මටත් ගොඩක් කතා තියෙනවා දාන්නනම්. එව්වත් එකින්එක දාන්නම්කෝ. මේ මට වෙච්ච සීන් එකක් නම් නෙමෙයි. නමුත් මේකට මූලික වුනෙත් මම තමයි ඉතිං.
මෙන්න මේකයි සීන් එක. මම ඉස්කෝලේ යන දවස් වල අපේ පන්තියේ හිටියා සිංදු කියන සෙට් එකක්ත මුං ටිත නිකං නෙමෙයි සිංදු කියන්නේ ඩෙස් වලට බෙර ගගහා, මයික්වගේ එව්වා හදා ගෙන, ඒ මදිවට තව වුන් ටිකක් ඩීජේ කරනවා. අපිටත් ඉතිං පට්ට ආතල්. මම දවසක් කරපු වැඩේ ආතල් එකටත් එක්ක මුං ටික මියුසිකල් ෂෝ එක පටං ගන්නකල් ඉදලා කිව්වා විනාය භාර සර්ට. අප්පට සිරි දැන් සර් එනවා ක්ලාස් එකට. මුංගේ මියුසිකල් ෂෝ එකත් දැන් හොදට නැගලා යනවා ආසාවේ බෑ. ඔන්න දැන් සර් ක්ලාස් එකට ආවා මියුසිකල් ෂෝ කොහේ ගියාද දන්නේ නෑ. සර් මුකුත් කිව්වේ නෑ හැබැයි. පස්සේ එක එකාට එන්න කිව්වා සර්ගේ පස්සෙන්. ඊට පස්සේ ඉස්කෝලෙ පිට්ටනිය මැද්දට ගෙනැල්ලා කරපන් කිව්වා ක්ලාස් රෑම් එකේ කරමු ඩී. ජේ එක. මුං ඉතිං ඇඹරෙද්දි සර් කාරයා මෙනවාහරි කියන්න ඇති. පස්සේ මුං ටික ඩී.ජේ එක කරා. මුලු ඉස්කෝලෙම උන් බල බල හිනා වෙනවා. ඔක්කෝටම වඩා මටයි මගේ යාලුවටයි පට්ට ආතල්. දැන්නම් මතක් වෙද්දි ගොඩාක් දුකයි බං. ඇයි ඒ වගේ වැඩක් කරේ කියලා. (ඒ වුනාට දැන්ත් චුට්ටක් ආතල් එකක් තියෙනවා අරැන්ගේ මූනවල් ටික මතක් වෙද්දී)