ජැක් මා, අලිබාබා ලංකාවට

Jul 5, 2012
1,773
265
0
ජැක් මා, අලිබාබා ලංකාවට

Ravi--AliBaba.jpg


ගිය වනචර දශකයෙදී මැදමූලනේ අලිබබා සහ හොරු 140 ක් පමණ රට හූරන් කමින් සිටි නමුත් ලෝකය ජයගෙන තිබෙන චීන අලි බාබා ලංකාව පැත්ත පලාතකට අාවේ නැත. අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා සහය දක්වන ලෝ ප්‍රකට චීන සමාගමක් වන අලිබාබා සමාගම (Alibaba) අද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබේ. එහි නිර්මාතෘ සහ වත්මන් සභාපති ජැක් මා (Jack Ma) මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර ඊයේ (18) පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණ විය. ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන 2017 ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම හමුව සිදු විය.

එහි දී ජැක් මා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු ආරම්භ කිරීම කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. අලිබබා සමාගම (Alibaba) ආයෝජනය තුළින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා පුළුල් වන බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.
1991 වසරේ දී පිහිටුවා ගත් අලිබබා සමාගමේ (Alibaba) දළ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 10.33 ඉක්මවා ඇත. සමාගමේ සම්පූර්ණ වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 52.97කි.

ලෝ ප්‍රකට ෆෝබ්ස් සගරාවේ 2016 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ධනවත් ම පුද්ගලයන් අතරින් 33 වැනි ස්ථානය දිනා ගැනීමට අලිබබා සමාගමේ (Alibaba) සභාපති ජැක් මා මහතා සමත් විය. අමෙරිකානු ඩොලර් බිලියන 20.5ක වත්කම් හිමි ඔහු චීනයේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වෙයි.


---------------------------
 
  • Like
Reactions: BonziBUDDY

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජිංතක ජිල්ලබකිට;21153630 said:
    මචං හොරකම් කරපු උන් ඒවා කලා. උං ඇල්ලුව නැතා, රට ගොඩදාන්න පියවරක් ගැනීම හොඳ දෙයක් නේද

    මහ බැංකුව කොල්ල කාලා,වරායවල්,ගුවන් තොටුපලවල් විකුණල,මැති ඇමති වරුන්ගේ වැටුප් සහ දීමනා වැඩිකරලා කොහොමද රටක ආර්ථිකය දියුණු කරන්නේ?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජිංතක ජිල්ලබකිට;21153630 said:
    මචං හොරකම් කරපු උන් ඒවා කලා. උං ඇල්ලුව නැතා, රට ගොඩදාන්න පියවරක් ගැනීම හොඳ දෙයක් නේද
    අනිවාර්යෙන් රට ගොඩදාන එක හොඳයි. හැබැයි "ගිය වනචර දශකයෙදී මැදමූලනේ අලිබබා සහ හොරු 140 ක් පමණ රට හූරන් කමින්" කියල පටන් ගන්න එක දැන් හිනා නොයන විහිළුවක් වෙලා නෙ. ඒ හින්ද එහෙම පටන් නොගෙන අදාළ වැදගත් කෑල්ල විතරක් දැම්මනං හොඳ නැද්ද :P
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ජිංතක ජිල්ලබකිට;21153630 said:
    මචං හොරකම් කරපු උන් ඒවා කලා. උං ඇල්ලුව නැතා, රට ගොඩදාන්න පියවරක් ගැනීම හොඳ දෙයක් නේද

    :lol:ow danuth hora kanawane.