අදින් වසර ගණනාවකට පෙර දිනක් නගරයේ බැංකුවකට ගිය පුද්ගලයෙකි. ඇතුලු වූ පසු හෙතම වටපිට බැලුවේ ඔහුගේ කාර්‍යය කරගැනීමට පෑනක් සෙවීමටයි. බැංකුවේ තිබූ පෑන් සියල්ල ගනුදෙනුකරුවන් විසින් භාවිත කරමින් පැවතුනු බැවින් හෙතම ලග සිටි මහත්මයකුගෙන් "මහත්මයා පෑන පොඩ්ඩක් දෙනවද" ඇසුවේය. ඒ මහතා සිනාසී පෑන ඔහු අත තැබුවේ "බැංකුවකට එනකොට පෑනක් ගේන්න දන්නේ නැද්ද" යනුවෙන් අසමිනි. ඔහුට ස්තුති කල හෙතෙම අලුත් පෑනක් අසල වෙළදසලෙන් මිළදී ගත් අතර එය සැමවිටම සාක්කුවේ තබා ගැනීමට වග බලාගත්තේය. පසුකාලීනව පියාගෙන් පුතාටත් එම පුරුද්ද ගියේය. වසර ගණනාවකට පසු හෙතම එදා ඒ මහත්මයා උගන්නපු පාඩම තම පුතුට කියාදුන් අතර පියාගෙන් ඉගෙනගෙන අදටත් මගේ සාක්කුවේ පෑනක් නිතරම තිබේ.
අපිට ජීවිතයේ අත්දැකීම් කියන්නේ වටිනා දෙයක්. මම නම්, සල්ලි දීලාවත් ලබාගන්න බැරි අත්දැකීම් ලබාදීම ගැන මගේ ජීවතයේ හම්බුන අයට ස්තුතිවන්ත වෙනවා. මගේ දෙවැනි හෝ තුන්වෙනි ජොබ් එකේදී ලොක්කා පුරුදු කරා හැම තිස්සෙම පොඩි නෝට්බූක් එකක් ලග තියාගෙන ඉන්න. දැන්නම් නෝට්බුක් එක හැලිලා. ඒ උනාට කොල කෑල්ලක් පෑනක් නම් හැම වෙලාවේම තියෙනවා.