ජීවිතයට කදිම පාඩමක්!
.
.
පොඩ්ඩකට නැවතිලා මේ කතාව කියවන්න..
මට එක දෙයක් කියන්න පුලුවන් මේ කතාව කියවගෙන යනකොට ඔබේ හිතට පුංචි දුකක් නම් දැනෙයි.

ජීවිතයේ සමහර පුංචි දේවල් ගොඩාක් හිත රිද්දනවා. ඒ වගේම ජීවිතයේ සමහර ලොකු දේවල් පොඩ්ඩක්වත් හිත රිද්දන්නේ නැති අවස්ථාත් තියෙනවා.
මේවා ගැන හිතපුවාම මනස තුළ ඇඳෙන්නේ 'ඇයි එහෙම වෙන්නේ' කියන ප්‍රහේළිකාවක්..

අතීත මතකයන් වෙතට නිවාඩුවක් තියෙන වෙලාවක ගියාම එහෙම ප්‍රහේළිකාවක් වුණ සිදුවීම් තවමත් අපේ ජීවිත තුළ කොයිතරම් ප්‍රමාණයක් තියෙනවාද කියලා වෙලාවකට හිතෙනවා.
එහෙම කතාවක් මට ළඟදි කෙනෙක් කිව්වා. මට ඔහු කිව්ව ඒ කතාව එයා කියන විදියටම ඔයාට කියන්නම්.
අපේ ගෙදර තිබුණේ කොළඹ නගරයට ආසන්නව. අපේ අම්මටයි තාත්තටයි හොඳට සල්ලි තිබුණා. ඒක නිසා අපි කාලා බීලා හරි සතුටින් හිටියා.
නගරයේ හැන්දෑවට බිස්නස් කරන සංචාරක වෙළෙන්දන් හැමෝම බිස්නස් කරන්න යන්නේ අපේ ගෙදර ඉස්සරහා තියෙන පාරෙන්.
කඩල මුදලාලිලා, අයිස්ක්‍රීම් මුදලාලිලා, බැලුන් මුදලාලිලා ගොඩක් අපේ ගෙදර ළඟින් යනවා. ඒ අය පදිංචි වෙලා හිටියේ අපි පදිංචි වෙලා ඉන්න පැත්තේ අවසාන මායිමෙන් පටන් ගන්න වත්තක.
මට එතකොට වයස අවුරුදු 13ක් විතර ඇති. අම්මා කැමති නෑ මම කඩචෝරු කනවාට. ඒක නිසා පාරේ වෙළඳාම් කරන කඩවලින් කන්න දුන්නෙම නෑ.

අනික වත්තේ අය විකුණන කෑම කනවාට එයා කොහොමත් කැමති නෑ. ඒත් මම ආසයි ඒ කෑම කන්න.
දවසක් අපේ ගෙදර ඉස්සරහින් කඩල අරගෙන නිතර යන වෙළෙන්දෙක් එයාගේ කරත්තය නවත්වලා අසල තියෙන තවත් ගෙදරකට ගියා.
මම ඒ වෙලාවේ හිමිහිට ගිහින් එතනින් කඩල ගොටුවක් අරගෙන දුවගෙන ගෙදරට ආවා. ඊට පස්සේ මම හොරෙන්ම කාමරේට ඇවිත් රස කර කර කඩල කෑවා.
කඩල මුදලාලි මේක දැක්කේ නෑ. කඩල හොරකම් කිරීමේ වීරකම ගැන මම ඉස්කෝලේ යාළුවන්ටත් කිව්වා.
වසරක් ගියා. දෙකක් ගියා. තවත් කාලය වේගයෙන් ගියා. මම ටික ටික ලොකු වුණා.
මම අම්මලා එක්ක තවදුරටත් නිදා ගන්නේ නැතුව උඩ තට්ටුවේ කාමරේක තනියෙන් නිදාගන්නත් පටන් ගත්තා.
මම සාමාන්‍යයෙන් කලින් නිදාගන්නවා. දවසක් රෑ දොළහට විතර මම සදළු තලයට ඇවිත් පාරේ එහෙ මෙහෙ යන මිනිස්සු දිහා බලාගෙන හිටියා.
සමහරු හොඳටම බීලා පාරේ වමනේ දානවා. තවත් සමහරු කෝල් කරලා කාටහරි කුණුහරුපෙන් බනිනවා.
මේ අතරේ කෙනෙක් කඩල කරත්තයක් තල්ලු කරගෙන හිමින් හිමින් ගෙදර ළඟ පාරෙන් යනවා.
ඒ මම මීට අවුරුදු කිහිපයකට කලින් කඩල හොරෙන් ගත්ත මුදලාලි නේද කියලා මට මතක් වුණා. ඒ දසුන මගේ හිතට ලොකු දුකක් ගෙනාවා.
මම ඔහු දකින්නම රාත්‍රී හතරක් පමණ රෑ දොළහා වෙනකල් හිටියා.
අපිට සල්ලි තිබුණට සමහර මිනිස්සු සල්ලි හම්බ කරන්න කොයිතරම් දුක් විඳිනවාද කියලා හිතුනා. එදා රුපියල් 10ක් දීලා කඩල ගත්තේ නැති එක ගැන මට ලොකු දුකක් ඇති වුණා.

මම මගේ අතින් වුණ වැරැද්ද නිවැරදි කරන්න පුංචි සැලසුමක් ගහන්න හිතුවා.

මම ඔහු එනකල් බලාගෙන හිටියා. ඊට පස්සේ ඔහු අපේ ගෙදර පහු කරලා ටිකක් කරත්තය අමාරුවෙන් තල්ලු කරගෙන ගියා.
"මාමේ... මාමේ..."
"ඇයි පුතා?" ඔහුගේ ඇස් කරදරවලින් ගිලිලා ගිහින්. ඔහු මහන්සියෙන් හුස්ම ගන්න හඬ මට දැනුණා.
"මම මාමගේ පස්සෙන්මයි ආවේ. එනකොට රුපියල් 1000ක් බිම වැටිලා තිබුණා. ඒක වැටෙන්න ඇත්තේ මාමගේ අතින් වෙන්න ඇති" මම බොරුව බොරුවක් වගේ කිව්වා.
"ඒක වෙන්න බෑ" වෙළෙන්දා පසුම්බියවත් පරීක්ෂා නොකර කෙලින්ම කිව්වා.
"ඇයි?"
"අද රුපියල් 500කවත් බිස්නස් තිබුණේ නෑ"
"ආහ්.. එහෙනම් මාමා ගන්න මේක. මට සල්ලි තියෙනවා. අවුලක් නෑ"
මම රුපියල් 1000ක නෝට්ටුව ඔහු වෙතට දිගු කළා. ඔහු බුලත් කෙළ වටේට ගැවුණ කටපුරා මඳ සිනාවක් පෑවා.

"අනේ එපා පුතේ. ඕක ලැබුණේ ඔයාටනේ. පුතා ඕක තියාගෙන හොඳ පොතක් ගන්න. ඔයා ඇත්තටම හොඳ ළමයෙක්. ගොඩක් රෑ වෙලා. මම යනවා ළමයෝ"
දිගු හුස්මක් අමාරුවෙන් ඉහළට ගත්ත ඔහු හිමින් හිමින් කරත්තය ඉදිරියට තල්ලු කළා.
කරත්තයේ එල්ලිලා එහාට මෙහාට පැද්දෙන භූමිතෙල් ලාම්පුවේ සියුම් ලා කහ පැහැති ආලෝකයෙන් ඔහුගේ සිහින් විඩාපත් රුව නොපෙනී යනකල්ම මම පාරට වෙලා ඔහේ බලාගෙන හිටියා.
මුඩුක්කුවක ජීවත් වුණත්, ඔහුගේ හදවත රුවන් පිරුණු මාලිගාවක් වගේ නේද කියලා හමාගෙන ගිය සුළඟ මට සිමින් මුමුණලා කිව්වා.

රුපියල් 10ක කඩල ගොටුවක් සොරකම් කළාට වඩා දුකක් එදා මගේ හදවතට තදින් දැනුණා.
අනිත් අයගෙන් හොරෙන් සිතිවිල්ලක්වත් ගන්න මට දැන් බෑ. කාගෙන්වත් හොරෙන් ගත්ත දේවල් පස්සේ දෙන්න කවදාවත් බෑ.

හොරෙන් ගත්ත දේවල් හොරෙන් හිතේ තියාගත්තම දැනෙන වේදනාව මට තාමත් දැනෙනවා.
අන්න ඒ නිසා මම දැන් කාගෙවත් ආදරයවත් හොරෙන් ගන්නේ නෑ.
කාලෙකට කලින් මට කියවන්නට ලැබුණු පොතක තමයි මේ කතාව තිබුනේ..

ඇත්තටම මේ කතාවෙන් අපිට හිතට ගන්න යමක් තියෙන නිසාම තමයි මෙහෙම share කරන්නත් හිතුනේ.
ඉතින් මේ ගැන ඔයාලට හිතෙන දේත් පහළින් ලියාගෙන යන්නත් අමතක කරන්න එපා.

Last edited: