ජිනීවා ජන්ද විමසීම අද 2.30 pm - අපි දිනයිද පරදීද?
Srilankamirror – ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්රී ලංකා රජයට එරෙහි ඇමෙරිකා යෝජනාව ජිනීවා වේලාවෙන් පෙරවරු 10.00 ට (ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට) ඉදිරිපත් කිරීමට නියමිත බවත්, විනාඩි 90 විවාදයක් පවත්වා ජන්ද විමසීම සිදුකෙරෙන බවත් ජිනීවා තානාපති ආරංචි මාර්ග වලින් වාර්තා වේ. මෙහිදී ශ්රී ලංකාවට හිතවත් රටක් හරහා ඇමරිකානු යෝජනාවට ප්රතියෝජනාවක් ගෙන ඒමට ශ්රී ලංකා නියෝජිතයින් කටයුතු යොදා ඇති අතර, එවැනි තත්වයකදී ඇමරිකානු යෝජනාව සම්බන්ධයෙන් ජන්ද විමසීමක් කල යුතු ද ? නැද්ද ? යන කාරණය පිළිබදව පළමුව ජන්ද විමසීමක් කෙරෙනු ඇත.
ඇමරිකානු යෝජනාවට ජන්ද විමසීමක් කල හැක්කේ ප්රතියෝජනාව පරාජයට පත්වුවහොත් පමණි.
කෙසේවුවද හෙට පැවැත්වෙන විවාදයේදී ශ්රී ලංකාවට අදහස් දැක්වීමට ලැබී ඇත්තේ විනාඩි 3 ක කාලයකි.
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමෙරිකා යෝජනාව පිළිබඳ ජන්ද විමසීමේදී ශ්රී ලංකාව පරාජයට පත්වන ලකුණු පහළ වී ඇති බවත්, දැනට ශ්රී ලංකාවේ සහායට සිටින්නේ චීනය, රුසියාව, කියුබාව ඇතුළු රටවල් 8ක් පමණක් බවත් එරට තානාපති ආරංචි මාර්ගවලින් වාර්තා වේ
ශ්රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව පරාජය කිරීම සඳහා චීනය, රුසියාව හා කියුබාව ඒකාබද්ධව ජිනීවා මානව හිමිකම් කමිටුවේ රාජ්ය තාන්ත්රික සාකච්ඡා පවත්වන බව ද එම ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන්දියාවේ ස්ථාවරය ප්රකාශය කිරීමත් සමග ශ්රී ලංකාවට සහයෝගය ලබාදීමට සිටි අප්රිකා හා මැදපෙරදිග රටවල් රැසක් ශ්රී ලංකාවට එරෙහි යෝජනා පිළිබඳ ජන්ද විමසීමේදී සිය ජන්දය භාවිතා නොකිරීමේ තීරණයකට එළඹ ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
මෙම මානව හිමිකම් සමුළුවේදී රටවල් 47 ක් ජන්දය ප්රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ,
Srilankamirror – ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්රී ලංකා රජයට එරෙහි ඇමෙරිකා යෝජනාව ජිනීවා වේලාවෙන් පෙරවරු 10.00 ට (ශ්රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට) ඉදිරිපත් කිරීමට නියමිත බවත්, විනාඩි 90 විවාදයක් පවත්වා ජන්ද විමසීම සිදුකෙරෙන බවත් ජිනීවා තානාපති ආරංචි මාර්ග වලින් වාර්තා වේ.