මේ සර්ව මම කාලෙක ඉදල ෆලෝ කරන්නේ. පට්ට confidence එකක් තියෙන්නේ
https://www.facebook.com/share/p/VZ6o2JZvGeP1D9tF/?mibextid=oFDknk
ජීවිතයේ හැමදාම ජය ලබන්නත් බෑ පරාජය ලබන්නත් බෑ. හැබැයි ජයම ලබාගෙන ගිහිල්ලා පරාජය ලැබුවම ඒක දරාගන්න හරිම අමාරුයි.
ඒ උනාට පරාජය තමයි අපිට ලොකුම පාඩම් කියලා දෙන්නේ, ජීවිතයේ ඇද වැටීම් බිඳවැටීම් ලබා දෙන පන්නරය තමයි අපිව ජීවිතේ ඉදිරියටම ගෙනියන්නෙ.
පසුගිය පෙබරවාරි 22 වන දා. විසි අටවන වරටත්. ශ්‍රී පා පිංබිම කරුණා කිරීමේ අදහසින්,ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ සාමාජිකයන් හා අවට පාසල් වල දූ දරුවන් සමග.
කෝට්ටේ රාජමහා විහාරයට පැමිණ පූජාවන් සිදුකර දෙවියන් උදෙසා බාරහාර වී විසි දෙවැනි දා එනම් බ්‍රහස්පතින්දා රාත්‍රී නවයට පමණ. අපි සියලුම දෙනා ශ්‍රී පා පිංබිම බලා පිටත් උනා .
ගමන කිසිම හදිසියක් නෑ. අපි පාන්දර දෙකයි තිහ විතර වන විට නල්ලතන්නියට ආවා.
නල්ලතන්නියේ සිට ප්‍රථමාධාර වලට අවශ්‍ය බඩු බෙහෙත් ආදී සියල්ලම රැගෙන අපි අපේ නවාතැන උන ගඟුල තැන්න බලා කරුණා කරන්න ගත්තා. කිසිදු මහාන්සියකින් තොරොව පාන්දර හතර විතර වෙද්දි අපි හැම දෙනම ගඟුල තැන්න එහේම නැත්නම් සාම චෛත්‍ය ආශ්‍රිත ප්‍රදේශයට කරුණාකළා. දරුවන් ඇතුළු සියලු දෙනාම පැය දෙකක පමණ කෙටි නින්දක් ලබාගෙන,කණ්ඩායම් වශයෙන් බෙදුනා. පිරිමි දරුවන්ගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨයක් ඇතුළු පිරිසක් ප්‍රථමාධාර ලබාදෙන කුටිය තුළ සිටියදී. සියලූම ගැහැණු දරුවන් හා පිරිමි දරුවන් පිරිසක් සමග පැමිණි දෙමව්පියන් පෙරවරු එකොළහට ශ්‍රීපාද මළුවට කරුණ කිරීම ආරම්භ කළා
ගඟුල තැන්නේ ඉඳලා ශ්‍රීපා මලුව කරුණා කරන්න ආරම්භ කරපු ගමන්ම වෙනදා නැති වෙනසක් මගේ කකුල් දෙකට දැනුනා.
කකුල් දෙක නිකන් ටක් ටක් ගානවා වගේ දැනුනා විශේෂයෙන් ධන හිස ආශ්‍රිත ප්‍රදේශය.
ඔය වගේ වගේ ටක ටකේකට පුළුවන්ද මගේ ගමන නතර කරන්න. එහෙම හිතාගෙනම මළුව කරුණා කරන්න ගත්තා.
සීතඟගුල ගාවට ආවා. එතැනදී බුදුන් වැඳලා දෙවියන්ට පින් දීල හිමේට ඇතුල් වෙන තැන නිසා ගමන නැවත ආරම්භ කළා.වෙනද තරම් මගේ ගමන සාර්ථක නෑ කියලා දැන් දැන් මට දැනෙනවා.වෙනද මට පඩි දහයක් පහලවක් නගිද්දි දැනෙන හතිය නෙමේ දැන් දැනෙන්නේ. දැන් කකුල් දෙකයි උපරිම රිදෙන්නේ.
ඒත් ඉතින් මේ පුත්‍රයා ගමන අත් හරින්නෙ නෑනේ.
කොච්චර අමාරු වුණත් මං බැහැ කියලා නතර වුනොත් අනිත් දරුවන්ගෙත් මානසික ශක්තියට ඒක බලපානවා. ඒක නිසා කකුල රිදි රිදි ගින්දර පිටවෙද්දිත් මම ශ්‍රීපා මළුව කරුණා කරන ගමන ටිකෙන් ටික උඩට ඇදුනා.
දීර්ඝ සති අන්ත නිවාඩුවක්. එන්න එන්න සෙනඟ වැඩියි. කොහොම හරි වෙනදට වඩා හෙමින් ඉදිකටුපාන ආසන්නයට ආවා. එතන හොඳටම හිරවෙලා. මිනිස්සු පැයකට පඩියක් වගේ තමයි දැන්නම් උඩට කරුණාකරන්නේ. මට මොකද්දෝ ලොකු වෙනසක් ඇඟට දැනෙනවා. ඉන්න බැරි තරමට කකුල් දෙක වෙව්ලමින් රිදෙන ගමන් ඇඟට අමුතු සීතලක් දැනෙනවා.
ඉඳිකටු පානේ පැය දෙකහමාරක් විතර ඉඳලා. මම තීරණය කරනවා අද මළුවට යන්නේ නෑ පහළට කරුණාකරනවා කියලා. එහෙම හිත හදාගන්න ලේසි නෑ. වකුගඩු රෝගියෙක් වෙච්ච මම ලේ පිරිසිදු කරන ගමන්. 2016 ඉඳලා නොකඩවාම ශ්‍රීපා මළුව කරුණා කරනවා. ඒ අතරතුර අවාරේ එක වතාවකුත් ආවා. මං මටම කියාගත්තෙ එකම දෙයයි. මනුෂ්‍යයකු විනාශ කළ හැක, නමුත් ඔහු පරාජය කළ නොහැක.හැබැයි ඒ ඔහු පරාජය පිළිනොගන්නා තාක්.
ජීවිතෙ ප්‍රථම වතාවට පරාජිත හැඟීමක් මට දැනුණා . හැබැයි මේ පරාජය පිළිගෙන පහළට කරුණාකරනවා කියන්නේ අනිත් අයට එය සහනයක්.
එහෙම හිතලා ජේෂ්ඨ දරුවෙකුට කතා කරලා මම පහළට කරුණා කරන බව පැවසුවා. දරුවා මට කිව්වේ යන්න එපා සර් අපි සර්ව උස්සගෙන හරි යන්නම් කියලා. ඔවුන්ට කරදර නොවන ලෙස දැනුම් දී මා හිමීට පහළට කරුණා කරන්න ගත්තා. පඩි විස්සක් තිහක් පහළට කරුණාකරන්න ඇති මට හොඳටම අමාරුයි. එක තැනකදි මොකුත් කරගන්න බැරි විදියට කකුල් දෙක ගල් ගැහෙනවා. කිසිවෙකුටත් ඒවා කියන්නේ නැතුව. හිතට ශක්තිය අරගෙන පහළට කරුණාකරන්න ගත්තා. අඩිය තියන්න තියන්න කකුල් දෙකම වෙව්ලනවා දැඩි වේදනාවයි. හැබැයි මම බුදුගුණ මෙනෙහි කර කර පහළට කරුණාකළා. එහෙම අමාරුවෙන් එනකොට ටිකෙන් ටික මගේ අමාරු අඩු වුණා.
කොහොම හරි රාත්‍රී හත විතර වෙද්දී නැවතත් ගඟුල තැන්නට එන්න පුළුවන් උනා. ඒ ඇවිල්ල අපේ ප්‍රථමාධාර මධ්‍යස්ථානයට ගිහිල්ලා එතන ඇඳේ චුට්ටක් ඇලවුනා. අපේප්‍රථමාධාර දෙන දරුවෙක් කකුල් දෙකටම බාම් ගෑවා. දන්නෙම නැතුව ටිකක් නින්ද ගියා. රාත්‍රි එකට විතර නැගිටින්න සිද්ධ වුණා. මොකද අධික සීතලත් එක්ක මළුව කරුණ කළ බොහෝ දෙනා රෝගී වෙලා තිබුණා.
අපේ දරුවන්ට සමහර අවස්ථාවලදී ඉඳිකටුපානේ සිටම. ගිලන් ඇඳන් වලින් රෝගීන් ප්‍රථමාධාර මධ්‍යස්ථානය කරා ගෙන එන්න සිදුවුණා.
ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ නොපසුබට උත්සාහයෙන් යුතු දරුවෝ කිසිදු පැකිලීමකින් තොරව ඒ සියල්ල හොඳින් සිදු කළා.
පසුවදත් මට ඇවිදින්න අමාරුයි ඒත් ඉතින් එහෙට මෙහෙට ඇවිද්දා .පසුවදා දහවල් කකුල් දෙකම ක්‍රේප් බැන්ඩෙඡ් වලින් එතුවා. ඊට පස්සේ නම් ටිකක් සහනයක් දැනුනා. රෝග පිළිබඳව දැනුම තියෙන අපේ සහෝදරයෝ හා එතැන හිටපු අය පැවසුවේ. ධන හිසේ කාට්ලේජ් ගෙවී ඇති බවත්. කැල්සියම් ප්‍රමාණයක් මදි වෙන්නට ඇති බවත්ය.කකුලේ අමාරුවකට මාව නවත්තන්න බැහැ.
කඳවුරේ ඉඳගෙනත් චූටි චූටි වැඩ කරන්න ගත්තා.
හැමෝම මං ගැන අවධානය දුන්නා ඒක සතුටක්.මං කිසිවෙකුට කරදරයක් කළේ නැහැ.අපි දරුවන්ට අපේ අත්වලින්ම කෑම හැදුවා තේ හැදුවා. එළවළු කැපුවා, ඔවුන් එක්ක ශීත ගඟුලේ නෑවා.
සෙනසුරාද දවසක් ඔය ලෙස ගෙවලා. ඉරිදා පාන්දරම අපි කොළඹ බලා පිටත් උනා. දවස් හතරකින් ඩයලසීස් ප්‍රතිකාරය හෙවත් රුධිරය පිරිසිදු කිරීම නොකල නිසා ඇඟටත් අපහසුයි. ටිකක් ඉදිමිච්ච ගතියකුත් තියෙනවා. ඒවා මුකුත් හිතන්නේ නැතුව නිවසට ආවා.
පසුවදා පාසලටත් ගියා, පාසල අවසන් වි කොළඹ ජාතික රොහලේ ඩයලසීස් ප්‍රතිකාරයට ආවා. ඩයලසිස් ප්‍රතිකාරය කරාට පස්සේ ඇඟට පොඩි සනීපයක් දැනෙන්න ගත්තා.
සඳුදා දිනයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අස්ථි රෝග සම්බන්ධ වෛද්‍යවරයෙක්ව චැනල් කළා අඟහරුවාදා හතරට එනම් 2024/02/ 27 වෛද්‍යවරයා මුණගැහෙන්න වෙලාව ලැබුණා.
ඒ අවස්ථාව ලබා දුන්නේ මගේ පාසලේ ගුරුතුමියකගේ මහත්මයෙක්.ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරන කෙනෙක්.
කොහොම හරි ඊයේ සවස හතරට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගිහිල්ලා අදාළ වෛද්‍යවරයාගේ චැනල් ගාස්තු ගෙවලා වෛද්‍යවරයා මුණගැසෙන්නට ගියා. හරියටම කියපු වෙලාවට වෛද්‍යවරයා පැමිණියා. මගේ අංකය එක මාව මුලින්ම බලන්න ගත්තා.
වෛද්‍යවරයා ළඟට ගිහින් මම වකුගඩු රෝගයකු බවත් මට තියෙන රෝග ලක්සන සියල්ල පැවසුවා .එතුමා ඒ ඉතා හොඳින් අහගෙන ඉඳලා.මට කෝ ඔයාගේ කකුලේ එක්ස් රේ එකක් කරන්න ඕනේ. පරීක්ෂණ ටිකක් තියෙනවා කරන්නේ ඒවා මෙහෙම ලියලා දෙන්න බෑ. ඒවා ගණන් වැඩියි. කියා මගේ කකුල පරීක්ෂා කරලා කාටලේජ් ගෙවි ඇති බව පවසා,කමක් නැහැ
ඔයා මගේ ක්ලිනික් එකට සඳුදා හරි බ්‍රහස්පතින්ද හරි එන්න. මේ පරික්ෂණ ටික රෝහලින්ම කරගමු. එතකොට ගාන ටිකක් අඩු වෙනවා කියලා.
දැන් මං ඔයාගේ සල්ලි ආයෙ දෙනවා.ආයේ මාව චැනල් කරන්න ඕනේ නැහැ ඕන වෙලාවක ක්ලිනික් එකට එන්න කිවුවා . මට හිතාගන්න බැරි වුණා මෙතුමා ලංකාවේ වෛද්‍යවරයෙක්ද කියලා. එච්චර කරුණාවක් එච්චර මනුස්සකමක්.
ඒ අතරම එතුමා උපදෙස් දුන්නා කකුලට දණහිස් ආවරණ දෙකක්.එහෙමත් නැත්නම් Knee Guard දෙකක් දාන්න කියලා . ඒ සමගම උපදෙසක් දුන්නා. එහා පැත්තේ ඉන්නේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරියක් එතුමියටත් ඔයා පෙන්නලා එතුමියගෙන් අහලා බලන්න ශරීරයේ තියෙන වෙනස්කම් මොනවද කියලා.
මේ කාරුණික වෛද්‍යවරයාට හදවතින්ම මම ස්තුතිය පුදකර, මම වගුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරිය හමුවුණා. ඇය මාව ඉතා හොඳින් දන්නා අඳුනන වෛද්‍යතුමියක්. ඇය මට ඉතා කරුණාවෙන් කතා කළා .රටේ හැමතැනම වෛද්‍යවරු මඩ කතා කරන්නේ ඩබ්ලිව්.අයි.එම් ප්‍රනාන්දු කියලා.
හැබැයි මේ වෛද්‍ය තුමිය මුල්වරට මට ඉන්දුක කියලා කතා කලා. මාව හොඳින් බලලා අවශ්‍ය පරීක්ෂණ වගයක් ලියල දුන්නා.එතුමිය සමග කතා කිරීමේදී තමයි දැනගන්නට ලැබුණේ.එක දිගට අවුරුදු දහයක් පමණ ඩයලසීස් ප්‍රතිකාරය කරන රෝගීන්ගේ අස්ථි පද්ධතියට යම් යම් බලපෑම් එල්ල වන බව. දැන් මං අවුරුදු දාහතරක් ඩයලසීස් කරනවා. මටත් යම් බලපෑමක් වෙලා ඇති.
හැබැයි ඒ බලපෑම්වලට මගේ ගමන නවත්තන්න බෑ. හදිසියේ මොනවා හරි වෙලා එක්තැන් උණොත් රෝද පුටුවකින් හරි මං මගේ ගමන නොනැවතී ඇවිද යනවා.
පරීක්ෂණ ටිකට හිතුවට වඩා ලොකු ගානක් යනවා. ඒත් කරගන්න පුළුවන්. අද දණහිස් අවාරණ දෙකට ඇනවුම ලබා දුන්නා. ඉස්සර හත් අටසීයට තිබ්බ ඒවා දැන් රුපියල් හත්දාහයි අටදාහයි. මම රජයේ රැකියාවක් කරන නිසා ණය වෙලා හරි මේ දේවල් කොහොම හරි කරගත්තත්, මට දුක හිතුණේ දුප්පත් අසරණ රෝගීන් මේ වගේ දේකට මුහුණ දුන්නොත් මොනා කරගනියිද කියලා.
බලමු හෙට අර කරුණාවන්ත වෛද්‍යතුමාව හමුවෙන්න යනවා එතුමා දෙන පරීක්ෂණ ටික කරලා.
ආයි අප්‍රේල් මාසයේ අනිවාර්යෙන්ම මම ශ්‍රී පාද වන්දනාව යනවා. ගිහින් ශ්‍රීපා මළුව වඳිනවා විසි අටවෙනි වතාව කොහොමහරි සම්පූර්ණ කරනවා.
මේක හොඳ උනත් නැතත් මං අනිවාර්යයෙන්ම යනවා.සමහර විට මට ආදරේ කරන අය මට බනියි. ඒත් මේ ගමන යා යුතුමයි.
මම
ඉන්දුක