මම මෙහෙම කියන්නම්. අපි පොඩි කාලෙ අපි ලෝකෙ ගැන මෙලෝ මගුලක් ලොකුවට දන්නෙ නෑ. අපි ඒ මොහොත අපි ආස විදිහට භුක්ති විඳින්න කලා. ටික ටික අපි ලොකු වෙද්දි දැනගන්නවා විභාග, ආර්තික, සෞක්‍ය ප්‍රශ්න වගෙ එව්වාවලට මුහුණ දෙන්න වෙනවා කියලා. ටික ටික අපි මේ මොහොත ගැන stress වෙවී අනාගතය ගැන anxious වෙන්න පටන් ගන්නවා. ඊට පස්සෙත් තමන්වම තමන් ගැනම සැක කරන්න පටන්ගන්නවා. මේ වෙනකන් අපි දැනන් හිටියෙ අපේ ඉස්කෝලේ යාලුවොයි, අසල්වැසියොයි විතරයි. ඊට පස්සෙ අපිට හම්බෙනවා smart phone එකත් එක්කම internet access එක. ඊට පස්සෙ තමා සෙල්ලම පටන් ගන්නෙ. අපි මේ ලෝකෙ හෙන පොඩි මිනිස්සු සහ අපි එදා වේල කන්න සල්ලි හොයද්දි අපේ මාසෙ මුළු පඩියම එක වේලක් සඳහා වියදම් කරන්න පුළුවන් මිනිස්සු මේ ලෝකේ දහස් ගනන් ඉන්නව කියල දැනගන්නවා. තව social media වල vlogs කරන කට්ටි දැක්කහම හිතෙනවා අපි කොච්චර අවාසනාවන්තද කියලා. අපි A/L යන පන්ති ගැන හිතුවොත් එව්වගෙ කියන්නෙත් මැරීගෙන් වැඩ කරපන් engineering/medicine යන්න බැරි උනොත් ජීවිතේම fail කියලා. ඒව අහලා යූ ටියුබ් යද්දි එකෙක් කියනවා ජොබ් එකක් නෑ, එව්වගෙන් මූල්‍ය නිදහස හම්බෙන්නෙ නෑ කියලා. ඒ අස්සෙ උන් matrix එකෙන් එලියට එන්න කියලා මේ course එක කරන්න කියල දාගෙන course විකුනනවා. ඒ අස්සෙ හෙන ලොකු අයිලන්ඩ් රෑන්ක් දාල ඉන්ජිනියරින් ගියපු අයත් මුන්ගෙ තෙලට අහුවුනාම ඉගෙන ගත්තා කියල වැඩක් නෑ කියල හිතෙනව උන්ගෙ Thinking එක ගැන හිතුවහම. ටියුෂන් සර්ලා ලොකුව්ට කිව්ව ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ ගියපු අය කෙල්ලෙක් නෑ, මානසික ආතතිය වැඩියි කියද්දි ඒ පාරේ යන්න හිතෙන්නෙත් නෑ.
ම්ම් පොඩි කාලෙ හිතුවෙ සහ imagine කලේ පට්ට perfect life එහෙක්. ඇතුලත් කාලයක් එක්කම තේරුන realistic නෑ කියල. ගොඩක් වෙලාවට ලස්සන තිබ්බොත් මොලේ නෑ, මොලේ තිබ්බොත් ලස්සන නෑ, ඒ දෙක තිබ්බොත් සල්ලි නෑ, ඔය තුනම තීබ්බොත් ඔයාට මානසික ප්‍රශ්නයක් ගොඩක් වෙලාවට. අපි ජීවිතේ මොනාහරි දෙයක් සාක්ෂාත් කර ගන්න කලින් හැම දෙයක්ම අපේ සල්ලි, කාලය, සෞක්‍ය, තමාගෙ අනන්‍යතාවය කැප කරන්න වෙනව. එහෙම හිතද්දි මොන මගුලකට මෙහෙම මහන්සි වෙනවද කියල හිතෙනවා. සතුට කියන්නෙ dopamine ශ්‍රාවය වෙනව කියල ඉගෙන ගත්තට පස්සෙ අපි නිකන් ජනගහනය පවත්වාගෙන යන්න හදපු robotsල කියලත් හිතෙනවා.
ඔයාල කොහොමද මේ වගෙ එව්වත් එක්ක ජීවිතේ සතුට සහ අසම්පූර්ණකම් සහ අඩුපාඩු එක්ක ජීවිතේ ගෙනියන්නෙ? තව තමුන්ට කොච්චර ලොකු ජයග්‍රහණයක් වුනාද වෙනට ගනන් ගන්න තරම් දෙයක් නැතිවුනා තමන් ගැන හෙන පහල ෆීලින්ග් එක නැති කරගන්නෙ කොහොමද?