දුරදිග නොබලා කටයුතු කර පසුතැවිලි වීමට වඩා දුර දිග බලා දහ දුක් විඳ කටයුතු කිරීම ජීවිතයේ ජයග්‍රහණයට හේතු වේ.
-පර්ඩිනැන්ඩ්-
දක්ෂ මිනිසුන් ප්‍රිය කරන්නේත් ගණන් ගන්නේත් දක්ෂතාවය පමනකි.
-එමියල්-
ඔබ මුහුකුරා ගිය පුද්ගලයකු බවට පත් වන්නේ තමන් ගැන දක්වන සැලකිල්ලට වඩා අනුන් ගැන දක්වන සැලකිල්ල වැඩි වූ තැන පටන්ය.
-සාන්ත ප්‍රැන්සිස්-
අතෘප්තිකර පුද්ගලයා හැම බඩුවකම මිල දකියි. එහෙත් කිසිවක අගය නොදනියි.
-විල්ඩේ-
කළ නොහැකි දෙයක් මෙලොව නැත. අවශ්‍යවන්නේ ප්‍රමාණවත් බුද්ධිය සහ කාර්යක්ෂමතාව පමනි.
-තෝමස් පේන්-