ජීවිතයත් ගහක කොළයක් වගේ….
පුංචිම පුංචි දළුවකින් පටන් අරගෙන
ලෝකෙටම පේන්න ලොකුවෙනකොට
කාටද ආස හිතෙන්නෙ නැත්තේ පොඩි එකා ගැන
උපුටාගැනීමකි
පුංචිම පුංචි දළුවකින් පටන් අරගෙන
ලෝකෙටම පේන්න ලොකුවෙනකොට
කාටද ආස හිතෙන්නෙ නැත්තේ පොඩි එකා ගැන
පටන් ගන්නකොට පාට ගහලා තිබුනාට
ඒපාට තියෙන්නේ ටිකකාලයයි
මෝරනකොට ඒක වෙනස් වෙනවා නේද?
ඒපාට තියෙන්නේ ටිකකාලයයි
මෝරනකොට ඒක වෙනස් වෙනවා නේද?
තරුණ විසය ඇගට ගහලා විසේකාර වෙන්න කලින්
ඒ තිබුන ළමා ගතියට හැමෝම ආසයි හැමදාමත්
ආම් බාම් කරන්න අමාරු තරුණ කමට වඩා..
ඒ තිබුන ළමා ගතියට හැමෝම ආසයි හැමදාමත්
ආම් බාම් කරන්න අමාරු තරුණ කමට වඩා..
තරුණ කාලය හැමදාටමයි කියලා හිතුවට
ඒ සුළු කාලෙදි කාටවත් නැවෙන්න බැරි වුනාට
ඒක ජීවිතයේ සුන්දරම කාලයක් හැමෝම ආස
ඒ සුළු කාලෙදි කාටවත් නැවෙන්න බැරි වුනාට
ඒක ජීවිතයේ සුන්දරම කාලයක් හැමෝම ආස
ටිකෙන් ටික පරිණතවුනාම ටිකක් පැහෙන්න ගත්තාම
පාට වැහැරෙන්න පටන් ගත්තාම දුකයි තමයි බෝම
නමුත් වෙනවා යන්නට නතර නොවී දිගටම
පාට වැහැරෙන්න පටන් ගත්තාම දුකයි තමයි බෝම
නමුත් වෙනවා යන්නට නතර නොවී දිගටම
වගකීම් බෝමයි වැඩ රාජකාරි අපමනයි
ගහ දැන් ටිකක් පරණයි අලුත් අය ඉපිලෙයි
දැන් නම් මහන්සියි යන්නට කාලයයි
ගහ දැන් ටිකක් පරණයි අලුත් අය ඉපිලෙයි
දැන් නම් මහන්සියි යන්නට කාලයයි
මා මහළු වයසේ ඉන්නට බැරිය පෙරසේ
දුර්වලව ඉමි මෙසේ සිසිල් සුලගක් එන ලෙසේ
හිත සදන් මෙසේ වැටෙන්නට රිසිසේ
දුර්වලව ඉමි මෙසේ සිසිල් සුලගක් එන ලෙසේ
හිත සදන් මෙසේ වැටෙන්නට රිසිසේ
වැටුනු විට පෙළෝතලයට මෙලෙසා
කල කීදෑ කියති සැමදෙනා අස්වසා
මගේ කාලය අහවරය මෙලෙසා
කල කීදෑ කියති සැමදෙනා අස්වසා
මගේ කාලය අහවරය මෙලෙසා
ඉගනුමට යමක් ඉතිරිකොට මෙසේ
යන්නට යමි මෙලෙස කොලයක් විලසේ
ජීවිතයත් ගහක කොළයක් වගේ….
යන්නට යමි මෙලෙස කොලයක් විලසේ
ජීවිතයත් ගහක කොළයක් වගේ….
උපුටාගැනීමකි
Last edited:
