අපි කවුරුත් හිතල තියෙනවද ලයිෆ් එක කියන්නේ මොකද්ද කියලා අපි ඉපදෙනවා අපි ජීවත් වෙනවා අපි මැරෙනවා. ඒක නියතයි. මිනිහෙක්ගේ ආයු කාලය මං හිතන්නේ ලෝකෙ වැඩියෙන්ම වාර්තා වෙලා තියෙන්නෙ අවුරුදු එකසිය විස්සක් විසි පහක් විතර් සාමාන්‍ය මනුස්සයෙක් උපරිම සීයක් හිඳී.ඒ කියන්නේ අද ඉඳන් අවුරුදු සීයකින් මේ ලෝකේ අද ඉන්න කවුරුත් නැහැ. ඊට පස්සේ එන්න වෙනම සෙට් එකක්… ඔහොම ඔහොම දිගටම යනවා මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වෙනව අලුත් තාක්ෂණය එනවා ඒත් මේ මැරෙන ඉපදෙන එක හැමදාම වෙනවා.උඹලට හිතිල තියෙනවද ලයිෆ් එක අපි කොහොමද මේ සීමිත කාලෙ ජීවත් වෙන්න කියලා හැමදාම වැඩට යනවා අපේ වටිනා කාලය අපි සල්ලි වලට විකුණනවා. ඒකනේ අපි කරන්නේ ජොබ් එකක් කියලා ් අපිට මේ ලෝකෙ ජීවත් වෙන්න යම්කිසි මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒත් අපි දැනගන්නේ කොහොමද අපිට අවශ්‍ය ප්‍රමාණය ාමාන්‍ය මනුස්සයෙක් ගත්තම මිනිහෙක්ට කන්න බොන්න ඕනේ බෙහෙත් ද්‍රව්‍ය ගන්න තියෙන්න ඕනේ ඊට පස්සේ යන්න එන්න වාහනයක් තිබ්බොත් හොඳයි ත් අපි අපේ ප්‍රමාණෙට වඩා ලොකු දේවල් ගන්නවා. හැබැයි ඒකෙත් තෘප්තිය තියෙන්නෙ පොඩි කාලයයි නේද මම සෑහෙන කාලයක් තෙරුම්පොළලා ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්තා .ටෙස්ලා එකක් ගන්න මං සෑහෙන ඉතුරු කළා සෑහෙන කැපකිරීම් කළ අවුරුදු ගානක් ....ඒ වාහනේ ගත්තම තියන ත්‍රිල් එක තිබ්බේ පොඩි කාලයයි ඊට පස්සේ එක සාමාන්‍ය දෙයක් වෙනවා මං මේ කියන්නේ උදාහරණයක්. ඉතින් මම හිතන්නේ අපි මේ පොඩි ත්‍රිල් එකකට ලොකු කැප කිරීමක් ලොකු කාලය වැඩ කිරීමක් ලොකු මහන්සියක් වෙන්න ඕනෙද? අපිට කන්න බොන්න දේවල් තියෙනවනම් සෞඛ්‍ය සම්පන්නව ඉන්න දේවල් තියෙනවනම් හදිසියට බෙහෙත් ගන්න සල්ලි තියෙනවනම් , ගමනක් යන්න සාමන්‍ය වාහනයක් තියෙනවා නම් වෙන මොනවද අවශ්‍ය? උඹල හිතලා තියෙනවද අපිට තවත් සල්ලි කොච්චර ඉතුරු කරන්න ඕනේද ජීවිත කාලෙම මහන්සියක් නොවී ජීවත් වෙන්න න කියලා? calculation එකක් කරලා තියෙනවද කොච්චර සල්ලි ප්‍රමාණයක් අවශ්‍යද කියල? අපි හිතමු බැංකුවේ fixed deposit එකක් තියෙනවා කියලා.ලංකාවෙ උද්ධමනයත් එක්ක අද තියෙන ප්‍රමාණය හෙට මදි. ඒක නිසා අපිට හරියටම estimate කරන්න බැහැ අපි තව අවුරුදු තිහක් පනහක් ජීවත් වුණොත් කොච්චර සල්ලි ප්‍රමාණයක් තියෙන්න ඕනෙද කියලා එහෙම හිතලා calculation කරල තියෙනවද ? අපි ඇත්තටම බැලුවොත් අපි වැඩිපුරම මහන්සි වෙලා සල්ලි හම්බ කරන්නේ ලෝකෙට පේන ජීවත් වෙන්න.