ජිවිතයේ තැනක අතරමන් වී හෝ confused වූ මට ඔබලාගෙ අත්දැකීම් හා උපදෙස් අව්ශ්‍යයයි(Not depressed, just clueless)

Yin And Yang

Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    01. එකටම විටමින් බී කම්ප්ලෙක්ස් එකක් උදේට කෑමෙන් පස්සෙ වගේ ගනින් හෙට ඉඳල සතියක් වගේ. (Zincovit, Guardian etc...)
    02. උඹේ කතාව හොයාගනින්. එතකොට අනුන්ගෙ කතා දැක්කම ඒව දැකල සතුටක් ඇරෙන්න වෙන දෙයක් හිතෙන්නෙ නැති වෙයි.
    03. කවුරුත් උඹ ඔය කියන තැනට එනව මචන්. ඒකෙන් ගැලවෙන්න නම්, අනිවාර්යෙන්ම තමන්ගෙ කතාව, තමන්ගෙ කාල සීමාවන් ගැන අවබෝදයක් ගන්නම වෙනවා කියලයි මම නං හිතන්නෙ සහ ලෝකය පිළිගන්නෙ.
    04. උඹ 2050 විතර ජීවත් වුණොත් හරියටම තේරුම් ගනීවි තමන් ගැන දැනගන්න ප්‍රැක්ටිකල් ටෙක්නොලොඉජි එකක් අවශ්‍ය වෙන්නෙ ඇයි කියල හරියටම.
    05. කම්පෙයා වෙන එක අඩු කරගන්න ඕනෙ කියල කිව්ව නේද? ඒකට එකටම #01 කරන්නම ඕන. තව සප්ලිමන්ට්ස් ඕනෙ වෙන්නත් පුළුවන්. ඒව නං උඹ ඩොකෙක්ගෙන් අහපන්. ඊට පස්සෙ හැකි තරම් බුකියෙන්, ඉන්ස්ට වලින් ගැලවියන්. කිරියට එන්නම ඕන නම්, ගෙස්ට් යූසර් කෙනෙක් විදියට වරෙන්. අනුන්ගෙ දේවල් වලට එන්ගේජ් වෙන්න යන්නම එපා. ඔපීනියන්ස් දෙන්න ගියාම උඹේ මයින්ඩ්සෙට් එක කැඩෙනවා.
    06. ආදරය ස්පර්ශය අනිවාර්ය කාරණයක් මනුස්සයන්ට. විශේෂයෙන්ම අපිට කොල්ලොන්ට. ඒ හින්ද අඩුම තරමෙ සුරතල් සතෙක්ව හරි හුරතල් කරන්න උත්සාහය ගනින්. එහෙම කියල මාළු අතගාන්න එපා උන් මැරෙයි :lol:

    ජයම වේවා මචන්

    View attachment 260705

    Maara 2021
    එලම මචන් thanks
     
    • Like
    Reactions: nidarsha91

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    • Like
    Reactions: nidarsha91

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113

    Matath innw oy patama ekek

    mcp1wf.jpg
     
    nidarsha91

    Well-known member
  • Oh thanks

    ඕකෙ original film එක Charlie එක බැලුවා මචන්. මරු ෆිල්ම් එක:yes:
    ------ Post added on Dec 29, 2025 at 12:39 PM
    උඹට බොහොම ස්තූතියි මචන් මම ඒක ගැන දැනගෙන හිටියෙ නැහැ. මම ඒකෙ විස්තර බැලුවා. මම ඒක්ත බලන්නම්. මගෙ හිස්ට්‍රි එකත් එක්ක වෙන්න ඇති ශ්‍රද්ධා මාධවන් එක්ක මට මේ කතාව ගොඩාක් ෆීල් වුණා කියල හිතෙනවා

    Matath innw oy patama ekek

    mcp1wf.jpg
    ශා නියමයිනෙ ලොක්කා. ලකී පොරක් උඹ ආහ් 😇
    මම දැම්ම එක්කෙනා මට අපේ ගෙයක් ඉස්සරහ ඉඳල හම්බුන කෙනෙක් මචන්. මම කෑම දුන්නා එයාට. ආයෙ එහෙ ගියා කාලෙක බලන්න ඕන
    ------ Post added on Dec 29, 2025 at 12:50 PM
     
    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    උඹට බොහොම ස්තූතියි මචන් මම ඒක ගැන දැනගෙන හිටියෙ නැහැ. මම ඒකෙ විස්තර බැලුවා. මම ඒක්ත බලන්නම්. මගෙ හිස්ට්‍රි එකත් එක්ක වෙන්න ඇති ශ්‍රද්ධා මාධවන් එක්ක මට මේ කතාව ගොඩාක් ෆීල් වුණා කියල හිතෙනවා
    බලහන් මචන් හැබැයි එකම story එක වෙන්නෝන, පොඩි පොඩි වෙනස්කම් ඇති. Dulquer Salmaanගෙ acting මරු
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • බලහන් මචන් හැබැයි එකම story එක වෙන්නෝන, පොඩි පොඩි වෙනස්කම් ඇති. Dulquer Salmaanගෙ acting මරු
    ඇත්තටම ස්තූතියි මචන්. මම ඒ ඇක්ටර්ගෙ ෆිල්ම්ස් මොකුත් බලලම නෑ. සීතා රාමම් එකේ ඉන්නෙත් මේ ඇක්ටර් නේද? ආයෙ අර චිත්‍රපටි නිළියෙක්ගෙ එකකත් දැකල තියෙනවා. උඹ කියනව නං අනිවා බලමු. ආයෙ ඉන්නුම් කොන්ජම් නේරම් ඇක්ට්‍රස් නේද කෙල්ල? තැන්ක්යු ලොක්කා

    බලහන් මචන් හැබැයි එකම story එක වෙන්නෝන, පොඩි පොඩි වෙනස්කම් ඇති. Dulquer Salmaanගෙ acting මරු

    අපි කිව්ව කරුණු කීපයක් මෙතනත් කියනව මචන්. එකෙක් කියල තිබ්බා අදම ත්‍රෙඩ් එකක මේ ෆෝරම් එකේ එක චරිතයක්, සාමාන්‍ය ලෝකෙදි එක චරිතයක්. රෙඩිට් එකේ තව චරිතයක් කියල. ඒත්, යුනික් එක චරිතයක් තියාගන්න පුළුවන් නං කොච්චර ජීවිතේ පහසුද කියල විඳලම බලන්න ඕන. පහසුයි. ෆේක් මේන්ටේනන්ස් නෑ. ලෝකෙට පේන්න ඕකේ වගේ පෙන්නල ගෙදර ඇවිල්ලා බොරුවට කපටි විදියට සතුටු වෙන්න ඕනෙත් නෑ, අයියෝ මම බොරු කළානෙ කියල දුක් වෙන්න ඕනෙත් නෑ
    ------ Post added on Dec 29, 2025 at 12:59 PM
     
    Last edited:
    • Love
    Reactions: Yin And Yang

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93
    ඇත්තටම ස්තූතියි මචන්. මම ඒ ඇක්ටර්ගෙ ෆිල්ම්ස් මොකුත් බලලම නෑ. සීතා රාමම් එකේ ඉන්නෙත් මේ ඇක්ටර් නේද? ආයෙ අර චිත්‍රපටි නිළියෙක්ගෙ එකකත් දැකල තියෙනවා. උඹ කියනව නං අනිවා බලමු. ආයෙ ඉන්නුම් කොන්ජම් නේරම් ඇක්ට්‍රස් නේද කෙල්ල? තැන්ක්යු ලොක්කා
    ඔව් ඔව් අනිවා මචන්

    අපි කිව්ව කරුණු කීපයක් මෙතනත් කියනව මචන්. එකෙක් කියල තිබ්බා අදම ත්‍රෙඩ් එකක මේ ෆෝරම් එකේ එක චරිතයක්, සාමාන්‍ය ලෝකෙදි එක චරිතයක්. රෙඩිට් එකේ තව චරිතයක් කියල. ඒත්, යුනික් එක චරිතයක් තියාගන්න පුළුවන් නං කොච්චර ජීවිතේ පහසුද කියල විඳලම බලන්න ඕන. පහසුයි. ෆේක් මේන්ටේනන්ස් නෑ. ලෝකෙට පේන්න ඕකේ වගේ පෙන්නල ගෙදර ඇවිල්ලා බොරුවට කපටි විදියට සතුටු වෙන්න ඕනෙත් නෑ, අයියෝ මම බොරු කළානෙ කියල දුක් වෙන්න ඕනෙත් නෑ
    ඇත්ත හැබැයි practically ඒක ටිකක් අමාරුයි. මාත් පුළුවන් උපරිම try කරන්වා ඒ විදිහට ඉන්න :yes:
    ------ Post added on Dec 29, 2025 at 1:19 PM
     
    • Love
    Reactions: nidarsha91

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,714
    2,157
    113
    ඔයාල කොහොමද මේ වගෙ එව්වත් එක්ක ජීවිතේ සතුට සහ අසම්පූර්ණකම් සහ අඩුපාඩු එක්ක ජීවිතේ ගෙනියන්නෙ? තව තමුන්ට කොච්චර ලොකු ජයග්‍රහණයක් වුනාද වෙනට ගනන් ගන්න තරම් දෙයක් නැතිවුනා තමන් ගැන හෙන පහල ෆීලින්ග් එක නැති කරගන්නෙ කොහොමද?

    ජීවිතේ කියන්නේ අපි හදාගත්ත වටිනාකම් ටිකක් පස්සේ දුවන එක.

    සල්ලි තිබ්බා කියලා ජීවිතේ සතුට සහ අංගසම්පූර්ණ කම කියලා දෙයක් කවදාවත් ලගා කරගන්න බැහැ. පතුලක් පේන්නැති pit එකක් පුරවනවා වගේ තමයි.

    ඔය සතුට කියලා සම්මුතියේ කතා කරන සතුට හෙන හුච්චන්, සතුට කියලා කියන්නවත් බැරි, සතුටක්, මොකද ඕක හැමතිස්සෙම සාපේක්ෂව පැවතිලා, ඒ නිසාම inevitable දුකක් උරුම කරලා දෙන නිසා. ධහමේ හරි සතූටක්, සුඛයක් වශයෙන් උදාහරණ වලට ගන්නෙත් ප්‍රථම ධ්‍යාන සමාපත්තියේ ඉදන් ඉහලට. ජීවීතේ ඇත්ත හොයනවනම් කියන්න තියෙන්නේ බන අහන්න කියලා තමයි.

    හැබැයි උබ මේ thread එක දාන්නේ depressed වෙලානම්, ගිහින් මුලින්ම counsellor කෙනෙක් හම්බෙලා professional සහය ගනින්. මානසික ප්‍රශ්න කොහොමත් බහුලව තියෙනවා අද කාලේ සංකීර්ණ, stressful ජීවන රටාව නිසා.
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    ලෝකෙ ඉන්න කවුරුවත් life එක fully figure out කරගත්ත අය නෑ බන්.

    ලෝකෙ ඉන්න බහුතරයක් දෙනාට ඔහොම ප්‍රශ්නයක් තියෙනවද කියලවත් ඔලුවට එන්නෙ නෑ.
    එයාල එදිනෙදා දෙවල් ටික කරගෙන, දවස් වෙන කාලගුනය, දේශපාලනය, ක්‍රිකට මැච් එකක්,
    නලු නිලියන් ගැන වගේ සිද්දි ටිකක් කතා කරල ජීවත් වෙනව.

    අනික් එක අපිට ඕන හැමදේම ජීවිතයෙ ලගාකරගන්න හරිම අමාරුයි. මොකක් හරි දෙයක්
    මිස් වෙනව. මොකද හැමදේටම දෙන්න කාලයක් නෑනෙ. සීමිත කාලයක් තමා තියෙන්නෙ.

