ජීවිතය එපා වී ඇත!

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    උබ හරි දේ කරලා තියෙන්නේ බන්. මට a/l කාලේදී කෙල්ලෙක් සෙට් උනා. ඒකිට ලං උන නිසා යාලුවන්ගේ අඩුව වැඩිය දැනුනේ නැ. එත් දැන් එකත් බුට්. දැන් යාලුවෙක් නැති අඩුව සැරටම දැනිලා තියෙන්නේ.

    අපේ අම්මා මං මුකුත් නොකරත් නිකන් සැක කරනවා. මං ප්‍රශ්න වල පැටලෙන්නෙත් නැ.

    කොහෙහරි යනකොට අහන එක හරි කියමුකෝ බන්. අපේ අම්මා එහෙම නැ. දැන් යන්න එපා. රැට ගමන් යන්න හොද නැ. මේ ගෙවල් ලග ඉදන් කිලෝ මීටර් 2ක් යන ගමනටත් ඔහොම කියනවා. එයා නිකන් කතා කරන්නේ මං හැප්පෙන්න යනවා වගේ.
    එහෙම තමයි බං. උඹ යන්න ඕන ගමන් දෙකක් තුනක් ඔහොම පලයන්. පොඩ්ඩක් කෑ ගහවි. ටිකක් යද්දි ඕක හරියනවා බං. අත්දැකීමෙන් කියන්නෙ. අම්මලට බනින්න, වෛර බදින්න යන්න එපා. අම්මලා පොඩි කාලෙ උඹව ඔහොම නොහැදුවනම් සමහරවිට කුඩ්ඩෙක්, අපතයෙක් උනත් වෙන්න තිබ්බනෙ. එ ගැන කල්පනා කරපන්.
    හෙමිහිට වෙනස් වෙයන්;)
     

    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    මමත් ඔය වගේ කීප දෙනෙක්ම ආශ්‍රය කරලා තියෙනවා. ඕක ගොඩක් වෙන්නෙ ඒ අයගෙ සමාජය ගැන තියෙන අවබෝධයේ වැඩි කමත් එක්ක නිසා වෙන්න පුළුවන්. උබේ අම්මා බය ඇති උබ පිස්සු කෙලියි කියලා. උබෙ අම්මා දන්නවා කෙලින්න පුළුවන් වන්නම් ටික පිලිවෙලින්. ඒවායින් උබව ආරක්ශා කරගන්නයි ඔහොම කරනව ඇත්තේ. සමහරවිට ඊර්ෂ්‍යාවක් කුහක කමක් හෝ මානසික ලෙඩකුත් ඕක ඇතුලෙ තියෙන්න පුළුවන්. ඩොක්ටර් කෙනෙක් ගාවට් අරන් පලයන්.

    අවබෝදය වැඩි කෑම වෙන්න ඇති.අම්මා හෙන සොසල්. මං මොකෙක් හරි එක්ක දවසක් දෙකක් රවුමක් ගැහුවොත් අම්මා උගේ ඔකොම විස්තර ඔකොම හොයාගන්නවා.
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    ඕක බහුතරයක් අම්මලගේ හැටි. ඒ එයාලගේ ආදරේ වැඩි හින්දා. නිකමට කල්පනා කරපන් උඹ වැරදි එවුන් එක්ක ඇසුරු කරලා සමාජමෙ පිලිකුල් කරන කෙනෙක් වුනොත් අම්මල කොච්චර විඳවනවද තමන්ගේ දරුව ගැන. ඒ නිසා අම්මත් එක්ක තරහ වෙන්න එපා. හොඳම දේ අම්මට තෙරුම් කරල දෙන එක සහ උඹ සමාජේ ගැන ඉගෙන ගන්න එක. යාලුවො ඉන්න ඕන අනිවාරෙන්ම. ඒත් බන් අම්ම කැමති නැත්තේ උඹ වැරදි පාරක ගිහිල්ලා ජීවිතේ වරද්ද ගනී කියලා. උඹට උඹ ගැන හොඳ ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගනින්. ඒක වැදගත්. ඊට පස්සේ උඹ උඹට ඕන ජීවිතේ තෙරුම් ගනින්. ඒ ජීවිතේ ලබා ගන්න මහන්සි වෙයන්. අම්මත් එක්ක පුලුවන්නම් විවෘතව කථා කරන්න. උඹ තව දුරටත් පොඩි ළමයෙක් නෙවෙයි. තමන්ගේ ජීවිතේ ගැන වගකීම ගන්න තමන්ට පුලුවන්. අනවශ්‍ය විදියට බලපෑම් කරන්න එපා කියන කාරණය තේරුම් කරල දෙන එක වඩා හොඳයි මට හිතෙන විදියට.
    අම්මලත් තේරුම් ගන්න ඕන දරුවෝ හදන කොට උන් පව්ඩර් බබ්බු වගේ නොහදන්න. උන්ට ලැබෙන්න ඕන අත්දැකීම් නොලැබුනොත් යම් දවසක උන් මාර විදියට අසරණ වෙනවා අම්මල තාත්තල නැති දවසක.ඒක අම්මට තේරැම් කරල දීපන් පුලුවන්නම්. කියවන්න ආසාවක් තියෙනම් ජීවිතය ගැන ඉගෙන ගන්න ඕනතරම් පොත් පත් තියෙනවා'
     

    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    එහෙම තමයි බං. උඹ යන්න ඕන ගමන් දෙකක් තුනක් ඔහොම පලයන්. පොඩ්ඩක් කෑ ගහවි. ටිකක් යද්දි ඕක හරියනවා බං. අත්දැකීමෙන් කියන්නෙ. අම්මලට බනින්න, වෛර බදින්න යන්න එපා. අම්මලා පොඩි කාලෙ උඹව ඔහොම නොහැදුවනම් සමහරවිට කුඩ්ඩෙක්, අපතයෙක් උනත් වෙන්න තිබ්බනෙ. එ ගැන කල්පනා කරපන්.
    හෙමිහිට වෙනස් වෙයන්;)

    දෙක තුනක් නෙමේ බන් 100කට වැඩිය ගිහින් ඇති තාමත් එහෙමයි. අම්මට බයිනවත් වෛර කරනවත් යන්නේ නැ බන්.අම්මට පණ වගේ ආදරෙයි.එත් එයාගේ මේ හැසිරීමත් එක්ක මට මහා තනිකමක් දැනෙනවා බන්. ට්‍රිප් එකක් යන්න ආස උනත් යන්න යාලුවෙක් නැ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වයස පොඩ්ඩක් වැඩි උනා නම් අනුරාධ ගෙ කතාවම තමා.....:)

    වයස පොඩ්ඩක් වැඩි උනා නම් ඔයාට අනුරාදව බදින්න තිබ්බ...
    :rolleyes:
     

    amasinz

    Banned
    Aug 15, 2018
    70
    4
    0
    හැදෙන්න ඕන්නම් බෝඩිමකට පල නැත්තම් රට පල පුතී. නැතුව උබට ඔකෙන් ගැලවෙන්න දෙන්නේ නෑ
    බෝඩිමක ඉන්නත් බයයි
     

    shans9

    Member
    Oct 2, 2018
    23
    1
    0
    ඕක බහුතරයක් අම්මලගේ හැටි. ඒ එයාලගේ ආදරේ වැඩි හින්දා. නිකමට කල්පනා කරපන් උඹ වැරදි එවුන් එක්ක ඇසුරු කරලා සමාජමෙ පිලිකුල් කරන කෙනෙක් වුනොත් අම්මල කොච්චර විඳවනවද තමන්ගේ දරුව ගැන. ඒ නිසා අම්මත් එක්ක තරහ වෙන්න එපා. හොඳම දේ අම්මට තෙරුම් කරල දෙන එක සහ උඹ සමාජේ ගැන ඉගෙන ගන්න එක. යාලුවො ඉන්න ඕන අනිවාරෙන්ම. ඒත් බන් අම්ම කැමති නැත්තේ උඹ වැරදි පාරක ගිහිල්ලා ජීවිතේ වරද්ද ගනී කියලා. උඹට උඹ ගැන හොඳ ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගනින්. ඒක වැදගත්. ඊට පස්සේ උඹ උඹට ඕන ජීවිතේ තෙරුම් ගනින්. ඒ ජීවිතේ ලබා ගන්න මහන්සි වෙයන්. අම්මත් එක්ක පුලුවන්නම් විවෘතව කථා කරන්න. උඹ තව දුරටත් පොඩි ළමයෙක් නෙවෙයි. තමන්ගේ ජීවිතේ ගැන වගකීම ගන්න තමන්ට පුලුවන්. අනවශ්‍ය විදියට බලපෑම් කරන්න එපා කියන කාරණය තේරුම් කරල දෙන එක වඩා හොඳයි මට හිතෙන විදියට.
    අම්මලත් තේරුම් ගන්න ඕන දරුවෝ හදන කොට උන් පව්ඩර් බබ්බු වගේ නොහදන්න. උන්ට ලැබෙන්න ඕන අත්දැකීම් නොලැබුනොත් යම් දවසක උන් මාර විදියට අසරණ වෙනවා අම්මල තාත්තල නැති දවසක.ඒක අම්මට තේරැම් කරල දීපන් පුලුවන්නම්. කියවන්න ආසාවක් තියෙනම් ජීවිතය ගැන ඉගෙන ගන්න ඕනතරම් පොත් පත් තියෙනවා'

    ඔව් ආදරේ වැඩි හින්දා තමා.අම්මත් එක්ක තරහක් නැ බන්. අම්මට කොච්චර තේරුම් කරන්න ගියත් වැඩක් නැ.මට මට ඕනේ ජිවිතේ දැන් තේරිලා තියෙන්නේ බන්. එත් මේ අම්මගෙන් තියෙන බලපෑම නිසා ඒ කිසි දෙයක් කරන්න බැ.
    මට කලින් යාලුවන්ගේ අඩුව දැනුනේ නැ. එත් ඊයේ පොඩි සිද්දියක් උනා. එකෙන් පස්සේ යාලුවෙක්ගෙ අගේ සරටම දැනෙන්න ගත්තා. මට සොසල් මීඩියා වලින් සෙට් වෙච්ච යාලුවෝ ඕන තරම් ඉන්නවා එත් සබැ ජිවිතේ කිසිම ලගින් ආශ්‍රය කරන යාලුවෙක් නැ.
    කලින් පොත් කියවන්න ආසාවක් තිබුනෙම නැ. එත් දැන් ආසයි පොතක් කියවන්න.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අපේ අම්මා මාව පොඩි කාලේ ඉදන්ම ගේ ඇතුලේ තියාගෙනමයි හදන්න උත්සහ කරේ. හැබැයි මට ඉගෙනගන්න කියලා ලොකුවට බලපෑම් කරෙත් නැ. යාලු ආශ්‍රය කරන්න තමයි දුන්නෙම නැත්තේ.o/l කාලේ යාලුවෝ ගෙදර එහෙම එන්න ගත්තම උන්ගෙන් හරස් ප්‍රශ්න අහනවා,ඔරවලා බලනවා ඒ නිසා උන් ගෙදර එන්නත් කැමතක් නැ. පස්සේ මාව පන්තියෙනුත් කොන් වෙලාම ගියා. මට ගොඩක් ක්ලාස් කරෙත් ගෙදරට ගුරුවරු ගෙනල්ලා. A/L කාලෙත් මං නිකන් පන්තියේ කොන් වෙලා වගේ හිටියේ. මට මේක නිසා ස්කුල් ජීවිතෙත් අපිරියම උනා.මාත් එක්ක ෆිට් වෙන යාලුවන්ගේත් මොකක්හරි ඇදයක් හොයාගෙන මට උව එපා වෙන විදියටම වැඩ කරනවා.මං පුංචිම කාලෙත් මගේ ඔලුවට එක එක මනස්ගාත දාලා බය කරවලා තියෙනවා.ඒවා නිසා ගෙදර තනියෙන් ඉන්න බයයි රැට.මල ගෙදරක යන්න බයයි.මං ආස කරන කිසිම දෙයක් ගන්න දෙන්නේ නැ,කන්න දෙන්නේ නැ,කොහෙවත් යන්න දෙන්නේ නැ හෙනම කරුමයක් මේක. අම්මගේ මේ වැඩ නිසා මං අධ්‍යාපනයත් මගින් නවතලා සල්ලි හොයන්න පටන් අරන් මං ආස කරන දේවල් ගත්තා. තාමත් මං කොහේ හරි යන්න ගියත් ප්‍රශ්න ගොඩක් අහලා යන්න ගිය ගමනත් එපා කරවනවා.අස කරන කෑමක් ගෙනත් කැවත් එකටත් මොනා හරි කියනවා. දැන් මට මේ ගෙදර ඉදලත් ඇති වෙලා තියෙන්නේ. හැමවෙලම මට හිතෙන්නේ ගෙයක් කුලියට අරන් ගිහින් තනියෙන් ඉන්න.පුදුමේ කියන්නේ අම්මා හෙන සොසල් කෙනෙක්.

    මට දැන් අවුරුදු 22ක්. අම්මගේ මේ over caring නිසා මට කට්ටියක් රැස් වෙලා ඉන්න තැනකට යන්න ගියාමත් හිතට ලොකු බයක් එනවා. ස්කොලේ එකට හිටපු යාලුවෝ ගේට්ටුගේදර් තියනවා. ඒවාට එන්න කිව්වමත් යන්න හිතෙන්නේ නැ.

    ඇත්තටම මං මේකට මොකද කරන්නේ? ඩොක්ටලා හම්බෙනනම් යන්න කියන්න එපා :(

    තමන්ගේ ආර්තිකය ශක්තිමත් කරගෙන කසාදයක් කරගන්න. හැබැයි දොස්තර කෙනෙක් හම්බවෙන්නම වෙනවා. පෑපිලියාන සුනේත්‍රදේවි එකේ තියනවලු බෞද්ද මනෝ ව්ද්යා සායනයක් . :yes:ඉස්සරකාලේ ඔය ප්‍රශ්න දිහා බෑලුවේ ගමේ හාමුදුරුවෝ.දැන් උන්දෑලාට ඔවට වෙලාවක් නෑ. මොකද අලි බාස්කම් කොරන්න ,කාර් ගන්න , බිල්ඩින් හදන්න ,රස්සා කරන්න,දෙශපාලනේ කොරන්න තියනවනේ..( නිවන කෙසේ වෙතත් ):cool:අම්මා කසාදෙට විරුද්ද වුනොත් බලෙන් හරි බැදපන්.නැත්තම් එයාවත් සායනයකට එක්කන් පල..
     
    Last edited: