ජිනීවා උගතෙක් පැවිදි බිමට
ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වසර 20 ක පමණ කාලයක් විවිධ නිලතල දරමින් හා භාවනා පුහුණුව ලබමින් කටයුතු කළ භක්තිමත් බෞද්ධයකු වූද ජිනීවා උසස් අධ්‍යාපන ආයතනයක ගණිතය හා කාර්මික අධ්‍යාපනය පිළිබඳ ප්‍රවීණ ආචාර්යවරයෙකුවූද ලුවී නිකොලෙට් මහතඇසළ පුර පසළොස්වක පොහෝදා ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ හා ප්‍රංශයේ තුර්නොන් භාවනා ආයතනාධිපති ඥානධරෝ මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ජිනීවා හි ලක්ඛණ හිමි නමින් පැවිදි වී එදිනට උපසම්පදාව ද ලැබීය.තායි හා ලාඕස ථෙරවාද සම්ප්‍රධාය අනුව යමින් ඒ හිමියන් මහණ උපසම්පදාව එදිනට ලැබුහ.
වස් කාලය තුළ එම ආයතනයේ වැඩ වසන ලක්ඛණ හිමියෝ ඉන් අනතුරුව ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අචාර්ය පරවාහැර චන්දරතන නාහිමි ඇසුරේ ධර්ම අධ්‍යාපනය ලැබීමට ද නියමිතය.
මෙම අවස්ථාවට අනුරාධපුර භික්ෂු ධර්ම පීඨයේ විනය පාලක අතලේ සුමණ හිමි, ජිනීවා බෞද්ධ විහාරයේ සහකාර හල්විටිගල සුජාත හිමි, කාම්බෝජ ජාතික බුන් හිමි හා ප්‍රංශ ජාතික ෆ්‍රෙඩ් හිමියෝද සහභාගී වුහ.