    ඒ කාලය ඇතුලෙ කරන්න තියෙන්නෙ මොකක්ද කියල තීරණය කරන්න ඕන තමන්මයි.
    මොකද හරි උත්තරයක් කියල දෙයක් නෑ. ඒත් සම්භාවිතාවය අනුව ගොඩක් දුරට
    හරි වෙන්න පුලුවන් උත්තරයක් තියෙනව.

    "If you gaze long into an abyss, the abyss gazes also into you"

    උබ A/L කරන කොල්ලෙක් හින්ද + ජීව්තයෙ තැනක කියල ටයිටල් එකේ තිබ්බ
    නිසා මෙක මතක් වුනා.. 🤟

    Last edited:

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මම මෙහෙම කියන්නම්. අපි පොඩි කාලෙ අපි ලෝකෙ ගැන මෙලෝ මගුලක් ලොකුවට දන්නෙ නෑ. අපි ඒ මොහොත අපි ආස විදිහට භුක්ති විඳින්න කලා. ටික ටික අපි ලොකු වෙද්දි දැනගන්නවා විභාග, ආර්තික, සෞක්‍ය ප්‍රශ්න වගෙ එව්වාවලට මුහුණ දෙන්න වෙනවා කියලා. ටික ටික අපි මේ මොහොත ගැන stress වෙවී අනාගතය ගැන anxious වෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙත් තමන්වම තමන් ගැනම සැක කරන්න පටන්ගන්නවා. මේ වෙනකන් අපි දැනන් හිටියෙ අපේ ඉස්කෝලේ යාලුවොයි, අසල්වැසියොයි විතරයි. ඊට පස්සෙ අපිට හම්බෙනවා smart phone එකත් එක්කම internet access එක. ඊට පස්සෙ තමා සෙල්ලම පටන් ගන්නෙ. අපි මේ ලෝකෙ හෙන පොඩි මිනිස්සු සහ අපි එදා වේල කන්න සල්ලි හොයද්දි අපේ මාසෙ මුළු පඩියම එක වේලක් සඳහා වියදම් කරන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ දහස් ගනන් ඉන්නව කියල දැනගන්නවා. තව social media වල vlogs කරන කට්ටි දැක්කහම හිතෙනවා අපි කොච්චර අවාසනාවන්තද කියලා. අපි A/L යන පන්ති ගැන හිතුවොත් එව්වගෙ කියන්නෙත් මැරීගෙන් වැඩ කරපන් engineering/medicine යන්න බැරි උනොත් ජීවිතේම fail කියලා. ඒව අහලා යූ ටියුබ් යද්දි එකෙක් කියනවා ජොබ් එකක් නෑ, එව්වගෙන් මූල්‍ය නිදහස හම්බෙන්නෙ නෑ කියලා. ඒ අස්සෙ උන් matrix එකෙන් එලියට එන්න කියලා මේ course එක කරන්න කියල දාගෙන course විකුනනවා. ඒ අස්සෙ හෙන ලොකු අයිලන්ඩ් රෑන්ක් දාල ඉන්ජිනියරින් ගියපු අයත් මුන්ගෙ තෙලට අහුවුනාම ඉගෙන ගත්තා කියල වැඩක් නෑ කියල හිතෙනව උන්ගෙ Thinking එක ගැන හිතුවහම. ටියුෂන් සර්ලා ලොකුව්ට කිව්ව ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ ගියපු අය කෙල්ලෙක් නෑ, මානසික ආතතිය වැඩියි කියද්දි ඒ පාරේ යන්න හිතෙන්නෙත් නෑ.

