මේක උනේ දෑන් අව්රුදු දෙක තුනකට කලින්. මම කෑම්පස් එකේ යාලුවෙක්ට කතකරා ප්‍රෑක්ටිකල් රිපෝට් එකක ඩේටා වගයක් ඉල්ල ගන්න.හෙලෝ ගෑවම කටහඩ පුරුදු නිසා මුගෙන් මම කෙලින්ම ඈහුව කෝල් එක ආන්සර් කරගමන්ම මචන් උබ ප්‍රෑක්ටිකල් එක ලිව්වද මමනම් තාම ඈල්ලුවෙවත් නෑ කියල. මෙන්න මු මට මාව දන්නෑ වගේ ටෝක් එකක් දාලා කාටද කතාකරන්න ඕනි කියල ඈහුව. මට මලපෑනල මම කිව්ව අර පමුදිත කියල කාලකන්නියෙක් ඉන්නේ අන්න ඌට තමා කතා කරන්න ඕනි ඌ ගෙදර ඉන්නවද කියල. ඊට පස්සේ ආ පුතානම් මෙ වෙලාවේ ගෙදර නෑ. කව්රු කතා කරා කියලද කියන්න ඕනි කියල ඈහුවෙ නෑතෑ. බෑලින්නම් මම කතා කරල තියෙන්නේ පොරගේ තාත්තට. මම සොරි අන්කල් මම මේ දන්නෑතුව කතා කලෙ කියල ශේප් එකේ තිබ්බ ෆෝන් එක.බෑලින්නම් තාත්තට තියෙන්නෙත් මුගේ කටහඩමයි. පස්සේ මුගේ ගෙදර ගිය දවසක මුගේ තාත්තට මාව අදුන්නල දුන්න කෝල් කලෙ මම කියල. මට ඒ වෙලාවේ පොලව පලාගෙන යන්න හිතුන.














