ජීවිතය එපා වී ඇත!
අපේ අම්මා මාව පොඩි කාලේ ඉදන්ම ගේ ඇතුලේ තියාගෙනමයි හදන්න උත්සහ කරේ. හැබැයි මට ඉගෙනගන්න කියලා ලොකුවට බලපෑම් කරෙත් නැ. යාලු ආශ්‍රය කරන්න තමයි දුන්නෙම නැත්තේ.o/l කාලේ යාලුවෝ ගෙදර එහෙම එන්න ගත්තම උන්ගෙන් හරස් ප්‍රශ්න අහනවා,ඔරවලා බලනවා ඒ නිසා උන් ගෙදර එන්නත් කැමතක් නැ. පස්සේ මාව පන්තියෙනුත් කොන් වෙලාම ගියා. මට ගොඩක් ක්ලාස් කරෙත් ගෙදරට ගුරුවරු ගෙනල්ලා. A/L කාලෙත් මං නිකන් පන්තියේ කොන් වෙලා වගේ හිටියේ. මට මේක නිසා ස්කුල් ජීවිතෙත් අපිරියම උනා.මාත් එක්ක ෆිට් වෙන යාලුවන්ගේත් මොකක්හරි ඇදයක් හොයාගෙන මට උව එපා වෙන විදියටම වැඩ කරනවා.මං පුංචිම කාලෙත් මගේ ඔලුවට එක එක මනස්ගාත දාලා බය කරවලා තියෙනවා.ඒවා නිසා ගෙදර තනියෙන් ඉන්න බයයි රැට.මල ගෙදරක යන්න බයයි.මං ආස කරන කිසිම දෙයක් ගන්න දෙන්නේ නැ,කන්න දෙන්නේ නැ,කොහෙවත් යන්න දෙන්නේ නැ හෙනම කරුමයක් මේක. අම්මගේ මේ වැඩ නිසා මං අධ්‍යාපනයත් මගින් නවතලා සල්ලි හොයන්න පටන් අරන් මං ආස කරන දේවල් ගත්තා. තාමත් මං කොහේ හරි යන්න ගියත් ප්‍රශ්න ගොඩක් අහලා යන්න ගිය ගමනත් එපා කරවනවා.අස කරන කෑමක් ගෙනත් කැවත් එකටත් මොනා හරි කියනවා. දැන් මට මේ ගෙදර ඉදලත් ඇති වෙලා තියෙන්නේ. හැමවෙලම මට හිතෙන්නේ ගෙයක් කුලියට අරන් ගිහින් තනියෙන් ඉන්න.පුදුමේ කියන්නේ අම්මා හෙන සොසල් කෙනෙක්.
මට දැන් අවුරුදු 22ක්. අම්මගේ මේ over caring නිසා මට කට්ටියක් රැස් වෙලා ඉන්න තැනකට යන්න ගියාමත් හිතට ලොකු බයක් එනවා. ස්කොලේ එකට හිටපු යාලුවෝ ගේට්ටුගේදර් තියනවා. ඒවාට එන්න කිව්වමත් යන්න හිතෙන්නේ නැ.
ඇත්තටම මං මේකට මොකද කරන්නේ? ඩොක්ටලා හම්බෙනනම් යන්න කියන්න එපා

Last edited: