ජීවිතයේ 33:33:34 නීතිය
ජීවිතයේ 33:33:34 නීතිය
නියමිත මාත්‍ර්‍රාව අනුව බෙහෙත් ගත්තේ නැත්තම් ලෙඩේ අඩුවෙනවා වෙනුවට ලෙඩේ හිතාගන්නවත් බැරි වේගයෙන් වැඩි වෙන්න පුලුවන්. බෙහෙත් ගනිද්දී විතරක් නෙමේ, ජීවත් වෙද්දීත් මිනිස් මාත්‍රාවන් දැනගන්න ඕන. මේ කියන්නෙත් අන්න ඒ වගේ වැඩ කරද්දී දැනගත යුතුම තවත් අනුපාතයක් ගැන ප්‍රබල රහසක්.
මේක මිනිස් අනුපාතයක්. එනම් 33:33:34 කිසියම් වැඩක් පටන්ගනිද්දී සියලු දෙනාම ඊට සහයෝගය දක්වන්න ඕන කියලා හිතන පුද්ගලයන්ට ජවයක් ගන්න මෙම අනුපාතය ඔලුවේ තියාගත්තට වරදක් නැහැ. අනුපාතයෙන් ඉතාම සරලව කියවෙන්නෙ මෙන්න මෙහෙම අදහසක්.
33% - ඔබ කරා වැඩවලට සහ ඔබගේ අදහස්වලට කැමති පිරිස
33% - ඔබ කරන වැඩවලට සහ අදහස්වලට කැමතිත් නැති, අකැමැතිත් නැති පිරිස
34% - ඔබ කරන වැඩවලට සහ අදහස් වලට අකැමැති පිරිස
ඔන්න ඔය දේවල් පදනම් වෙලා තමයි 33:33:34 අනුපාතය කරලියට එන්නේ. බොහොම නවකයන් වගේම සමහර ප්‍රවීනයන් ඔවුන් කරන වැඩවලට සහ ඔබගේ අදහස් වලට අකැමැති 34% පිරිස ගැන හිතලා දුක්වෙනවා. ඕනෑම වැඩකට අකැමැති පිරිසක් ඕනෑම තැනක ඉන්නවා. මහත්මා ගාන්ධි අවිහිංසාවාදයේ පියා වුනාට සැලකිය යුතු ඉන්දියානුවන් පිරිසක් ඔහුගේ එම වැඩපිලිවෙලට අකැමැති වුනා. එබ්රහම් ලින්කන් ඓතිහාසික ඇමෙරිකානු ජනපති වුනත් ඔහු වෙඩි තියලා මරලා දැම්මා. මානුශිය ගුනාංගවලින් යුක්ත නලුවෙක් සේ ප්‍රකට විජය කුමාරතුංග වෙඩි වැදිලා මැරුනා. ඒ අප දැක්වූවේ බරපතලම අකැමැත්ත ප්‍රකාශ කිරීම්වලට උදාහරන කිහිපයක් පමනයි.
ඔබ කරන වැඩවලට සහ ඔබගේ අදහස් වලට අකැමැති 34% අමතක කරලා ඔබ කරන වැඩවලට කැමැතිත් නැති අකමැතිත් නැති ඉතිරි 33% කැමති ගොඩට එකතු කරගන්න උත්සහකරන්න. ඔබේ වැඩවලට සහ ඔබට අකැමැති 34%ක් දෙනා කැමැති ගොඩට එකතුකර ගන්නවාට වඩා ගොඩක් එය ලෙහෙසියි සහ පහසුයි. නමුත් බොහොමයක් දෙනා ඒ 33% අමතක කරලා හැමදේකටම බැහැ කියන, හැම දෙයකදිම කකුලෙන් අදින පිරිසගේ විරෝදයට බයවෙලා පටන්ගත්ත වැඩ හරියට ඉදිරියට කරගෙන යන්නේ නැහැ. කිසිම වැඩකට හැමෝම කැමැති වෙන්න අවශ්‍ය නැහැ. සැබෑ ලෝකයේ වැඩකරද්දී සහ තීරන ගනිද්දී සබා තොමෝ සතුටින් විසිර යන්නේ හරිම කලාතුරකින්. අකැමැති අයගේ මතයෙන් වැඩ පටන්ගන්නේ නැතිව කැමති අයගේ මතයෙන් වැඩේ පටන්ගන්න. එවිට වැඩේ වෙන්න පටන්ගන්නවා.
-තරගයේ වීරයා