පූජාව ඇත්තේ එතැනය. එය අප නිසි පරිදි වටහා ගත යුතුය. එසේ නොවුණහොත්, ඉහත කී රටවල්වලට සේම අපටත් අපගේ බුදුදහම නැති වී යන්නට තවත් වැඩි කාලයක් ගත නොවෙනු ඇත.


    රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි
     
    • Like
    Reactions: Amila M

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,623
    8,880
    113
    මේක ඇත්ත බන්... කට්ටිය සොර්ට් කට් වලින් දිව්‍ය ලෝකවල යන්න හදන්නේ...

    අනිත් එක ධාතු වන්දනාව... මහනායක හාමුදුරුවොම කියල තිබ්බනේ ඔච්චර ධාතු තියේද කියල ප්‍රස්නයක් කියල...
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මේව ගැන කතා කලොත් බෞද්ධ දර්ශනයට විරුද්ධව කතා කරනවා කියලා කියන්න්නේ. ඒ වුනාට ඇත්ත මේක තමයි. වැඩි දෙනෙක් කරන්නේ අනිත් ආගම් වලට වඩා කැපිලා පේන්න දේවල් කරන එකයි. කිසිම බෞද්ධ පිලිපැදීමක් නෑ. ඒ දේවල් වලින් ජාවාරම් කාරයෝ ප්‍රයෝජන ගන්නවා. විරුද්ධ වුනොත් බුද්ධ දර්ශනයට ගරහනවා කියයි. ගොඩක් පන්සල් වල සිද්ධ වෙන්නේ පුහු ආටෝප මුල් කරගත්ත අනිත් ආගම් එක්ක තරඟෙට කරන දේවල් මිසක්, වැඩකට ඇති දේවල් නෙමෙයි.

    මිනිස්සු මහන්සියෙන් හම්බ කරන දේවල් බොරුවට නාස්ති කරනවා. ගමේ ඉන්න අසරන පවුලකට උදව් කරා නම් කොච්චර වටිනවද? අමාරුවෙන් හම්බ කර ගන්න මනුස්සයත්, දරුවන්ට කන්න දෙන්න තියෙන දේ, බොරු දේවල් වලට යොදවනවා කරන්න දෙයක් නැති කමට. බඩගින්නේ ඉන්න දරුවෙකුගේ බඩක් පිරෙනවනම්, දරුවෙකුට පොතක් අරන් දේන්න පුලුවන්නම් ඔය බොරුවට නාස්ති කරන සල්ලි වලින් කොච්චර වටිනවද?
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මේව ගැන කතා කලොත් බෞද්ධ දර්ශනයට විරුද්ධව කතා කරනවා කියලා කියන්න්නේ. ඒ වුනාට ඇත්ත මේක තමයි. වැඩි දෙනෙක් කරන්නේ අනිත් ආගම් වලට වඩා කැපිලා පේන්න දේවල් කරන එකයි. කිසිම බෞද්ධ පිලිපැදීමක් නෑ. ඒ දේවල් වලින් ජාවාරම් කාරයෝ ප්‍රයෝජන ගන්නවා. විරුද්ධ වුනොත් බුද්ධ දර්ශනයට ගරහනවා කියයි. ගොඩක් පන්සල් වල සිද්ධ වෙන්නේ පුහු ආටෝප මුල් කරගත්ත අනිත් ආගම් එක්ක තරඟෙට කරන දේවල් මිසක්, වැඩකට ඇති දේවල් නෙමෙයි.

    මිනිස්සු මහන්සියෙන් හම්බ කරන දේවල් බොරුවට නාස්ති කරනවා. ගමේ ඉන්න අසරන පවුලකට උදව් කරා නම් කොච්චර වටිනවද? අමාරුවෙන් හම්බ කර ගන්න මනුස්සයත්, දරුවන්ට කන්න දෙන්න තියෙන දේ, බොරු දේවල් වලට යොදවනවා කරන්න දෙයක් නැති කමට. බඩගින්නේ ඉන්න දරුවෙකුගේ බඩක් පිරෙනවනම්, දරුවෙකුට පොතක් අරන් දේන්න පුලුවන්නම් ඔය බොරුවට නාස්ති කරන සල්ලි වලින් කොච්චර වටිනවද?


    සහතික ඇත්ත මචන්..
    ගමේ මිනිස්සු ගමේ පන්සලේ කටිනෙ ගන්න පොරකනවා.. දැනටමත් අවුරුදු ගානකට booked.. මේ වෙලාවේ දුර පලාතක දුෂ්කර පන්සලකට හැම අවුරුද්දකම වගේ කටින පින්කමක් කරලා එන්න පුලුවන්නම් කොච්චර වටිනවද? :confused:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩුගානේ සෝවාන් වෙන්නවත් බැරිවුන ගිහි/පැවිදි පින්වතුන් කොහොමද බෞද්ධයන් බේරගන්න හිතන්නෙ? තමන් අකමැති දේවල් ආගමේ නාමයෙන් අනෙක් අය කරනව වෙන්න පුලුවන්. ඒක වලක්වන එක බුද්ධාගම රැකගැනීමක් වෙන්නෙ නෑ.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඔය කප්රුක් පුජාවත් ත්‍රිපිටක වල සදහන් නැති අපි හදාගත්ත පුජාවක්; එක තනිකරම ජාවාරමක්, එක කට්ටියක් අතේ යන බුසිනස් එකක්. මේ ලඟදි අපි දන්නා කට්ටියක් කෑගල්ලේ පැත්තේ කප්රුක් පුජාවක් කරා. ඒ පුජාවෙ කප්රුක හදන්නේ මුස්ලිම් කට්ටියක්. 15000/- . මුළු event එකටම ගිය 10 / 12 ලක්ෂ. ඔය සල්ලි ටිකෙන් අනුරාධපුරේ ඔය ඇත පන්සලකට මොකක් හරි ඉදිකිරීමක් කරල දෙන්න තිබ්බ විකාර වැඩ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    දුප්පත් මනුෂ්‍යයෙක් බුදුරජාණන් වහන්සේ වෙත අසීමිත ශ්‍රද්ධාවෙන් , පැහැදුන සිත් ඇතිව, චෛත්‍යයක් ළඟ දියබෙරලිය මලක් පූජා කළ පිනෙහි ආනිශංසයෙන් 35 වතාවක් සක්විති රජ වූ බව සඳහන් වෙයි. දියබෙරලිය මලෙහි කිසිම සුන්දර බවක් නැතත් එම මලට අයිති සුන්දරත්වය පවතී. අනෙකුත් මල්වලට සමාන කළ හොත් එතරම් සුන්දරත්වයක් නැති ,විශාල සුවඳක් හමන මලක් නොවුණත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇති වූ ශ්‍රද්ධාවෙන් ඒ මල පූජා කළ පුද්ගලයාට ආනිශංසය වශයෙන් ලැබුණ පුණ්‍ය මහිමය සක්විති රජකමයි. පින්කම්වලට අවශ්‍ය කරන්නේ ශ්‍රද්ධාව මිස ධනය නොවෙයි. ධනය ද්වීතික කාරණාව යි. ශ්‍රද්ධාවක් නොතිබුණා නම්, පින්කමකට සූදානම් වීම දුෂ්කර විය හැකි වෙයි.
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඇයි මිනිස්සු පන්සල් වල ගොඩනැගිලි, මකර තොරණ, රන් වැටවල්ම හදන්නේ. ගමෙන් පන්සලට විතරද හැම දේම ගලාගෙන යන්න ඕන. පන්සලෙන් ගමට වෙන්න ඕන සේවය මොකද්ද කියලා පන්සලේ හාමුදුරුවොන්ටවත් හැඟීමක් තියෙනවද? හාමුදුරුවෝ ගමට බැහැලා පොඩ්ඩක් ගෙවල් ගානේ ගිහින් දායකයන්ව හොඳ මගට ගන්න බැලුවොත් නරකද? මෙච්චර රටේ අපරාධ, දූෂණ වෙන්න එක හේතුවක් තමයි මිනිස්සු ආගම්, දර්ශන වලින් ඈත් වෙන එක. පන්සල්, පල්ලි වලට මිනිස්සු එකතු වුනාට වැඩක් නෑ, ඒ සාමූහිකත්වයේ ගුණාත්මක භාවයක් නැත්නම්. එක අතකට පන්සලේ හාමුදුරුවන්ව ඒ තත්වෙට පත් කරන්නෙත් දායකයොම තමයි.හැබැයි හාමුදුරුවෝ දැනගන්න ඕන හරිදේ කරන්න, පුද්ගලික ලාභ ප්‍රයෝජන ගැන හිතන්නේ නැතුව.