ජිම් පිස්සන්ට - ප්‍රෝටීන් අඩංගු ආහාර
අපි කවුරුත් දන්නා දෙයක් තමයි කායවර්ධනයට අත්‍යාවශ්‍ය දෙයක් තමයි නිසි පාලනයකින් යුතුව පෝෂ්‍යදායක ආහාර රටාවක් අනුගමනය කිරීම. මෙහිදී හැකි තරම් කාබෝහයිඩ්‍රේට් සහ සීනි අඩංගු ආහාර සීමා කර දිනපතා අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන අඩංගු ආහාර ශරීරයට ලබාගැනීම යෝග්‍ය වේ.
මේ සඳහා සුදුසු ආහාර වර්ග කීපයක් පහත දක්වා තියනවා.
බිත්තර
ප්‍රෝටීන් සපිරි ආහාර අතර ඉතා ඉහලින් තැබිය හැකි ආහාරයකි බිත්තර. ඉතා ඉහල පෝෂණ ගුණයකින් යුතු අඩු මිලට ලබා ගත හැකි ආහාරයක් වන අතර රසවත් අයුරින් සාදාගැනීමට හැකිවීමද විශේෂත්වයකි.
මාළු
මාළු යනු ඉතා විශිෂ්ට ප්‍රෝටීන අඩංගු ආහාරයක් වන අතර මෙය දෛනිකව ඔබ විසින් ඔබගේ කෑම වේලට එක්කර ගතයුතුම දෙයක් ලෙස හැඳින්විය හැකිය.මාළු වල අධික ප්‍රෝටීන් සංඝටක අඩංගු වන අතර කාබෝහයිඩ්‍රේට් සහ සංතෘප්ත මේද අවම වශයෙන් පවතී. තවද මාළු වල ඔමේගා 3 අඩංගු බැවින් එය ඔබගේ සෞඛ්‍යයට ඉතා හිතකර වේ.
මස් වර්ග
විශේෂයෙන්ම රතු පැහැති මස් වර්ගවල අධික ප්‍රෝටීන සංයුතියක් අඩංගු වේ. හරක් මස් නිදසුනක් ලෙස දැක්විය හැකිය. නමුත් මතක තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ මස් වර්ග වල සංතෘප්ත මේද අඩංගු බැවින් අධික පරිභෝජනය නුසුදුසු බවයි. සංතෘප්ත මේද යනු කොලෙස්ටරෝල් ඉහළයාමට ඍජුවම බලපාන සාධකයක් නිසා පාලනයකින් යුතුව ගැනීම වඩාත් සුදුසුය.
බෝංචි , කඩල සහ වෙනත් ධාන්‍ය වර්ග
සාමාන්‍යයෙන් කායවර්ධනයේ යෙදෙන්නන් විශ්වාශ නොකලද ඉහල ප්‍රෝටීන් සංයුතියකින් හෙබි ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම ඉතා සුදුසු වන්නේ එහි සංතෘප්ත මේද අඩංගු නොවන බැවිනි. ඔබගේ ව්‍යායාම වලින් අනතුරුව අවශ්‍ය පටක අලුත්වැඩියාවට මෙය හොඳ දායකත්වයක් සපයයි.
මේදය අඩු කිරි ආහාර
යෝගට්, කොටේජ් චීස් , කිරි වැනි ආහාර ද විශිෂ්ට ප්‍රෝටීන් සැපයුම් මාධ්‍යයකි. පහසුවෙන් මිලදී ගත හැකි වීමත් , විශේෂ පිළියෙළ කිරීමකින් තොරව ආහාරයට ගැනීමට හැකි වීමත් මෙහි ඇති වාසියකි.
පීනට් බටර්
මෙයද පහසුවෙන් වෙළඳ සලකින් මිලදීගත හැකි ප්‍රෝටීන සහිත රසවත් ආහාරයකි.

Last edited: