ජිනීවා උගතෙක් පැවිදි බිමට

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
ජිනීවා උගතෙක් පැවිදි බිමට

ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ වසර 20 ක පමණ කාලයක් විවිධ නිලතල දරමින් හා භාවනා පුහුණුව ලබමින් කටයුතු කළ භක්තිමත් බෞද්ධයකු වූද ජිනීවා උසස් අධ්‍යාපන ආයතනයක ගණිතය හා කාර්මික අධ්‍යාපනය පිළිබඳ ප්‍රවීණ ආචාර්යවරයෙකුවූද ලුවී නිකොලෙට් මහතඇසළ පුර පසළොස්වක පොහෝදා ආචාර්ය තවලම ධම්මික නාහිමියන්ගේ හා ප්‍රංශයේ තුර්නොන් භාවනා ආයතනාධිපති ඥානධරෝ මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් ජිනීවා හි ලක්ඛණ හිමි නමින් පැවිදි වී එදිනට උපසම්පදාව ද ලැබීය.තායි හා ලාඕස ‍ථෙරවාද සම්ප්‍රධාය අනුව යමින් ඒ හිමියන් මහණ උපසම්පදාව එදිනට ලැබුහ.

වස් කාලය තුළ එම ආයතනයේ වැඩ වසන ලක්ඛණ හිමියෝ ඉන් අනතුරුව ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අචාර්ය පරවාහැර චන්දරතන නාහිමි ඇසුරේ ධර්ම අධ්‍යාපනය ලැබීමට ද නියමිතය.

මෙම අවස්ථාවට අනුරාධපුර භික්ෂු ධර්ම පීඨයේ විනය පාලක අතලේ සුමණ හිමි, ජිනීවා බෞද්ධ විහාරයේ සහකාර හල්විටිගල සුජාත හිමි, කාම්බෝජ ජාතික බුන් හිමි හා ප්‍රංශ ජාතික ෆ්රෙඩ් හිමියෝද සහභාගී වුහ.


 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වියතුන් සහ බුද්ධිමතුන් බුදු දහම කෙරේ පැහැදෙනවා. යථාර්ථය දකිනවා. එය තර්කාණුකූලයි කියල දකිනවා. ප්‍රඥා මාර්ගයක සුවිශේෂි භාවය එයයි.එය වළක්වන්න බෑ........
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mole kalpana karanna puluvan
    yamak hithanna puluvan
    buddiya thiyana
    minissu buddagama adahanna pelabenav ban.

    eth ape samahara gon haththa thamath kathragama deyyo passe duvanava
     
    • Like
    Reactions: Goldberg
    Nov 27, 2009
    2,139
    107
    0
    වියතුන් සහ බුද්ධිමතුන් බුදු දහම කෙරේ පැහැදෙනවා. යථාර්ථය දකිනවා. එය තර්කාණුකූලයි කියල දකිනවා. ප්‍රඥා මාර්ගයක සුවිශේෂි භාවය එයයි.එය වළක්වන්න බෑ........

    :yes::yes::yes: