ජිනීවා ජන්ද විමසීම අද 2.30 pm - අපි දිනයිද පරදීද?

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජිනීවා ජන්ද විමසීම අද 2.30 pm - අපි දිනයිද පරදීද?


    Srilankamirror – ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජයට එරෙහි ඇමෙරිකා යෝජනාව ජිනීවා වේලාවෙන් පෙරවරු 10.00 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට) ඉදිරිපත් කිරීමට නියමිත බවත්, විනාඩි 90 විවාදයක් පවත්වා ජන්ද විමසීම සිදුකෙරෙන බවත් ජිනීවා තානාපති ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
    මෙහිදී ශ්‍රී ලංකාවට හිතවත් රටක් හරහා ඇමරිකානු යෝජනාවට ප්‍රතියෝජනාවක් ගෙන ඒමට ශ්‍රී ලංකා නියෝජිතයින් කටයුතු යොදා ඇති අතර, එවැනි තත්වයකදී ඇමරිකානු යෝජනාව සම්බන්ධයෙන් ජන්ද විමසීමක් කල යුතු ද ? නැද්ද ? යන කාරණය පිළිබදව පළමුව ජන්ද විමසීමක් කෙරෙනු ඇත.
    ඇමරිකානු යෝජනාවට ජන්ද විමසීමක් කල හැක්කේ ප්‍රතියෝජනාව පරාජයට පත්වුවහොත් පමණි.
    කෙසේවුවද හෙට පැවැත්වෙන විවාදයේදී ශ්‍රී ලංකාවට අදහස් දැක්වීමට ලැබී ඇත්තේ විනාඩි 3 ක කාලයකි.
    ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමෙරිකා යෝජනාව පිළිබඳ ජන්ද විමසීමේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වන ලකුණු පහළ වී ඇති බවත්, දැනට ශ්‍රී ලංකාවේ සහායට සිටින්නේ චීනය, රුසියාව, කියුබාව ඇතුළු රටවල් 8ක් පමණක් බවත් එරට තානාපති ආරංචි මාර්ගවලින් වාර්තා වේ
    ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව පරාජය කිරීම සඳහා චීනය, රුසියාව හා කියුබාව ඒකාබද්ධව ජිනීවා මානව හිමිකම් කමිටුවේ රාජ්‍ය තාන්ත‍්‍රික සාකච්ඡා පවත්වන බව ද එම ආරංචි මාර්ග සදහන් කරයි.
    ඉන්දියාවේ ස්ථාවරය ප‍්‍රකාශය කිරීමත් සමග ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සිටි අප‍්‍රිකා හා මැදපෙරදිග රටවල් රැසක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා පිළිබඳ ජන්ද විමසීමේදී සිය ජන්දය භාවිතා නොකිරීමේ තීරණයකට එළඹ ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
    මෙම මානව හිමිකම් සමුළුවේදී රටවල් 47 ක් ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ,
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    6.gif
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඇයි බොලව් කොටි අවුරැදු 30 ක් කොරපුවා පෙන්නන්න එකෙක් වත් නැද්ද ඔතන?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඇයි බොලව් කොටි අවුරැදු 30 ක් කොරපුවා පෙන්නන්න එකෙක් වත් නැද්ද ඔතන?
    ඕවෑ ගිහින් කතාකරන්ඩ ලංකාව වෙනුවෙන් දාල තියෙන්නෙත් දේශපාලන හෙන්චයියෝ මිස සුදුසුකම් තියෙන එවුන් නෙමේනෙ දාල තියෙන්නේ.:angry::angry::angry::angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඕවෑ ගිහින් කතාකරන්ඩ ලංකාව වෙනුවෙන් දාල තියෙන්නෙත් දේශපාලන හෙන්චයියෝ මිස සුදුසුකම් තියෙන එවුන් නෙමේනෙ දාල තියෙන්නේ.:angry::angry::angry::angry:

    :yes::yes::yes::yes: