ජැන්ඩි පහට ෆුල් සූට්....menna places

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ජැන්ඩි පහට ෆුල් සූට්....menna places

    දැන් කීමටත් කියනවනේ මහත්තුරු අතරේ ‘මහාත්මයෙක්’ විදියට අඳින්න කියලා. ඒකට ෆුල් සූට් අඳින්නම ඕන කියලා දෙයක් නෑ. ජාතික ඇඳුම ඇන්දත් මහත්මයෙක් වෙන්න පුලුවන්. හැබැයි ඉතින් ඔය වෙඩිමක් කාරිය සෙට් වුණු වෙලාවක ආරිය සිංහල ඇඳුමට හරි බෙයාෆුට් සිංහල ඇඳුමට හරි යන්න බැරි නං, සුද්දගේ ඉස්ටැයිල් එකට මහත්තයෙක් වෙන එක ගැන හිතන්න වෙනවා. ඒ කිව්වේ ෆුල් සූට් තමයි. සමහරු කරන්නේ කලිසමයි ෂර්ට් එකයි අරගෙන කෝට් බෑය එක්කෝ කුලියට ගන්නවා, නැත්තං කාගෙන් හරි දන්න අඳුනන කෙනෙක්ගෙන් ඉල්ල ගන්නවා. ඒත් ඒක තමන්ගේ ඇ‍ඟේ ගාණට මිම්මට තියෙන්න තියන ඉඩ කඩ ඉතාම අඩුයි. අන්න ඒ නිසා ටිකක් ගාණක් ගියත් කමක් නෑ, අවුරුද්දකට වෙඩිමක් දෙකක් සෙට් වෙනවා නං, තමන්ගේ ඇ‍ඟේ සයිස් එක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන්නේත් නැත්තං හොඳ ෆුල් සූට් එකක් මහලා තියාගන්න එක වාසියි. ඉතින් ඒකට උදවුවක් විදියට මේ කියන්න යන්නේ කොල්ලෙක්ට හොඳ ජැන්ඩියට ෆුල් සූට් එකක් මහගන්න, ලංකාවේ තියෙන නමක් දිනාගත්තු තැන් කීපයක් ගැන තමයි.



    1. Hameedida Designers & Tailors

    Where_to_Tailor_Your_Suit_aniwa_01.jpg

    ලංකාවේ ෆුල් සූට් මහන්න හොඳම තැන් කිව්වහම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ හමීඩියා. ඒකට හේතුව 1949 ඉඳන් පැවත ගෙන එන ව්‍යාපාරයක් වීම විතරක් නෙවෙයි. ගාණ පොඩ්ඩක් වැඩි වුනත් කොලිටියෙන් උසස් රෙඩිමේඩ් ෆුල් සූට් වගේම බෙස්පෝක්, ඒ කියන්නේ අපේ ගාණට මිම්මට මහපු ෆුල් සූට් වුනත් ගන්න පුලුවන් තැනක් නිසා තමයි. වර්තමානයේදීත් ඉස්සර හමීඩියා නමට තිබුණු තැනම ඒ විදියටම මේ අය තියාගෙන ඉන්නවා කියන්න පුලුවන්.



    දුරකථන අංක: 0112505193

    මිල ගණන්: 15,000 සිට ඉහළට



    2. Pettah Tailors and Men’s Corner

    Where_to_Tailor_Your_Suit_aniwa_02.jpg

    බෙස්පෝක් ටේලරින්ග්, එහෙම නැත්තං ඇ‍ඟේ විදියට කපලා මහපු ෆුල් සූට් වලට ප්‍රසිද්ධ තව තැනක් තමයි පෙටා ටේලර්ස්. මේ අය විශේෂයෙන්ම කියන්නේ බ්‍රිතාන්‍ය ටේලරින් ස්ටෑන්ඩර්ඩ් පාවිච්චි කරනවා කියල තමයි ෆුල් සූට් වලට. ගිහින් අපිට ඕන විදියට රෙදි බලලා, මිම්ම දීලා මහගන්න තමයි තියෙන්නේ.


    දුරකථන අංක: 0112911941

    මිල ගණන්: 20,000 සිට ඉහළට



    3. Raymans

    Where_to_Tailor_Your_Suit_aniwa_03.jpg

    නුගේගොඩ රේමන්ස් කියන්නෙත් 1985 ඉඳන් ටේලරින්ග් වල ඉන්න පරණ නමක් තමයි. මිස්ටර් ඇන්ඩ් මිසිස් රේමන්ස් දෙන්නා පටන් ගත්තු මේ ව්‍යාපාරය තවමත් ඉහළ මට්ටමේ ඇඳුම් මහන සේවාවක් විදියට ගොඩක් දෙනා සලකනවා. ගල්කිස්සෙත් දැන් ශාඛාවක් ඇරලා තියෙන මේ කට්ටිය කලට වෙලාවට ෆුල් සූට් එක මහලා දෙනවා කියලා ඉස්සර ඉඳන් කීර්තියක් දිනාගෙන හිටියා.