    ම්ම් පොඩි කාලෙ හිතුවෙ සහ imagine කලේ පට්ට perfect life එහෙක්. ඇතුලත් කාලයක් එක්කම තේරුන realistic නෑ කියල. ගොඩක් වෙලාවට ලස්සන තිබ්බොත් මොලේ නෑ, මොලේ තිබ්බොත් ලස්සන නෑ, ඒ දෙක තිබ්බොත් සල්ලි නෑ, ඔය තුනම තීබ්බොත් ඔයාට මානසික ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට. අපි ජීවිතේ මොනාහරි දෙයක් සාක්ෂාත් කර ගන්න කලින් හැම දෙයක්ම අපේ සල්ලි, කාලය, සෞක්‍ය, තමාගෙ අනන්‍යතාවය කැප කරන්න වෙනව. එහෙම හිතද්දි මොන මගුලකට මෙහෙම මහන්සි වෙනවද කියල හිතෙනවා. සතුට කියන්නෙ dopamine ශ්‍රාවය වෙනව කියල ඉගෙන ගත්තට පස්සෙ අපි නිකන් ජනගහනය පවත්වාගෙන යන්න හදපු robotsල කියලත් හිතෙනවා.

    ඔයාල කොහොමද මේ වගෙ එව්වත් එක්ක ජීවිතේ සතුට සහ අසම්පූර්ණකම් සහ අඩුපාඩු එක්ක ජීවිතේ ගෙනියන්නෙ? තව තමුන්ට කොච්චර ලොකු ජයග්‍රහණයක් වුනාද වෙනට ගනන් ගන්න තරම් දෙයක් නැතිවුනා තමන් ගැන හෙන පහල ෆීලින්ග් එක නැති කරගන්නෙ කොහොමද?
    K K සමන් කුමාර ගේ විඩියෝ ටිකක් බලපන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඔය ඔක්කටම මුල ධර්මය නැති කම
    එන්න අල්ලා සුබාහානුතුල්ලාගේ ආශිර්වාදය ලබාගන්න ජීවීතේ සියලු හරාම් දේවල් වලින් මිදී දෙවියන් වෙනුවෙන් කැපවෙන්න ආරාධනා කරනවා ☝️
     
    • Haha
    Reactions: Yin And Yang

    maharetas

    Member
    Dec 27, 2025
    19
    19
    3
    මම මෙහෙම කියන්නම්. අපි පොඩි කාලෙ අපි ලෝකෙ ගැන මෙලෝ මගුලක් ලොකුවට දන්නෙ නෑ. අපි ඒ මොහොත අපි ආස විදිහට භුක්ති විඳින්න කලා. ටික ටික අපි ලොකු වෙද්දි දැනගන්නවා විභාග, ආර්තික, සෞක්‍ය ප්‍රශ්න වගෙ එව්වාවලට මුහුණ දෙන්න වෙනවා කියලා. ටික ටික අපි මේ මොහොත ගැන stress වෙවී අනාගතය ගැන anxious වෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙත් තමන්වම තමන් ගැනම සැක කරන්න පටන්ගන්නවා. මේ වෙනකන් අපි දැනන් හිටියෙ අපේ ඉස්කෝලේ යාලුවොයි, අසල්වැසියොයි විතරයි. ඊට පස්සෙ අපිට හම්බෙනවා smart phone එකත් එක්කම internet access එක. ඊට පස්සෙ තමා සෙල්ලම පටන් ගන්නෙ. අපි මේ ලෝකෙ හෙන පොඩි මිනිස්සු සහ අපි එදා වේල කන්න සල්ලි හොයද්දි අපේ මාසෙ මුළු පඩියම එක වේලක් සඳහා වියදම් කරන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ දහස් ගනන් ඉන්නව කියල දැනගන්නවා. තව social media වල vlogs කරන කට්ටි දැක්කහම හිතෙනවා අපි කොච්චර අවාසනාවන්තද කියලා. අපි A/L යන පන්ති ගැන හිතුවොත් එව්වගෙ කියන්නෙත් මැරීගෙන් වැඩ කරපන් engineering/medicine යන්න බැරි උනොත් ජීවිතේම fail කියලා. ඒව අහලා යූ ටියුබ් යද්දි එකෙක් කියනවා ජොබ් එකක් නෑ, එව්වගෙන් මූල්‍ය නිදහස හම්බෙන්නෙ නෑ කියලා. ඒ අස්සෙ උන් matrix එකෙන් එලියට එන්න කියලා මේ course එක කරන්න කියල දාගෙන course විකුනනවා. ඒ අස්සෙ හෙන ලොකු අයිලන්ඩ් රෑන්ක් දාල ඉන්ජිනියරින් ගියපු අයත් මුන්ගෙ තෙලට අහුවුනාම ඉගෙන ගත්තා කියල වැඩක් නෑ කියල හිතෙනව උන්ගෙ Thinking එක ගැන හිතුවහම. ටියුෂන් සර්ලා ලොකුව්ට කිව්ව ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ ගියපු අය කෙල්ලෙක් නෑ, මානසික ආතතිය වැඩියි කියද්දි ඒ පාරේ යන්න හිතෙන්නෙත් නෑ.

    ම්ම් පොඩි කාලෙ හිතුවෙ සහ imagine කලේ පට්ට perfect life එහෙක්. ඇතුලත් කාලයක් එක්කම තේරුන realistic නෑ කියල. ගොඩක් වෙලාවට ලස්සන තිබ්බොත් මොලේ නෑ, මොලේ තිබ්බොත් ලස්සන නෑ, ඒ දෙක තිබ්බොත් සල්ලි නෑ, ඔය තුනම තීබ්බොත් ඔයාට මානසික ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට. අපි ජීවිතේ මොනාහරි දෙයක් සාක්ෂාත් කර ගන්න කලින් හැම දෙයක්ම අපේ සල්ලි, කාලය, සෞක්‍ය, තමාගෙ අනන්‍යතාවය කැප කරන්න වෙනව. එහෙම හිතද්දි මොන මගුලකට මෙහෙම මහන්සි වෙනවද කියල හිතෙනවා. සතුට කියන්නෙ dopamine ශ්‍රාවය වෙනව කියල ඉගෙන ගත්තට පස්සෙ අපි නිකන් ජනගහනය පවත්වාගෙන යන්න හදපු robotsල කියලත් හිතෙනවා.

    ඔයාල කොහොමද මේ වගෙ එව්වත් එක්ක ජීවිතේ සතුට සහ අසම්පූර්ණකම් සහ අඩුපාඩු එක්ක ජීවිතේ ගෙනියන්නෙ? තව තමුන්ට කොච්චර ලොකු ජයග්‍රහණයක් වුනාද වෙනට ගනන් ගන්න තරම් දෙයක් නැතිවුනා තමන් ගැන හෙන පහල ෆීලින්ග් එක නැති කරගන්නෙ කොහොමද?
    ඔබගේ user name 1ක "Yin and Yang".
    එය තමයි "Tao/ the way".
    මම නම් දන්න දෙයක් නැහැ.
    නමුත්, මේ ටික හිතන්න.
    මනුස්සයා කියලා කියන්නේ, ශරීර, (පංච) ඉන්ද්‍රිය, සත්ත්ව (මනස) හා ආත්ම යන 4හි එකතුවටයි. (ශරීරෙන්ද්‍රිය සත්ත්වාත්මා සංයොගො ධාරි ජීවිතම්/ शरीरेन्द्रियसत्त्वात्मसंयोगो धारि जीवितम् | -චරක සංහිතා සූත්‍රස්ථාන 1.42)
    එවැනි මනුස්සයෙකුට, මේ අවශ්‍යතා 4ර උවමනායි, ඒ තමා, ධර්ම, අර්ථ, කාම සහ මෝක්‍ෂය. ඒවාට අපි "චතුෂ්-පුරුෂාර්ථ" කියලා කියනවා. (ධර්මාර්ථකාමමොක්‍ෂාණාමාරොග්‍යං මූලමුත්තමම්/ धर्मार्थकाममोक्षाणामारोग्यं मूलमुत्तमम् | -ච.සූත්‍ර.1.42)
    කුමක් නිසාදයත්,
    1. මනුෂ්‍ය "ශරීරය" පවත්වාගැනීම පිණිස "අර්ථය" (යම්කිසි ධනයක්/ මුදලක්) අවශ්‍යයි.
    2. මනුෂ්‍යයාගේ "(පංච) ඉන්ද්‍රිය" පිනවීමට "කාමය" අවශ්‍යයි.
    3. මනුෂ්‍යයාගේ "සත්ත්ව (මනස)" හික්මවීමට "ධර්මය" අවශ්‍යයි හා අවසාන වශයෙන්
