මේක මට ඉස්කෝලේ යනකොට වුණේ...
ඒ කාලේ මචන් මම සීසන් එකක් එහෙම අරගෙන බස් ගේමට එන්ටර් වෙලා හිටියේ (දන්නවනේ ඉතින් ඒකලේ වැරදිලාවත් ප්රයිවට් බස් එකක නගින්නේ නැනේ... CTBම තමා.... කැපුවත් CTB)
ඉස්සර අපේ ඉස්කොලේ පැත්තට CTB බස් එකක් යන්නේ කලාතුරකින් පැය ගානක් ඉදල ඉදල 8.30 වගේ තමයි ඒ කාලේ ඉස්කෝලෙට යන්නේ....( CTB)
දවසක් මම ටවුන් ඒකට ආපු ගමන් ඉස්කෝලේ පැත්තට මෙන්න බොලේ CTB රාජයෙක් ඇදෙනවා.. සෙනගත් නෑ
මම දැන් ඉන්නේ බස් එකට පිටිපස්සෙන් බස් එක යනවා......
මමත් ඒ කාලේ හෙන ස්පෝටි කොල්ලා දුන්න චේස් එකක් හරියට උසේන් බෝල්ට් වගේ...
දුවල දුවල ගිහින් කොහොම හරි එල්ලුනා...
මට දැන් ෆුල් ජොලි කාලෙකින් ඉස්කෝලෙට කලින් යන්න පුලුවන් උණ එක ගැන ඒ මදිවට අද දවසේ ලැබිච්ච වාසනාව චාටර් නොකාම CTB වාසනාව...
ටික වෙලාවක් යද්දි මචන් කෙල්ලො සෙට් එකක් හෙන හයියෙන් හිනාවෙනවා.. මාත් ඉතින් ගනන් ගත්තේ නෑ.... ගැම්මෙන් හිටියා.. අම්මට හුඩු දැන් මුළු බස් එකම එකම හිනාවක්...
මමත් පොඩ්ඩක් වටේ ඔලුව කරකෝල බැලුවා... මොකක්ද සීන් එක කියලා
කෙලිය තාප්පෙට බස් එකේ ඉන්නේ තනිකරම කෙල්ලො.........
ටිකකින් මිනිහෙක් බැනගෙන මගේ පැත්තට එනවා
බලද්දි බස් එකේ කොන්දා ඕයි... මම නැගල තියෙන්නේ එක .. බාලිකා ඉස්කෝල වල උන්ට විතරක් යන්න දාල තිබ්බ CTB බස් එකකට..
මූත් කෙල්ලන්ට වැඩ පෙන්නන්න මට හිටු කියල බනිනවා..ඒ මදිවට කෙල්ලෝ පට්ට චා විදිහට හිනා වෙනවා .. කාලකන්නි ඩ්රයිවරයත් ඇරලා යනවා මට බස් එකෙන් පනින්න විදිහකුත් නෑ..... මගේ කට පුක වෙලා...
අඩෝ කියන්න මචන් මම 10MIn විතර පරිප්පුව කැව බන් පස්සේ ට්රැෆික් එකකට අහු වුණ වෙලේ පටස් ගාල පැනල දිව්ව.... කෙල්ලො හූත් කිව්ව බන්
මට එදා ඉස්කෝලේ ගියාට පට්ට ශොක් එක බන් උගන්නන එව්ව ඔලුවට යන්නෙත් නෑ... ඒ මදිවට අදුනන කෙල්ලෙක් එහෙම හිටියද කියල කල්පනා වෙනකොට... වහ කන්න හිතෙනවා......
කොහොම හරි සිද්දිය OUT උණේ නෑ (මගේ වාසනාවට)
මම ආයේ ඒ පාරෙන්වත් ගියේ නෑ බන් ඉස්කොලේ වෙන පාරකින් ගියේ
මගේ යාලුවෝ දෙන්නෙකුටත් ඕකම වෙලා තිබුනා. උන් නම් අත දැම්මහම බස් එක නවත්තලා

)









සිරාවටම අපිට නෙමේ 
අරුන් සෙට් ඒක මොකද කලේ. ඔය ගෝනිය අරන් ගිහින් කෙල්ලන්ගේ ඔලුවට දානවා. 


ඔහොම හොඳ නින්දේ ඉද්දි බං මට නිකන් හීනෙන් වගේ ඇහෙනවා මෙහෙම