බැඳලා ජීවත් උනේ මහ ගෙදර, හැමදාම ගෑනියි අම්මයි වලි. මාර කරුමයක් ගෙව්වේ.
පොඩි එකීට මාස හතරෙන් වයිෆ්ට වැඩට යන්න ළමය බලාගන්න ගෑනු කෙනෙක් වැඩට ගත්තා. මාසයක් හිටියේ නෑ එන්න බෑ කිව්වා. ඔහොම දෙතුන් දෙනෙක් ගත්තා එකෙක් වත් වැඩි කාලයක් ඉන් නෑ. හොයලා බලද්දි අම්මා උන් එක්කත් වලි දාගන්නවා. එක ගෑනියෙකුට තාත්තා කෙලින්ම කියලා ආපහු එන්න එපා කියලා. හැබැයි මම ඉන්න තැනක මූණට කිසි දෙයක් නෑ හරි හොඳට ඉන්නවා.
මම තමයි ගෙදර අවශ්‍ය දේවල් ගෙනාවේ, හැබැයි අම්ම හැමදාම අනම් මනම් කියනවා කුණුකම් කරනවා අරකයි මෙකයි කියලා. බලද්දි අම්ම හැම සතියෙම නංගි බලන්න යද්දි බඩු ටිකක් අරන් යනවා, හතර දෙනෙක්ට ගේන ඒවා හය දෙනෙක්ට මදිනේ ඇත්තටම ඒකයි කේස් එක වෙලා තියෙන්නේ.
එක දවසක් මට අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න උනා. පැය දෙකකින් විතර වයිෆ්ගෙන් කෝල් එකක් එනවා ආයෙත් රණ්ඩු වෙලා. වයිෆ්ව තාත්තා ගෙදරින් එලියට දාලා මහ රෑ ළමයත් එක්ක.
කරන්න දෙයක් නෑ බලෙන් ටිකට් කපාගෙන ගෙදර ගියා.
මේක හැමදාම කරන්න බැරි හින්දා තාත්තගෙන් වෙනම ගෙනක් හදාගන්න පොඩි ඉඩක් ඉල්ලුවා. තාත්තා බෑ කිව්වා පොල් ගස් කපන්න වෙනවා කියලා. මචං අක්කර 5 ක ඉඩමක් තාත්තට තියෙන්නේ, ඒ තිබිලා තමා බෑ කිව්වේ.
පහුවදාම කුලියට ගෙයක් හොයාගෙන ගියා.
ඇත්තටම තිබ්බේ ඇදිවතයි ළමයගේ බඩු ටිකයි වහනෙයි විතරයි. වෙන දෙයක් ඉතිරි කරලා තිබ්බේ නෑ.
හොයාගත්තේ ගනන් අඩුම ගෙයක්, මුලු ගේම තෙමෙනවා වැස්සට. නිදාගන්න ඇඳට උඩින් ඉටිරෙදි ගහගෙන හිටියේ කෙල්ල තෙමෙන හින්දා.
මේක උනේ හරියටම කොරෝනා නිව්ස් එක ඇවිල්ලා සතියකින් විතර.
ඊට පස්සේ ලොක්ඩවුන් එක ආවා, සුපිරි කට්ටක් කෑවා ඒ කාලේ.
එක යාළුවෙක් උදව් කරා, වයිෆ්ගේ අම්මා උදව් කරා, වෙන නෑයෝ යාළුවෝ මොකෙක්වත් ගණන් ගත්තෙවත් නෑ.
ඒකෙන් තෙරේම් ගත්තා මිනිස්සුන්ගේ හැටි, විශේෂයෙන්ම අම්මා තාත්තා ගැනත්.
හැබැයි ඒකෙන් ආපු මොරාල් එක නම් කියලා වැඩක් නෑ. තාම අවුරුදු හයයිනේ, ඒ හයට ඉඩම් ගත්තා, ගෙවල් හැදුවා, වාහන ගත්තා. මේ දුපතේ චෙක් ලිසිට් එකේ අත්‍යවශ්‍ය දේවල් ටික ඕක්කොම චෙක් කරගත්තා. දැන් ඇත්තටම තාත්තට වඩා මට ඉඩම් තියෙනවා.
දැන් හිතෙනවා අපරාදේ අවුරුදු 18 විතර ගෙදරින් එයට බැස්සා නම් සුපිරි ගේමක් ගන්න තිබ්බා කියලා.
දැන් ඇත්තටම හොඳට අත දීගෑරලා ඉන්න සල්ලි තියෙනවා, දැන් නෑදැයෝ, යාළුවෝ හරියට ඉන්නවා. හැබැයි ඉතින් නමට විතරක් ආස්‍රය කරලා ඉන්නවා.