    දුරකථන අංක: 0112854169

    මිල ගණන්: 15,000 සිට ඉහළට

    අනිවා Men’s Style & Wellbeing Newsletter එකට සම්බන්ධ වුනොත් මේ වගේ ලිපි ආයිත් මිස් වෙන්නේ නැති වෙයි 🙂





    4. Navavi
    Where_to_Tailor_Your_Suit_aniwa_04.jpg

    තවත් පරණ බෙස්පෝක් ටේලරින් සර්විස් එකක් වෙන නවාවි ආරම්භ වුනේ 1957 දී. විශේෂයෙන්ම ගුණාත්මක බවෙන් ඉහළ ෆුල් සූට් එකක් මහගන්න තියෙන හැකියාව විතරක් නෙවෙයි, මේ අයගෙ සුහද සේවය ගැනත් කියන්නම ඕන. ඩිසයිනර් සූට් මහගන්නත් හොඳම තැනක් තමයි නවාවි.



    දුරකථන අංක: 0727000023

    මිල ගණන්: 12,000 සිට ඉහළට



    5. ABBA International

    Where_to_Tailor_Your_Suit_aniwa_05.jpg

    අවුරුදු 25 ක් තිස්සේ පිරිමි ඇඳුම් මැසීම ගැන නමක් දිනාගෙන තියෙන ඇබා ඉන්ටර්නැෂනල් එකෙන් ඇඳුමක් හිතට හරියන විදියට මහගන්න නුගේගොඩ, බත්තරමුල්ල, ගාල්ල, පානදුර, මොර‍ටුව, පිළියන්දල මේ ඕනෑම ශාඛාවකට ගිහින් පුලුවන්.



    දුරකථන අංක: 0112844844



    6. Wills Design

    Where_to_Tailor_Your_Suit_aniwa_06.jpg

    ඩිසයිනර් ෆුල් සූට් එකක් හොඳ කොලිටියට හදාගන්න යන්න ඕන තවත් මරුම තැනක් තමයි විල්ස් ඩිසයින් කියන්නේ. ඇත්තටම විල්ස් එකට අවුරුදු ගාණක පළපුරුද්දක්වත්, අවුරුදු ගාණක් පරණයි කියල නමක් නැති වුනත්, නවීන විලාසිතා වලට වගේම ක්ලැසික් විලාසිතා වලටත් ඉහළම කොලිටියේ ෆුල් සූට් එකක් හදාගන්නත් යන්න ඕන නියම තැනක් තමයි විල්ස් කියන්නේ. ප්‍රධාන ශාඛාව ගල්කිස්සේ තිබුණත්, විල්ස් ශාඛා තියෙනවා කොළඹ 3, බත්තරමුල්ල, හොරණ, පානදුර සහ කිරිබත්ගොඩක් නගරවලත්.




    දුරකථන අංක: 077 7125000

    මිල ගණන්: 20,000 සිට ඉහළට



    7. The Tailor Shop

    Where_to_Tailor_Your_Suit_aniwa_07.jpg

    නමින්ම කියවෙන විදියට ටේලර් ෂොප් එකක් කිව්වට මේ තැනත් කොළඹ බෙස්පෝක් ටේලරින් වලට නමක් දිනාගෙන තියෙනවා අවුරුදු 20 ක් තිස්සේ. සෑහෙන්න රේන්ජ් එකක් තියෙන රෙදි අමුද්‍රව්‍ය වලින් කැමති විදියට ‍තෝරාගෙන හොඳ ෆුල් සූට් එකක් මහගන්න ගිහින් බලන්න මෙතනට.


    දුරකථන අංක: 0777300460

    මිල ගණන්: 3-piece suit – 29,500 සිට ඉහළට, 2-piece suit – 25,000 සිට ඉහළට



    8. Dress Master Tailors

    Where_to_Tailor_Your_Suit_aniwa_08.jpg

    සාමාන්‍යයෙන් අපිට වෙඩින් වලදී දැකලා හුරුපුරුදු ක්ලැසික් ෆුල් සූට් එක වගේම, දැන් කාලේ මොඩ් කරලා මහන ඩිසයිනර් සූට් වුනත් ‍තෝරලා කරලා මහලා හොඳම කොලිටියෙන් ගන්න පුලුවන් තවත් තැනක් තමයි ඩ්‍රෙස් මාස්ටර් කියන්නේ. දශක දෙකක් තිස්සේ ෆීල්ඩ් එකේ ඉන්න මේ කට්ටියගෙන් සූට් එකක් කරගන්න මීගමුව පාරේ ඉන්න අයට වඩාත් ලේසියි.



    දුරකථන අංක: 077 7481884

    මිල ගණන්: 22,000 සිට ඉහළට (කමිසය හැර සම්පූර්ණ කිට් එක)



    9. KIITO
    Where_to_Tailor_Your_Suit_aniwa_09.jpg

    සාමාන්‍යයෙන් තරඟකාරී මිලකට හොඳම කොලිටියෙන් සූට් එකක් නිම කරගන්න පුලුවන් තැනක් විදියට නම් දරලා තිබුණු කිටෝ බෙස්පෝක් ටේලර්ස්ලාගේ කොලිටිය ඒ සුපිරි ලෙවල් එකෙන්ම තිබුණත්, ගාණ නම් පොඩ්ඩක් වැඩි වෙලා. හැබැයි ඒ ගාණට ලබාදෙන සර්විස් එක ගැන නම් කවුරුවත් අසතු‍ටු වෙන්නෙ නෑ. විශේෂයෙන්ම ස්පෙෂල් කිට් එකක් කරගන්නවා නම් යන්න ඕන තැන්වලින් එකක් තමයි කිටෝ.


    දුරකථන අංක: 0112690740

    මිල ගණන්: 40,000 සිට ඉහළට



    10. Raheem’s Tailors

    Where_to_Tailor_Your_Suit_aniwa_10.jpg

    ඉස්සර තිබුණු පරණම, හොඳම සූට් ටේලර් ෂොප් එකක් විදියට සැලකුණේ රහීමාස් තමයි. හැබැයි කාලෙකදී රහීමාස් දෙකට කැඩුනා. කඩාගෙන ගියපු කට්ටිය රහීම්ස් කියලා ටේලර් ෂොප් එකක් පටන් ගත්තා. අද වෙනකොට රහීමාස් වගේම රහීම්ස් කියන්නෙත් ෆුල් සූට් බෙස්පෝක් ටේලරින් වල නමක් හදාගෙන ඉන්න කට්ටියක්. කැෂුවල්, ප්‍රොෆෙෂනල් නැත්තං ඉවෙන්ට් සූට් එකක් වුනත් මේ කට්ටිය හොඳ මට්ටමින් නිම කරලා දෙනවා.


    දුරකථන අංක: 0114527708, 0113159368

    මිල ගණන්: 18,500 සිට ඉහළට



    මේ කියන්නේ ලංකාවේ ඉන්න හොඳම ටේලර් වරු ගැන නෙවෙයි කියලා මේක කියවන අයියලා අක්කලා මතක තියාගන්ඩෝනේ. මේ කියන්නේ ෆුල් සූට් එකක් මහගන්න ලංකාවේ තියෙන හොඳම ටේලර් ෂොප් වලින් කීපයක් ගැන. තව ලිස්ට් එකට එකතු වෙන්න ඕන තැන් තියෙනවා නම් වහාම අපිට කියන්ඩෝනෑ!

    Issuwe: http://www.aniwa.lk
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    යකෝ මේ ඔක්කොම වගේ හම්බ කඩනි... ලංකාවෙ හොදම එක මෙතන නෑ.. ඒ තමා හර්කියුලිස්.. තුම්මුල්ලෙ තියන්නෙ... කතා නායක ක්ලෝර්ක්, ආණ්ඩුකාර ක්ලෝර්ක් , ගොඩක් අය ඒ කාලෙ ඉන්දන් කොර්ට් අරන් තියන්නෙ එතනින්.. ලංකාවෙ තියන පරනම එකක්.

    දන්නෙ නැත්තන් මේක කියෝපියව් http://sandbox.mawbima.lk/141-107865-news-detail.html
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    යකෝ මේ ඔක්කොම වගේ හම්බ කඩනි... ලංකාවෙ හොදම එක මෙතන නෑ.. ඒ තමා හර්කියුලිස්.. තුම්මුල්ලෙ තියන්නෙ... කතා නායක ක්ලෝර්ක්, ආණ්ඩුකාර ක්ලෝර්ක් , ගොඩක් අය ඒ කාලෙ ඉන්දන් කොර්ට් අරන් තියන්නෙ එතනින්.. ලංකාවෙ තියන පරනම එකක්.

    දන්නෙ නැත්තන් මේක කියෝපියව් http://sandbox.mawbima.lk/141-107865-news-detail.html

    :yes::yes::yes::yes: