ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    බස් ඒකකට නැගලා ටිකට් ගන්න කොන්දා අහද්දී කොහාටද යන්නේ කියලා අමතක වෙලා තියෙනවා.
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    matath cha seen deka thunakma wela thiyenawa ekak dannam

    10di withara aluth van ekakata maru wuna.ude eddi e katte hitiye man witharai kollekta.man baba wage issaraha awa.hawasa van eka enakam inna kiyapu thana thawa yaluwo dethun denek ekka hitiye ena van walata wihilu kara kara.
    oya asse kollo dethun denek inna kello puropu van ekak api hitapu hariyen ayin karala nawaththuwa.kelloth api hitapu paththa balanawa hari hari.mata athal eka wadi wela ahuwa monada balanne kiyala.:):)
    tikakin meter wune e man giya aluth van eka kiyala.uncle karaya horn ekawath gahuwe na:growl::growl::growl:
    man ithin man mukuth kiwwe na wage gihin van eke issarahin wadi wuna.wadi wuna witharai e uncle karaya kiyapi"man hithuwa putha ada gedara yanne na kiyala".:sorry::sorry::sorry::sorry:
    mata ehemmama wahanen bahala van eka yanakota eka issarahatama paninna hithuna.kello hoo kiya kiya hina wenawa.

    eeta passe kawadawath e van eke pitipassa baluwe na.eth redi andagena lajja nathuwa eke giya:lol::lol::lol:


    549532_10150632590211903_711756902_9588964_1382133212_n.jpg
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේක Range Rover එකක් පදින්න ගිහින් වෙච්චි සිද්ධියක්.. සිද්ධිය වෙච්ච තැන දොළොස්දෙනෙක් විතර හිටියා.. කෙල්ලො පස් දෙනෙක්ද කොහෙද හිටියා.. අපේ බොසත් හිටියා.. පාටියක් වෙලාවෙ.. අපේ යාලුවෙක්ගෙ Range Rover එකක්.. මාත් පොඩ්ඩක් අනුමත වෙලා හිටියෙ.. පකා වගේ මායි තව එකෙකුයි වාහනේට නැග්ගා රවුමක් යන්න හිතාගෙන.. මං හතර වටේ බලනවා ගියර් පොල්ල කෝ කියලා.. විනාඩි දහයක් පහළොවක්ම හෙව්වා.. අහන්නත් මොකක්ද වගේනේ.. අරුන් බලනවා මං මොකක්ද යකෝ රවුමක් පදින්න ඉල්ලලා වාහනේ ඇතුලට වෙලා කරන්නෙ කියලා.. ඔය අස්සෙ මාත් එක්ක වාහනේට නැගපු අනිත් එකා අහනවා.. ඕයි මේ.. වාහනේ පදින්න කලින් මේ රන්ඳුවට කියපං මේකෙ ගියර් පොල්ල තියෙන තැන.. මූ මේ දාඩිය දාගෙන පොල්ල හොයනවා කිව්වා.. වස ලැජ්ජාව බං.. ඔක්කෝම හිනා වුණා බඩවල් අල්ලගෙන..:angry: කවුද දන්නෙ ඔය හුයන්න උඩට එන්නෙ ස්ටාර්ට් කලාම කියලා..:(

    Range-Rover-Evoque-Live-Paris-2010-1gearbox.jpg


    මොනා වුණත් පට්ට වන්ඩිය ඈ..:dull:



    :lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මං හතර වටේ බලනවා ගියර් පොල්ල කෝ කියලා..
    Range-Rover-Evoque-Live-Paris-2010-1gearbox.jpg


    මොනා වුණත් පට්ට වන්ඩිය ඈ..:dull:

    කලින් දන්නෙත් නැතුව බොරුවට හිනා වෙන උන්ට මෙන්න ෆොටෝ එකක් :)
    EvoqueGearSelector.gif

     
    • Like
    Reactions: RavinduSha

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මේ සිද්දියේ මොකුත් ලැජ්ජාවක් උනේ නෑ. එත් උනානම් මට සැහෙන කාලෙකට ලෝකෙට මුණ දෙන්නනම් වෙන්නෙ නෑ....

