ජැක් මා, අලිබාබා ලංකාවට
ගිය වනචර දශකයෙදී මැදමූලනේ අලිබබා සහ හොරු 140 ක් පමණ රට හූරන් කමින් සිටි නමුත් ලෝකය ජයගෙන තිබෙන චීන අලි බාබා ලංකාව පැත්ත පලාතකට අාවේ නැත. අන්තර්ජාලය මගින් භාණ්ඩ හා සේවා ලබා ගැනීම සඳහා සහය දක්වන ලෝ ප්‍රකට චීන සමාගමක් වන අලිබාබා සමාගම (Alibaba) අද ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට කැමැත්ත පළ කර තිබේ. එහි නිර්මාතෘ සහ වත්මන් සභාපති ජැක් මා (Jack Ma) මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර ඊයේ (18) පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණ විය. ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන 2017 ලෝක ආර්ථික සමුළුව අතරතුර මෙම හමුව සිදු විය.
එහි දී ජැක් මා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු ආරම්භ කිරීම කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි. අලිබබා සමාගම (Alibaba) ආයෝජනය තුළින් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා පුළුල් වන බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.
1991 වසරේ දී පිහිටුවා ගත් අලිබබා සමාගමේ (Alibaba) දළ වාර්ෂික ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 10.33 ඉක්මවා ඇත. සමාගමේ සම්පූර්ණ වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 52.97කි.
ලෝ ප්‍රකට ෆෝබ්ස් සගරාවේ 2016 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ධනවත් ම පුද්ගලයන් අතරින් 33 වැනි ස්ථානය දිනා ගැනීමට අලිබබා සමාගමේ (Alibaba) සභාපති ජැක් මා මහතා සමත් විය. අමෙරිකානු ඩොලර් බිලියන 20.5ක වත්කම් හිමි ඔහු චීනයේ දෙවැනි ධනවත්ම පුද්ගලයා වෙයි.
---------------------------

ow danuth hora kanawane.