ජීවිතයත් ගහක කොළයක් වගේ….

Pamalka dileni

Junior member
  • Sep 15, 2018
    53
    35
    18
    evil uoy erehw
    ජීවිතයත් ගහක කොළයක් වගේ….





    පුංචිම පුංචි දළුවකින් පටන් අරගෙන
    ලෝකෙටම පේන්න ලොකුවෙනකොට
    කාටද ආස හිතෙන්නෙ නැත්තේ පොඩි එකා ගැන​
    පටන් ගන්නකොට පාට ගහලා තිබුනාට
    ඒපාට තියෙන්නේ ටිකකාලයයි
    මෝරනකොට ඒක වෙනස් වෙනවා නේද?​
    තරුණ විසය ඇගට ගහලා විසේකාර වෙන්න කලින්
    ඒ තිබුන ළමා ගතියට හැමෝම ආසයි හැමදාමත්
    ආම් බාම් කරන්න අමාරු තරුණ කමට වඩා..​
    තරුණ කාලය හැමදාටමයි කියලා හිතුවට
    ඒ සුළු කාලෙදි කාටවත් නැවෙන්න බැරි වුනාට
    ඒක ජීවිතයේ සුන්දරම කාලයක් හැමෝම ආස​
    ටිකෙන් ටික පරිණතවුනාම ටිකක් පැහෙන්න ගත්තාම
    පාට වැහැරෙන්න පටන් ගත්තාම දුකයි තමයි බෝම
    නමුත් වෙනවා යන්නට නතර නොවී දිගටම​
    වගකීම් බෝමයි වැඩ රාජකාරි අපමනයි
    ගහ දැන් ටිකක් පරණයි අලුත් අය ඉපිලෙයි
    දැන් නම් මහන්සියි යන්නට කාලයයි​
    මා මහළු වයසේ ඉන්නට බැරිය පෙරසේ
    දුර්වලව ඉමි මෙසේ සිසිල් සුලගක් එන ලෙසේ
    හිත සදන් මෙසේ වැටෙන්නට රිසිසේ​
    වැ‍ටුනු විට පෙළෝතලයට මෙලෙසා
    කල කීදෑ කියති සැමදෙනා අස්වසා
    මගේ කාලය අහවරය මෙලෙසා​
    ඉගනුමට යමක් ඉතිරිකොට මෙසේ
    යන්නට යමි මෙලෙස කොලයක් විලසේ
    ජීවිතයත් ගහක කොළයක් වගේ….​




    උපුටාගැනීමකි
     
    Last edited: