මන් මට ටාගට්ස් ටිකක් තියාගෙන උන්න සමහර ඒවා හිතුවටත් වඩා හොදට ඉෂ්ට කරගත්තත් සමහර ඒවා අවාසනාවට මිස් උනා සමහර ඒවායේ මගේ මේ වයස වෙනකොට ලගාවෙන්න ඕනේ ලෙවල් එකේ ඉන්න නිසා මන් Achievements ගොඩටම දානවා.
1) අම්මට තාත්තාට උපරිම සලකාගෙන සහෝදර සහෝදරයින්ට යුතුකම් ඉෂ්ට කිරීම (තාත්තා අපෙන් සදහටම වෙන් උනත් මන් මගේ උපරිමයෙන් තාත්තාට සැලකුව, අම්ම්මව උපරිම හොදට බලාගන්නවා, සහෝදර සහෝදරයින්ගේ කටයුතු වලදී මගෙන් වෙන්න ඕනේ උපරිම දේවල් කරලා තියෙන්නේ)
2) වයස 25 වෙනකොට මන් ජිවිතේ වැඩියෙන්ම ආස කරපු යතුරු පැදියක් මිලට ගැනීම (තවම යතුරු පැදිය ගෙදර තියෙනවා, දැන්නම් සාලේ ලස්සනට තියල තියෙන්නේ)
3) වයස 30 ට කලින් විවාහ වීම: (වයස 28 දී කරගත්ත)
4) අවම දරුවන් 3ක් උපරිමය 5 දක්වා (දැනට දරුවන් දෙදෙනෙක් ගේ පියෙක්)
5) වය 35 වෙන්න කලින් බිරිදට ආසම විදියේ කාර් එකක් අරගෙන දීම (40% වගේ සල්ලි හදාගෙන තියෙන්නේ, මේක බදින්න කලින්ම උන පොරොන්දුවක් එයාට)
6) හොද අධ්‍යාපන මට්ටමකට ලගාවීම, මෙටික කරන්න ප්‍රධාන හේතුව උනේ මගේ අම්ම, එයා තමයි මන් මගේ රැකියාව කරන ක්ෂේත්රයට දැම්මේ, මාව දිරිමත් කරලා මගේ ලගින්ම උන්නේ (certificate level පටන් අරගෙන HND, BSc & Msc දැනට achieve කරලා තියෙන්නේ වයස 40 වෙන්න කලින් MBA or Phd එකක් කරන්න තියෙනවා, හැබැයි මේ සේරම කරලා මන් 40 දී විශ්‍රම ගන්නවා)
7) වයස 30 කලින් මගේම කියල කාර් එකක් ගැනීම (වයස 29 දීම ආදායමක් එන විදිහේ වහනයක් ගත්ත අද කාර් එකකටත් වඩා වෙළදපොල වටිනාකමක් තියෙන)
8) වයස 35 ට කලින් මගේම කියල ගෙයක් හදාගන්න (දැනට 32 යි ගෙයි 75% වගේ ඉවරයි)
9) වයස 40 දී රැකියාවෙන් ඉවත් වෙලා දරුවන් බිරිද සමග කාලය ගත කිරීම (40 වෙනකොට අතේ තියෙන්න ඕනේ ගණනින් 50% ස්ථාවර තැන්පතුවක් විදියට හම්බ කරීම)
10) වයස 40 න් පස්සේ මගේ ආසම විනෝදාංශය වෙන වාහන අරගෙන විකුණන ව්‍යාපාරය ආරම්භ කිරීම (මන් වයස 17 විතර ඉදන් මේ ව්‍යාපාරේ කරලා අධ්‍යාපන කටයුතු නිසා නවැත්තුවේ, මේ ව්‍යාපාරයට අවශ්‍ය සම්බන්ධකම් දැනටමත් හදාගෙන තිබීම)