මම මෙහෙම කියන්නම්. අපි පොඩි කාලෙ අපි ලෝකෙ ගැන මෙලෝ මගුලක් ලොකුවට දන්නෙ නෑ. අපි ඒ මොහොත අපි ආස විදිහට භුක්ති විඳින්න කලා. ටික ටික අපි ලොකු වෙද්දි දැනගන්නවා විභාග, ආර්තික, සෞක්‍ය ප්‍රශ්න වගෙ එව්වාවලට මුහුණ දෙන්න වෙනවා කියලා. ටික ටික අපි මේ මොහොත ගැන stress වෙවී අනාගතය ගැන anxious වෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙත් තමන්වම තමන් ගැනම සැක කරන්න පටන්ගන්නවා. මේ වෙනකන් අපි දැනන් හිටියෙ අපේ ඉස්කෝලේ යාලුවොයි, අසල්වැසියොයි විතරයි. ඊට පස්සෙ අපිට හම්බෙනවා smart phone එකත් එක්කම internet access එක. ඊට පස්සෙ තමා සෙල්ලම පටන් ගන්නෙ. අපි මේ ලෝකෙ හෙන පොඩි මිනිස්සු සහ අපි එදා වේල කන්න සල්ලි හොයද්දි අපේ මාසෙ මුළු පඩියම එක වේලක් සඳහා වියදම් කරන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ දහස් ගනන් ඉන්නව කියල දැනගන්නවා. තව social media වල vlogs කරන කට්ටි දැක්කහම හිතෙනවා අපි කොච්චර අවාසනාවන්තද කියලා. අපි A/L යන පන්ති ගැන හිතුවොත් එව්වගෙ කියන්නෙත් මැරීගෙන් වැඩ කරපන් engineering/medicine යන්න බැරි උනොත් ජීවිතේම fail කියලා. ඒව අහලා යූ ටියුබ් යද්දි එකෙක් කියනවා ජොබ් එකක් නෑ, එව්වගෙන් මූල්‍ය නිදහස හම්බෙන්නෙ නෑ කියලා. ඒ අස්සෙ උන් matrix එකෙන් එලියට එන්න කියලා මේ course එක කරන්න කියල දාගෙන course විකුනනවා. ඒ අස්සෙ හෙන ලොකු අයිලන්ඩ් රෑන්ක් දාල ඉන්ජිනියරින් ගියපු අයත් මුන්ගෙ තෙලට අහුවුනාම ඉගෙන ගත්තා කියල වැඩක් නෑ කියල හිතෙනව උන්ගෙ Thinking එක ගැන හිතුවහම. ටියුෂන් සර්ලා ලොකුව්ට කිව්ව ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ ගියපු අය කෙල්ලෙක් නෑ, මානසික ආතතිය වැඩියි කියද්දි ඒ පාරේ යන්න හිතෙන්නෙත් නෑ.
ම්ම් පොඩි කාලෙ හිතුවෙ සහ imagine කලේ පට්ට perfect life එහෙක්. ඇතුලත් කාලයක් එක්කම තේරුන realistic නෑ කියල. ගොඩක් වෙලාවට ලස්සන තිබ්බොත් මොලේ නෑ, මොලේ තිබ්බොත් ලස්සන නෑ, ඒ දෙක තිබ්බොත් සල්ලි නෑ, ඔය තුනම තීබ්බොත් ඔයාට මානසික ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට. අපි ජීවිතේ මොනාහරි දෙයක් සාක්ෂාත් කර ගන්න කලින් හැම දෙයක්ම අපේ සල්ලි, කාලය, සෞක්‍ය, තමාගෙ අනන්‍යතාවය කැප කරන්න වෙනව. එහෙම හිතද්දි මොන මගුලකට මෙහෙම මහන්සි වෙනවද කියල හිතෙනවා. සතුට කියන්නෙ dopamine ශ්‍රාවය වෙනව කියල ඉගෙන ගත්තට පස්සෙ අපි නිකන් ජනගහනය පවත්වාගෙන යන්න හදපු robotsල කියලත් හිතෙනවා.
ඔයාල කොහොමද මේ වගෙ එව්වත් එක්ක ජීවිතේ සතුට සහ අසම්පූර්ණකම් සහ අඩුපාඩු එක්ක ජීවිතේ ගෙනියන්නෙ? තව තමුන්ට කොච්චර ලොකු ජයග්‍රහණයක් වුනාද වෙනට ගනන් ගන්න තරම් දෙයක් නැතිවුනා තමන් ගැන හෙන පහල ෆීලින්ග් එක නැති කරගන්නෙ කොහොමද?
ඔබගේ user name 1ක "Yin and Yang".
එය තමයි "
Tao/ the way".
මම නම් දන්න දෙයක් නැහැ.
නමුත්, මේ ටික හිතන්න.
මනුස්සයා කියලා කියන්නේ,
ශරීර, (පංච)
ඉන්ද්‍රිය,
සත්ත්ව (මනස) හා
ආත්ම යන 4හි එකතුවටයි. (ශරීරෙන්ද්‍රිය සත්ත්වාත්මා සංයොගො ධාරි ජීවිතම්/ शरीरेन्द्रियसत्त्वात्मसंयोगो धारि जीवितम् | -චරක සංහිතා සූත්‍රස්ථාන 1.42)
එවැනි මනුස්සයෙකුට, මේ අවශ්‍යතා 4ර උවමනායි, ඒ තමා, ධර්ම, අර්ථ, කාම සහ මෝක්‍ෂය. ඒවාට අපි "
චතුෂ්-පුරුෂාර්ථ" කියලා කියනවා. (ධර්මාර්ථකාමමොක්‍ෂාණාමාරොග්‍යං මූලමුත්තමම්/ धर्मार्थकाममोक्षाणामारोग्यं मूलमुत्तमम् | -ච.සූත්‍ර.1.42)
කුමක් නිසාදයත්,
1. මනුෂ්‍ය "
ශරීරය" පවත්වාගැනීම පිණිස "
අර්ථය" (යම්කිසි ධනයක්/ මුදලක්) අවශ්‍යයි.
2. මනුෂ්‍යයාගේ "(පංච)
ඉන්ද්‍රිය" පිනවීමට "
කාමය" අවශ්‍යයි.
3. මනුෂ්‍යයාගේ "
සත්ත්ව (මනස)" හික්මවීමට "
ධර්මය" අවශ්‍යයි හා අවසාන වශයෙන්
4. මනුෂ්‍යයාගේ "
ආත්ම"යට මිදීමට "
මෝක්‍ෂය (මුක්තිය)" අවශ්‍යයි.
එබැවින්, අපි සියළු දෙනා මනුෂ්‍යයෝ බැවින්, අපි ජීවත්ව ඉන්නතාක් අපි මෙම චතුෂ්-පුරුෂාර්ථ සෙවිය යුතුයි. සෙවීමට සංස්කෘත භාෂාවෙන් "
ඒෂණා" කියලා කියනවා, ඔය "
පර්යේෂණ" කියන වචනය හැදෙන්නෙත් එහෙම, "
පරි"+"
ඒෂණ".
ඉතිං, මෙම "චතුෂ්-පුරුෂාර්ථ" තමයි,
අපි කාගෙත් සෙවීම. මෙයට, ජාති, ආගම්, වයස්, කුල, ලිංග භේද, ආදිය කොහෙත්ම අදාල නැහැ.
නමුත්, මෙම "චතුෂ්-පුරුෂාර්ථ" සාධනය
රෝගියෙකුට කරන්න බැහැ. ඒ නිසා, "
ආරෝග්‍ය (නීරෝගී)"බව මේ සියල්ලට ඉහළින් වැදගත්. ඒ නිසයි, "
ආරොග්‍යං මූලමුත්තමම්" කියලා කියන්නේ.
ඉතිං,
අපි සියල්ලෝම නීරෝගීව සිටීම වැදගත්, මොනවා කරන්නත් කළින්. ඒ ප්‍රස්තුතය දැන් අවබෝධ උනායැයි සිතමි...........
("What is the meaning of life?", "What is the purpose of existence?", "Why do we live", "Why are we here?" කියන ontological ප්‍රශ්නයට උත්තරය තමා ඉහත සදහන් කලේ. ඔය ප්‍රශ්නයට බටහිර චින්තකයන්ට හරිහමන් පිලිතුරක් නැහැ.)
දැන් මම ඔයාගේ ප්‍රශ්නයට එන්නම්,
ඔයා කියලා තියෙන "
ඔයාල කොහොමද මේ වගෙ එව්වත් එක්ක ජීවිතේ සතුට සහ අසම්පූර්ණකම් සහ අඩුපාඩු එක්ක ජීවිතේ ගෙනියන්නෙ? තව තමුන්ට කොච්චර ලොකු ජයග්‍රහණයක් වුනාද වෙනට ගනන් ගන්න තරම් දෙයක් නැතිවුනා තමන් ගැන හෙන පහල ෆීලිඞ් එක නැති කරගන්නෙ කොහොමද?"
කරුණාකරලා මේ සියල්ල ඔබගේ සිතේ හටගන්නා "
හිස්" සිතුවිලි විතරක් බව අවබෝධකරගන්න බලන්න. මේ සියළු විකාර සිතුවිලි හටගන්නේ, ඔබගේ (පංච) ඉන්ද්‍රියයන් ඔබගේ බාහිර දේ සමග ගැටීමෙන් පමණි.
ඒකට තමයි කිව්වේ "රූප, වේදනා, සංඥා, සංකාර හා විඥාන" කියලා.
(ආත්මෙන්ද්‍රියමනොර්ථානාං සන්නිකර්ෂාත් ප්‍රවර්තතෙ
ව්‍යක්තා තදාත්වෙ යා බුද්ධිඃ ප්‍රත්‍යක්‍ෂං ස නිරුච්‍යතෙ
आत्मेन्द्रियमनोर्थानां सन्निकर्षात् प्रवर्तते |
व्यक्ता तदात्वे या बुद्धिः प्रत्यक्षं स निरुच्यते | -ච.සූත්‍ර.11.20)
නැතහොත්, (ඉහත සදහන් කරපු)
ආත්මය+
ඉන්ද්‍රිය+
මනස සහ
අර්ථය (an object, one at a time) (
නොගිණිය හැකි තරම් ඉතා ස්වල්ප කාලයකට) එකට එක්වීමෙන් ඇති කරන
ප්‍රත්‍යක්‍ෂ බුද්ධිය (
සිතුවිල්ල). දැන් මෙය අවබෝධකර ගත්තානම්, මීට පස්සේ, (
අරවා-මේවා දැකලා, ඇහිලා)
හිතේ ඇතිවෙන එක-එක (
විකාර)
සිතුවිලිවල ඔයාව අවුල් කරන්න ඉඩ දෙන්න එපා. මේක හරියට හිත ශික්‍ෂණය කිරීමක් වගේ. (not allowed the mind to stray, instead disciplining the mind.) ඔයා ඕනනම් මේකට "
භාවනාව" කියන්න.
”
උක්කාධාරෝ මනුස්සානං නිච්චං අපචිතෝ මයා” (”මිනිසුන්ට ආලෝකය දෙන්නා නිතර බුහුමනට ලක්වේ.” (I) bow-down to the torch-bearer) -සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ.
(
විද්වාන් සර්වත්‍ර පූජ්‍යතෙ/
විද්වාන් සර්වත්‍ර භ්‍රාජතෙ/
පඤ්ඤා නරානං රතනං (-සංයුත‍්තනිකායො ජරාසුත‍්තං 1.6.1)/
ඒකං සද් විප්‍රා බහුධා වදන්ති (-ඍග්වේද 1.164.46
), මේ සියල්ලම සමාන අර්ථයක් දක්වයි.)
ps-
ඔයාගේ Yin and Yang (Tao/ the way) නැතහොත්
ද්විකෝටිකයේ/ ද්වෛතයේ (duality/ dilemma) සිට,
ත්‍රිකෝටිකය (trilemma), සහ
චතුෂ්කෝටිකය (tetralemma) සහ අවසානය
අද්වෛතය.
මුළු බටහිරම මෙම ද්වෛතයේ තාමත් හිරවෙලා ඉන්නවෙලාවේ, ආසන්න වශයෙන් මීට අවුරුදු 3,000කට හෝ ඊටත් වඩා කලින්, ඉංදියාවේ කපිලමුනි (සාංඛ්‍යදර්ශනය) වැනි මහාඍෂිවරුන් හා සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ මෙම limits of thinking කඩලා-බිදලා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා.
මේ වචන ලිව්වේ අවබෝධයේ ගැඹුර කියන්න මිස, මට මේවා ගැන අවබෝධයක් තියෙනවා කියලා කියන්න (මමත්වය උස්සගන්න) නෙවෙයි. එහෙම කිරීමෙන් මට ලබාගැනීමට දෙයක් ඇත්තේම නැත.
මෙම අවබෝධය ලැබීමට
ස්තුතිය (acknowledgement) පහත පළකරමි.......
ඕං නමො ශ්‍රී මහාකාරුණිකාය....... ඕං නමො ශ්‍රී මහාබුද්ධාය....... ඕං නමො ශ්‍රී මහාසර්වඥාය....... ඕං ශ්‍රී මහාගණපතයෙ නමඃ....... ඕං ශ්‍රී මහාවෛෂ්ණවෙ නමඃ....... ඕං නමඃ ශ්‍රී මහාශිවාය....... ඕං ශ්‍රීං වං ශ්‍රී මහාසරවනභවාය නමඃ....... ඕං ශ්‍රී මහාසද්ගුරුභ්‍යො නමඃ....... ඕං සරස්වත්‍යෛ නමො යස්‍යාඃ ප්‍රසාදාත් පුණ්‍යකර්මභිඃ....... ශ්‍රී දෙවී නමඃ....... මනොවාක්කායදොෂාණාං හර්ත්‍රෙ අහිපතයෙ නමඃ.......