    4. මනුෂ්‍යයාගේ "ආත්ම"යට මිදීමට "මෝක්‍ෂය (මුක්තිය)" අවශ්‍යයි.
    එබැවින්, අපි සියළු දෙනා මනුෂ්‍යයෝ බැවින්, අපි ජීවත්ව ඉන්නතාක් අපි මෙම චතුෂ්-පුරුෂාර්ථ සෙවිය යුතුයි. සෙවීමට සංස්කෘත භාෂාවෙන් "ඒෂණා" කියලා කියනවා, ඔය "පර්යේෂණ" කියන වචනය හැදෙන්නෙත් එහෙම, "පරි"+"ඒෂණ".
    ඉතිං, මෙම "චතුෂ්-පුරුෂාර්ථ" තමයි, අපි කාගෙත් සෙවීම. මෙයට, ජාති, ආගම්, වයස්, කුල, ලිංග භේද, ආදිය කොහෙත්ම අදාල නැහැ.
    නමුත්, මෙම "චතුෂ්-පුරුෂාර්ථ" සාධනය රෝගියෙකුට කරන්න බැහැ. ඒ නිසා, "ආරෝග්‍ය (නීරෝගී)"බව මේ සියල්ලට ඉහළින් වැදගත්. ඒ නිසයි, "ආරොග්‍යං මූලමුත්තමම්" කියලා කියන්නේ.
    ඉතිං, අපි සියල්ලෝම නීරෝගීව සිටීම වැදගත්, මොනවා කරන්නත් කළින්. ඒ ප්‍රස්තුතය දැන් අවබෝධ උනායැයි සිතමි...........
    ("What is the meaning of life?", "What is the purpose of existence?", "Why do we live", "Why are we here?" කියන ontological ප්‍රශ්නයට උත්තරය තමා ඉහත සදහන් කලේ. ඔය ප්‍රශ්නයට බටහිර චින්තකයන්ට හරිහමන් පිලිතුරක් නැහැ.)

    දැන් මම ඔයාගේ ප්‍රශ්නයට එන්නම්,
    ඔයා කියලා තියෙන "ඔයාල කොහොමද මේ වගෙ එව්වත් එක්ක ජීවිතේ සතුට සහ අසම්පූර්ණකම් සහ අඩුපාඩු එක්ක ජීවිතේ ගෙනියන්නෙ? තව තමුන්ට කොච්චර ලොකු ජයග්‍රහණයක් වුනාද වෙනට ගනන් ගන්න තරම් දෙයක් නැතිවුනා තමන් ගැන හෙන පහල ෆීලිඞ් එක නැති කරගන්නෙ කොහොමද?"
    කරුණාකරලා මේ සියල්ල ඔබගේ සිතේ හටගන්නා "හිස්" සිතුවිලි විතරක් බව අවබෝධකරගන්න බලන්න. මේ සියළු විකාර සිතුවිලි හටගන්නේ, ඔබගේ (පංච) ඉන්ද්‍රියයන් ඔබගේ බාහිර දේ සමග ගැටීමෙන් පමණි.
    ඒකට තමයි කිව්වේ "රූප, වේදනා, සංඥා, සංකාර හා විඥාන" කියලා.
    (ආත්මෙන්ද්‍රියමනොර්ථානාං සන්නිකර්ෂාත් ප්‍රවර්තතෙ
    ව්‍යක්තා තදාත්වෙ යා බුද්ධිඃ ප්‍රත්‍යක්‍ෂං ස නිරුච්‍යතෙ
    आत्मेन्द्रियमनोर्थानां सन्निकर्षात् प्रवर्तते |
    व्यक्ता तदात्वे या बुद्धिः प्रत्यक्षं स निरुच्यते | -ච.සූත්‍ර.11.20)

    නැතහොත්, (ඉහත සදහන් කරපු) ආත්මය+ඉන්ද්‍රිය+මනස සහ අර්ථය (an object, one at a time) (නොගිණිය හැකි තරම් ඉතා ස්වල්ප කාලයකට) එකට එක්වීමෙන් ඇති කරන ප්‍රත්‍යක්‍ෂ බුද්ධිය (සිතුවිල්ල). දැන් මෙය අවබෝධකර ගත්තානම්, මීට පස්සේ, (අරවා-මේවා දැකලා, ඇහිලා) හිතේ ඇතිවෙන එක-එක (විකාර) සිතුවිලිවල ඔයාව අවුල් කරන්න ඉඩ දෙන්න එපා. මේක හරියට හිත ශික්‍ෂණය කිරීමක් වගේ. (not allowed the mind to stray, instead disciplining the mind.) ඔයා ඕනනම් මේකට "භාවනාව" කියන්න.

    උක්කාධාරෝ මනුස්සානං නිච්චං අපචිතෝ මයා” (”මිනිසුන්ට ආලෝකය දෙන්නා නිතර බුහුමනට ලක්වේ.” (I) bow-down to the torch-bearer) -සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ.
    (විද්වාන් සර්වත්‍ර පූජ්‍යතෙ/ විද්වාන් සර්වත්‍ර භ්‍රාජතෙ/ පඤ්ඤා නරානං රතනං (-සංයුත‍්තනිකායො ජරාසුත‍්තං 1.6.1)/ ඒකං සද් විප්‍රා බහුධා වදන්ති (-ඍග්වේද 1.164.46), මේ සියල්ලම සමාන අර්ථයක් දක්වයි.)

    ps-
    ඔයාගේ Yin and Yang (Tao/ the way) නැතහොත් ද්විකෝටිකයේ/ ද්වෛතයේ (duality/ dilemma) සිට, ත්‍රිකෝටිකය (trilemma), සහ චතුෂ්කෝටිකය (tetralemma) සහ අවසානය අද්වෛතය.
    මුළු බටහිරම මෙම ද්වෛතයේ තාමත් හිරවෙලා ඉන්නවෙලාවේ, ආසන්න වශයෙන් මීට අවුරුදු 3,000කට හෝ ඊටත් වඩා කලින්, ඉංදියාවේ කපිලමුනි (සාංඛ්‍යදර්ශනය) වැනි මහාඍෂිවරුන් හා සිද්ධාර්ථ ගෞතම බුදුන්වහන්සේ මෙම limits of thinking කඩලා-බිදලා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා.
    මේ වචන ලිව්වේ අවබෝධයේ ගැඹුර කියන්න මිස, මට මේවා ගැන අවබෝධයක් තියෙනවා කියලා කියන්න (මමත්වය උස්සගන්න) නෙවෙයි. එහෙම කිරීමෙන් මට ලබාගැනීමට දෙයක් ඇත්තේම නැත.

    මෙම අවබෝධය ලැබීමට ස්තුතිය (acknowledgement) පහත පළකරමි.......
    ඕං නමො ශ්‍රී මහාකාරුණිකාය....... ඕං නමො ශ්‍රී මහාබුද්ධාය....... ඕං නමො ශ්‍රී මහාසර්වඥාය....... ඕං ශ්‍රී මහාගණපතයෙ නමඃ....... ඕං ශ්‍රී මහාවෛෂ්ණවෙ නමඃ....... ඕං නමඃ ශ්‍රී මහාශිවාය....... ඕං ශ්‍රීං වං ශ්‍රී මහාසරවනභවාය නමඃ....... ඕං ශ්‍රී මහාසද්ගුරුභ්‍යො නමඃ....... ඕං සරස්වත්‍යෛ නමො යස්‍යාඃ ප්‍රසාදාත් පුණ්‍යකර්මභිඃ....... ශ්‍රී දෙවී නමඃ....... මනොවාක්කායදොෂාණාං හර්ත්‍රෙ අහිපතයෙ නමඃ.......
     
    Last edited: