April 26, 2023 at 12:00 pm | lanka C news
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන ණය ප්‍රතිව්‍යුහගතකරන වැඩපිළිවෙළේදී විදේශ ණය හිමිකරුවන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
එම සාකච්ඡාවන්වලට කොන්දේසි දැමිය නොහැකි බව ද ඒ මහතා පැවදීය.
ගැනීමට සිදුවන තීරණ හේතුවෙන් ඉදිරියේදී කොටස් වෙළදපළ කඩා වැටීමක් සිදු වුවහොත් තමන් එය වසා දමන බවද ජනාධිපතිවරයා පැවසීය.
බැංකු සේවා කඩා වැටීම, කොටස් වෙළෙඳපොළ කඩා වැටීම, සේවක අර්ථසාථක අරමුදලට බලපෑම් එල්ලවීම වැනි කරුණු ඉදිරිපත් වුවද දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණ වැඩපිළිවෙළ නැවැත්විය නොහැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.
අද පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.