ජීවිතපූජාවේ අරුත
වාර්තාකරණයට එරෙහිව බිය ගැන්වීමක් -ජාතික හෙළ උරුමය
වෙසක් පුන් පොහෝදා දළදා මාළිගය ඉදිරිපිට ගව ඝාතනයට හා බෞද්ධයන් අන්‍ය ආගම්වලට බඳවා ගැනීමට විරුද්ධව බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් තම සිරුරට ගිනි තබාගත් අවස්ථාව සජීවීව වීඩීයෝ ගත කළ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදියෙකු වන කමල් සුරවීර මහතා ප්‍රශ්න කිරීම සදහා අත්අංඩගුවට ගැනීම මාධ්‍ය නිදහස හා වාර්තාකරණයට එරෙහිව දියත් කළ බිය ගැන්වීමක් හා මර්දනයක් බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටියි.
ඒ පිළිබඳව තම පක්ෂයේ බලවත් විරෝධය පළකරමින් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.
බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තබාගත් ආකාරයත් ඊට ප්‍රථම උන්වහන්සේ කළ ප්‍රකාශත් රට ඉදිරියේ නිවැරදිව වාර්තා කිරීමට හැකිවූයේ එම මාධ්‍යවේදියා තම මාධ්‍ය වගකීම නිසියාකාරව ඉටුකළ නිසාවෙනි. එසේ නිවැරදිවත් විකෘති කිරීමකින් තොරවත් එය වාර්තා කිරීම නිසා උන්වහන්සේ ජීවිතය පූජා කළ උත්තම අරමුණ රටට දැක ගන්නට ලැබුණි, අසන්නට ලැබුණි.
උන්වහන්සේගේ උත්තම පූජාව ගරහාවට හා අවමානයට ලක් කරමින් බොරු ප්‍රචාර දියත් කරමින් තිඛෙන මොහොතක උන්වහන්සේගේ ජීවිත පූජාවේ අරුත රටට, ලෝකයට පෙන්වන එකම සාකෂිය වන්නේ එම සජීවී වීඩියෝ පටයයි.
එය සජීවීව වාර්තාකිරීම ගැන ඇතැමුන් බියට පත්ව ඇත. එය නිවැරදිව වාර්තා කිරීම නිසා බෞද්ධ ජනතාව කම්පනයටත් සංවේගයටත් පත්ව ඇති අතර, ගව ඝාතනයට විරුද්ධව උන්වහන්සේ නැගූ හඩ ඉදිරියේ ගොළුවන්, බිහිරන්ව සිටි අයට රිදෙන්නට ඇත.
එම නිසා බියට පත් බලධාරීන්, නිලධාරීන් හා දේශපාලන අධිකාරියේ ඇතැමුන් එය වාර්තා කළ මධ්‍යවේදියා බියවැද්දීමට හා මර්ධනය කිරීමට උත්සහ කරමින් ඇත. එය පැහැදිළිවම මාධ්‍ය නිදහසට එල්ල කරන තර්ජනයකි. එම තර්ජනයට හා බිය වැද්දීමට එරෙහිව මාධ්‍ය නිදහස අගය කරන සියළු දෙනා ඊට එරෙහිව නැගී සිටිය යුතුය. මෙම මාධ්‍ය බියවැද්දීම පිළිකුලින් හෙළා දකිමු.'' යයි එම නිවේදනයේ සඳහන්වේ.
ජාතික හෙළ උරුමයේ නිවේදනයට අදාල වාර්තාවක්, ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පතේ '' සිද්ධිය දැන සිටි මාධ්‍යවේදියා සමාජ වගකීම පැහැර හැරලා'' යන ශීර්ෂයෙන් අද මුල් පිටුවේම විශේෂ වාර්තාවක් ලෙස පලවී තිබිණ.