    මේක උනේ ඉන්ග්ලිෂ් ක්ලාස් එකකදී. අපේ පන්තියේ එල කෙල්ලෙක් හිටිය, එකියි මයි සාමාන්යෙන් මුළු දවසෙම වලි.(ආතල් එකට ) ඒකිට ඒ කලේ සින්දු සිඩි පිස්සුව ගහල තිබ්බ. මම කරන වැඩේ එයාගේ මොකක් හරි හොරකම් කරනවා. එයා මගේ මොකක් හරි උස්සනවා.:love:

    දවසක් පන්තියට ඕඩියෝ සිඩි එකක් ගෙනත් තිබ්බ. මම ඉල්ලුව ඉල්ලුව දෙන්න බෑමලු. මාත් කරවැඩේ බෑග් එකෙන් ඕක පන්නල ගෙදර ගෙනිහින් සතියක් තියාගෙන ඉඳල ගෙනත් දුන්න. (කෙල්ලට පට්ට මල. හිතල තියෙන්නේ CD එක නැති උනා කියලා.):P:P

    කරුමෙට එදා මට ක්ලාස් එකේ කොල්ලෙක් වැලක් තියෙන සිඩි එකක් දුන්න. (ඒ කලේ පෙන් නෑ... සිඩි තමයි කෝකටත්. ;)) අරකි මේක දැක්ක. දැන් පන්තියට මිස් ඇවිල්ල උගන්නන්නත් යනවා. මේ පිස්සි මගෙන් සිඩි එක ඉල්ලනවා. නිකං හරි දෙන්න කියලද? මම බෑ බෑ ගානවා. වටේ උනුත් ඔය වෙලේ මීටරේ දාගෙන හිනා වේවි හිටියේ. මොකෝ උන් දන්නවා වැලක් තමා කියලා. කොහොම හරි මගෙන් සිඩි එක උදුරා ගත්ත පාරට. මාත් පැනපු ගමන් ආපහු ඇදල ගන්න ගියා.

    එක පාරට මිස් කියපිකෝ ඕකත් අරගෙන එන්න කියල ඉස්සරහට. මල සීන් එක. ඒ කලේ සිඩි එකක් දැක්කොත් ගුරුවරු හිතන්නේ චිකි චිකියක් කියලමයි. මාත් අරක අරගෙන විරය වගේ ගියා ඉස්සරහට. ලුක් එක හොඳ නෑ. මට තේරුණා වැඩේ මාට්ටු උනොත් ආයේ වසල හමාරයි, මම හිතා ගත්ත ගේම දෙන්න. මට සැහෙන බයත් හිතුන අවන්කවම.

    ටීච සෑහෙන වයසයි. ඉතින් මේ ටිචරේ මගෙන් සිඩි එක ඉල්ලගෙන අතටම ගත්ත. දැන් මට හොඳටම රත් වෙලා. කර කියා ගන්න දෙයක් නෑ. මගෙන් ඇහුව මොකක්ද කියල. මම පටන් ගත්ත ෆොටෝෂොප් ගැන විස්තර කරන්න. අපරාදේ කියන්න බෑ ඒ කාලේ මට හොඳට කතා කරන්න පුළුවන්. මම ඇඩෝබි කම්පනියේ ඉඳන්, වෙක්ටර්, රාස්ට්ර් වෙනකම් කටට එන හැම එකම කිව්වා හොඳට විස්තර කරලා, විනාඩි දෙකක් විතරම. ඊට පස්සෙත් මේකේ විශ්වාසය ගොඩ නගන්න ඕනේ නිසා, මම කිව්වා "මිස්ට ඕනේ මම කොපියක් දාගෙන මිස්ට දෙන්නම්, මට පස්සේ ගෙනත් දෙන්න කියල" :rofl::rofl::rofl: කොහොම හරි ගෑනිට මම කියපු කිසි දෙයක් තේරුනේ නෑ. (එක හින්දමයි කිව්වෙත්.) කොහොම හරි අන්තිමට මට සිඩි එක දීල ගිහින් වාඩි වෙන්න කිව්වා.

    ආදර්ශය : හැම විටම ගැලවීමේ මාර්ගයක් ඇත.

    :)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කලින් දන්නෙත් නැතුව බොරුවට හිනා වෙන උන්ට මෙන්න ෆොටෝ එකක් :)
    EvoqueGearSelector.gif

    මේක දැම්මට ගොඩක් ස්තූතියි සහෝ.. නැත්තම් මන් කලින් හිනා වෙන්න ගියේ මොකුත් දන්නෙ නැතිව.. ඔයා මේක දාපු හින්ඳා දැන් මට දැනගෙනම හිනා වෙන්න පුලුවන් උනා..:yes:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මත් ද්‍රව්‍ය නිවාරන සතිය කියලා එකකට අපි නාට්‍යක් කරා 6 ඉද්දි. ඒකේ එක සීන් එකක තාත්තා බීගෙන ඇවිත් අම්ම එක්ක රණ්දු වෙනවා. දුව ඇවිත් ඇගේ එල්ලිලා ,කකුලෙන් එල්ලිලා තාත්තව නවත්තන්න හදනවා. සීන් එක සුපිරියටම ගියා. දුවට රගපාපු කෙල්ල ඇවිත් තාත්තෙ අම්මට ගහන්න එපා කියලා බිම දිගෙ වැටි වැටි සරමේ එල්ලුනා. සරම කඩාගෙන වැටුනා. කොල්ලා යටට ඇඳලා හිටියේ ජොකෙක්( වවුල් මොඩල් එකේ ජොකෙක්) හිතා ගන්න පුලුවන්නේ සිද්දිය​ කොල්ලො හූ කියනවා. විස්ල් ගහනවා. කලාප අධ්‍යක්‍ෂකටත් හිනා. තිරේ වැහුවා . නට්‍ය එතනින් ඉවරයි.

    (ඉස්කෝලෙ කාලේ යලුවෙක්ට වෙච්ච​ සිද්දියක්)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,322
    30,094
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මත් ද්‍රව්‍ය නිවාරන සතිය කියලා එකකට අපි නාට්‍යක් කරා 6 ඉද්දි. ඒකේ එක සීන් එකක තාත්තා බීගෙන ඇවිත් අම්ම එක්ක රණ්දු වෙනවා. දුව ඇවිත් ඇගේ එල්ලිලා ,කකුලෙන් එල්ලිලා තාත්තව නවත්තන්න හදනවා. සීන් එක සුපිරියටම ගියා. දුවට රගපාපු කෙල්ල ඇවිත් තාත්තෙ අම්මට ගහන්න එපා කියලා බිම දිගෙ වැටි වැටි සරමේ එල්ලුනා. සරම කඩාගෙන වැටුනා. කොල්ලා යටට ඇඳලා හිටියේ ජොකෙක්( වවුල් මොඩල් එකේ ජොකෙක්) හිතා ගන්න පුලුවන්නේ සිද්දිය​ කොල්ලො හූ කියනවා. විස්ල් ගහනවා. කලාප අධ්‍යක්‍ෂකටත් හිනා. තිරේ වැහුවා . නට්‍ය එතනින් ඉවරයි.

    (ඉස්කෝලෙ කාලේ යලුවෙක්ට වෙච්ච​ සිද්දියක්)
    :rolleyes::rolleyes::rolleyes::baffled:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    යකෝ ඒ වගේ Contacts වලට දා ගන්න ඕනේ Dialog Customer Care, Hutch Service වගේ නමක්. මම නම් එහෙමයි කරන්නේ.
    :P:P

    හොද අදහසක්...
     

    ishan1653

    Well-known member
  • Jun 19, 2007
    2,189
    211
    83
    මමයි වයිපරේ ගියා දවසක් ඇදුම් ගන්න. මම හරිම අකමැතියි බන් ඇදුම් තෝර තෝර ඉන්න.
    මම ඉතින් වටේ පිටේ ඉන්න ඒවාට රබර් ඇහැ දදා හිටිය මිසක් වයිෆ් ගැන වැඩිය බැලුවේ නැ.
    වටේ පිටේ ඉන්න එවුන් අපි දිහා ටිකක් බලනවා වැඩි වගේ කියල මට තේරුණා. මට එත් වැඩිය ගානක් ගියේ නැ.
    එකපාරටම ෂොප් එකේ කෙල්ලෙක් ඇවිත් වයිෆ්ට මොනවද කිව්වා.
    මල මගුලක් වෙලා තියෙන්නේ. මෙකි ෆිටෝන් කරපු බලව්ස් එක ගලවල දාල තියෙන්නේ ඇදගෙන ගිය එකත් එක්කම.
    කොහොමහරි කෙල්ල අතේ තිබුන එකක් දුන්න ඇදගන්න.
    :lol:
     
    • Haha
    Reactions: jeffhardy

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    මමයි වයිපරේ ගියා දවසක් ඇදුම් ගන්න. මම හරිම අකමැතියි බන් ඇදුම් තෝර තෝර ඉන්න.
    මම ඉතින් වටේ පිටේ ඉන්න ඒවාට රබර් ඇහැ දදා හිටිය මිසක් වයිෆ් ගැන වැඩිය බැලුවේ නැ.
    වටේ පිටේ ඉන්න එවුන් අපි දිහා ටිකක් බලනවා වැඩි වගේ කියල මට තේරුණා. මට එත් වැඩිය ගානක් ගියේ නැ.
    එකපාරටම ෂොප් එකේ කෙල්ලෙක් ඇවිත් වයිෆ්ට මොනවද කිව්වා.
    මල මගුලක් වෙලා තියෙන්නේ. මෙකි ෆිටෝන් කරපු බලව්ස් එක ගලවල දාල තියෙන්නේ ඇදගෙන ගිය එකත් එක්කම.
    කොහොමහරි කෙල්ල අතේ තිබුන එකක් දුන්න ඇදගන්න.
    :lol:
    wili lajjawe be yakoooo :lol: