100 M USD wge thibbot athi first step eka widihata matanm, etpsse 1 BLN USD+ wunahama retired

100 M USD wge thibbot athi first step eka widihata matanm, etpsse 1 BLN USD+ wunahama retired
මහින්ද මහත්තයා සතුටින් ඉන්න්වා දකින එකආශ්වාද තියෙන ලෝකෙ දෙයක් කියපම්.. මේ එකවුන්ට් එක දෙනවා
ජෙප්පො ටොයියො කැමති නැහැනෙ...මහින්ද මහත්තයා සතුටින් ඉන්න්වා දකින එක
me adahasa mata godak kal tiyanawa..අපි කවුරුත් හිතල තියෙනවද ලයිෆ් එක කියන්නේ මොකද්ද කියලා අපි ඉපදෙනවා අපි ජීවත් වෙනවා අපි මැරෙනවා. ඒක නියතයි. මිනිහෙක්ගේ ආයු කාලය මං හිතන්නේ ලෝකෙ වැඩියෙන්ම වාර්තා වෙලා තියෙන්නෙ අවුරුදු එකසිය විස්සක් විසි පහක් විතර් සාමාන්‍ය මනුස්සයෙක් උපරිම සීයක් හිඳී.ඒ කියන්නේ අද ඉඳන් අවුරුදු සීයකින් මේ ලෝකේ අද ඉන්න කවුරුත් නැහැ. ඊට පස්සේ එන්න වෙනම සෙට් එකක්… ඔහොම ඔහොම දිගටම යනවා මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වෙනව අලුත් තාක්ෂණය එනවා ඒත් මේ මැරෙන ඉපදෙන එක හැමදාම වෙනවා.උඹලට හිතිල තියෙනවද ලයිෆ් එක අපි කොහොමද මේ සීමිත කාලෙ ජීවත් වෙන්න කියලා හැමදාම වැඩට යනවා අපේ වටිනා කාලය අපි සල්ලි වලට විකුණනවා. ඒකනේ අපි කරන්නේ ජොබ් එකක් කියලා ් අපිට මේ ලෝකෙ ජීවත් වෙන්න යම්කිසි මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි. ඒත් අපි දැනගන්නේ කොහොමද අපිට අවශ්‍ය ප්‍රමාණය ාමාන්‍ය මනුස්සයෙක් ගත්තම මිනිහෙක්ට කන්න බොන්න ඕනේ බෙහෙත් ද්‍රව්‍ය ගන්න තියෙන්න ඕනේ ඊට පස්සේ යන්න එන්න වාහනයක් තිබ්බොත් හොඳයි ත් අපි අපේ ප්‍රමාණෙට වඩා ලොකු දේවල් ගන්නවා. හැබැයි ඒකෙත් තෘප්තිය තියෙන්නෙ පොඩි කාලයයි නේද මම සෑහෙන කාලයක් තෙරුම්පොළලා ඉලෙක්ට්‍රික් වාහනයක් ගත්තා .ටෙස්ලා එකක් ගන්න මං සෑහෙන ඉතුරු කළා සෑහෙන කැපකිරීම් කළ අවුරුදු ගානක් ....ඒ වාහනේ ගත්තම තියන ත්‍රිල් එක තිබ්බේ පොඩි කාලයයි ඊට පස්සේ එක සාමාන්‍ය දෙයක් වෙනවා මං මේ කියන්නේ උදාහරණයක්. ඉතින් මම හිතන්නේ අපි මේ පොඩි ත්‍රිල් එකකට ලොකු කැප කිරීමක් ලොකු කාලය වැඩ කිරීමක් ලොකු මහන්සියක් වෙන්න ඕනෙද? අපිට කන්න බොන්න දේවල් තියෙනවනම් සෞඛ්‍ය සම්පන්නව ඉන්න දේවල් තියෙනවනම් හදිසියට බෙහෙත් ගන්න සල්ලි තියෙනවනම් , ගමනක් යන්න සාමන්‍ය වාහනයක් තියෙනවා නම් වෙන මොනවද අවශ්‍ය? උඹල හිතලා තියෙනවද අපිට තවත් සල්ලි කොච්චර ඉතුරු කරන්න ඕනේද ජීවිත කාලෙම මහන්සියක් නොවී ජීවත් වෙන්න න කියලා? calculation එකක් කරලා තියෙනවද කොච්චර සල්ලි ප්‍රමාණයක් අවශ්‍යද කියල? අපි හිතමු බැංකුවේ fixed deposit එකක් තියෙනවා කියලා.ලංකාවෙ උද්ධමනයත් එක්ක අද තියෙන ප්‍රමාණය හෙට මදි. ඒක නිසා අපිට හරියටම estimate කරන්න බැහැ අපි තව අවුරුදු තිහක් පනහක් ජීවත් වුණොත් කොච්චර සල්ලි ප්‍රමාණයක් තියෙන්න ඕනෙද කියලා එහෙම හිතලා calculation කරල තියෙනවද ? අපි ඇත්තටම බැලුවොත් අපි වැඩිපුරම මහන්සි වෙලා සල්ලි හම්බ කරන්නේ ලෝකෙට පේන ජීවත් වෙන්න.
අනිව. උදාහරනෙකට මට දැන් තියෙන්නෙ ගොඩක් පොඩි ගානක පෝන් එකක්. මං ඕකෙන් කරන්නෙ කෝල් ගන්න එකයි, වට්සැප්, එලක්‍රිරි එන එක වගේ දේවල්. ඒකට මට ලක්ශ 1ක පෝන් ඕකට වැඩක් නෑ.මම ලඟදි හොඳ්ට තේරුම් ගත්ත දෙයක් තමා අපි මොනාහරි ගන්න කොට කලබල නැතුව ගන්න ඕනා. අපි සමහර විට ඇත්ත ඕනකම් වල අග තියෙන 1% ගැන හිතලා ඒ 1% achieve කරගන්න ලොකු ගානක් යට කරනවා. ඒත් අන්තිම්ට ඒ 1% ඕන වෙන්නෙත් නෑ ගොඩක් වෙලාවට. සමහර විට මොනහරි දෙය්ක් ගත්තාම ඒක මේන්ටෙන් කරන එක ගැන කල්පනා වෙන්නෙ නෑ. ඒක ඔලුව්ට එන්නෙ කැඩුනාම. ඒ වගේ ගොඩක් දේවල් තියෙනව හිතන්න.
100% මචංමමත් ඕක සැහෙන්න කල්පනා කරන දෙයක්. මන් පස්සේ මෙහෙම දෙයක් කළා. උදාහරණයක් විදියට උබ කන්න බොන්න බඩු ගන්න යනව කියල හිතපන් ෆුඩ් සිටියට වගේ. එහෙම ගියාම උබ ආස කෑම බිම (බිස්කට් පාන් කොකාකොලා etc ) එහෙම නැත්නම් උයන පිහන අමුද්‍රව්‍ය (අල ලුණු සිනි පරිප්පු මස් බිත්තර etc ) වගේ දේවල් මිල ගණන් ගැන ලොකුවට වදයක් වෙන්නේ නැතුව ගන්න පුළුවන් වෙන්න ඕන. ළමයි ඉන්නවා නම් උන් ඉල්ලන දේවල් (චෝකොලට් අයිස්කිර්ම් etc ) අරන් දෙන්න පුළුවන් වෙන්න ඕන. එහෙම අරගෙන අයියෝ මස් වලට අරවට මේවට මෙච්චර ගියා අර දෙමල කඩේ ගණන් අඩුයි එකෙන් ගන්න තිබ්බ නම් මෙච්චර ඉතුරුයි වගේ හිතනවා නම් නැත්නම් ඔයාට ඒ දේ ගන්න ඕන උනත් වියදම් අඩු කරන්න නොගෙන ඉන්නවා නම් ඔයාගේ ආදායම ඔයාට මදි. ඒ විතරක් නෙවේ බඩු අරන් සැප පහසුවට ගෙදර යන්න කාර් එකක් , බයික් එකක් අඩුම ටුක් එකක් දාගන යන්න සල්ලි තියෙන්න ඕන. අඩුම මේ ලෙවල් එකට වත් නැත්නම් උබ උපයන මුදල මදි කියල හිතුවට කමක් නැහැ
ඔව් බන් මම යුනි යන කාලේ android development කරන්න ආසයි කියලා ගත්තා xeperia 25 එකක්ද කොහෙද. අන්තිමට කරපු development එකක් නෑ. අපිට ඒ වෙලාවට එන ගොන් අදහස් පාලනය කරගන්න පුලුවන්නම් මාර ගානක් ඉතුරු වෙනවා.අනිව. උදාහරනෙකට මට දැන් තියෙන්නෙ ගොඩක් පොඩි ගානක පෝන් එකක්. මං ඕකෙන් කරන්නෙ කෝල් ගන්න එකයි, වට්සැප්, එලක්‍රිරි එන එක වගේ දේවල්. ඒකට මට ලක්ශ 1ක පෝන් ඕකට වැඩක් නෑ.
හැබැයි දැන් මට ඕනි මං ඇවිදින තැන් වල ලස්සන පොටෝ ටිකක් ගන්න. එතකොට මට සාමාන්‍ය හොද පොටෝ ගන්න පුලුවන් පෝන් එකක් ඕනි. හැබැයි මට අලුත්ම ඇපල් එකවත්, පික්සල් 16 එකවත් වැඩක් නෑ.
මේකෙන් වෙන වාසිය තමා හිතේ බයක් නෑ කවුරු හරි හොරකම් කරයිද, බිම වැටිල ඩැමේජ් වෙයිද? මෙච්චර ලොකු ගානක් දිල ගන්න එකේ ඊගාව වර්ශන් එක එනකන් ඉදලම ගන්නවද,? වගේ හිතන්න ඕනි නෑ. ඉතුරු වෙන ගාන ට්‍රැවලින් වැඩකට ගන්න පුලුවන්.
100% මචං
------ Post added on Sep 17, 2024 at 11:27 AM
මාත් ඔය ලැප් එක ගන්න බැලුව. හැබැයි කොල්ලෙක්ගෙ ලැප් අපේ ගෙදර තිබුන සති 2ක් වගේ. මං ඕකෙ ගේම්ස් ට්‍රයි කලා. හැබැයි මට තේරුනා ඉස්සර වගේ ගේම් ගහන ආසාව මං ලග දැන් නෑ කියල. ඒ සති 2කේ තේරුන ලැප් එකක් ඕනි නෑ කියන එක ගේම්ස් ගහන්න.මොකක්ද ඕන ස්පෙක් එක?
අඩො මම ගේම් ගහන්න ඕන කියලා අවුරුද මුල lenovo legion 5 එකක් ගත්තා i9 32GB හරි 64GB ram RTX 4070 vga 3TB ssd| ලක්ශ 8කට. අන්තිමට ගේම් ගැහුවේ මාස 2 3යි. ලැප දැන් හවස එලකිරි එන්නයි, වීඩියෝ බලන්නයි තමා පාවිච්චි කරන්නෙ.
ඉතින් දුක් වෙන්න කලින් පොඩ්ඩක් හිතපන්
SUPIRI ....100% CORRECTහැමෝම දුවන්නෙ ආශ්වාද පස්සෙ...
ඇසෙන් ප්‍රිය රූප, කනