ජිම් එකේ බර උස්සන ආච්චි කෙනෙක්

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ජිම් එකේ බර උස්සන ආච්චි කෙනෙක්

    Willie-Murphy-a-77-year-old-grandmother-weightlifter.jpg


    “මම කවදාවත් මට බැහැ කියන වචනේ කියන්නේ නෑ. මම කියන්නේ උත්සාහ කරලා බලන්නම් කියලා. ඒ විදියට තමයි මම මගේ ජීවිතය ගෙවන්නේ. පුළුවන් හැමදේම හැකි උපරිමයකින් කරනවා” මෙහෙම කියන්නේ අපි නම් නෙමෙයි. ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ජිවත්වන අවුරුදු 77ක් වයස Willie Murphy (විලී මර්ෆි) කියන ආච්චි අම්මා. එයා අපි එදිනෙදා ජිවිතයේ දැකල තියන අච්චිලගෙන් තරමක් වෙනස් කෙනෙක්. ඉතාමත් ශක්තිමත්. එයාට පුළුවන් එයාගේ බරට වඩා දෙගුණයක බරක් වුනත් ඔසවන්න. Murphy මේ හැමදෙයක්ම පුරුදු පුහුණු වෙලා තියෙන්නේ තනියම. එක තමයි අනෙක් විශේෂත්වය. මෙයාට තනි අතින් pull-ups සහ push-ups ව්‍යායාම කරන්නත් පුළුවන් ලු .මේ ආච්චි අම්මා කායවර්ධන ව්‍යායාම පටන් අරන් තියෙන්නේ මීට අවුරුදු 4කට විතර කලින් දැකපු කායවර්ධන තරඟයක දැන්වීමක් දැක්කට පස්සේ. රාත්තල් 5ක බරක් උස්සල ගත්ත ඒ ආරම්භය අද තියෙන්නේ කොයි වගේ තැනකද කියල ඕගොල්ලොන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මේ සිද්ධියෙන් අපිට පැහැදිලිවෙන්නේ ජිවිතයේ අපිට අවශ්‍ය දේවල් කිරීමට කිසිදා ප්‍රමාද නෑ කියන කාරණයයි. අවශ්‍ය වන්නේ උත්සාහයයි.

    635528076329904804-LP-willie-murphy-B-112614-Metro.JPG.jpg

    Screen%20Shot%202014-12-02%20at%204.43.39%20PM.png


    ඇයව දකින සමවයසේ කට්ටිය නම් මහත් පුදුමයට පත්වෙනවා කියල දැනගන්න ලැබෙනවා. ඇයගේ මේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිපලයක් විදියට ඇය World Natural Powerlifting සම්මේලනය මගින් සංවිධානය කළ තරඟයකින් 2014 වසරේ , වසරේ බර උසුලන්නාට හිමි සම්මානය දිනාගැනීමටත් සමත්වුනා.

    “මට දැන් අවුරුදු 80ක් වෙන්නත් ලඟයි. අනිත් අය වගේ මාව රෝදපුටුවක තියන් තල්ලු කරන් යන්න මට අවශ්‍යතාවක් නෑ. මම මගේ ජීවිතය උපරිමයෙන් විඳිනවා” ඇය පැවසුවා.

    මැයගේ ජිවිතයෙන් අපට ගතහැකි ආදර්ශ බොහොමයි. ගෙවල් වලට වෙලා කම්මැලි කමේ ඉන්න හැමෝටම මේ කතාවෙන් හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් වෙයි කියල අපි හිතනවා. ජිවිතයේ කවදාවත් පසුබට වෙන්න එපා. ඉදිරියටම යන්න. සෑම දෙයක්ම හැකි උපරිමයකින් කරන්න පුරුදු වෙන්න.මෙයා නං ඇත්තටම සිරා ආච්චි කෙනෙක්.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    73 ඩි පටන් අරන් 77 ඩි මෙහෙම වෙන්න කොච්චර කැපකිරීමක් අක්රන්න ඇද්ද.
    නියම ආච්චි කෙනෙක්
    දීර්ගායුෂ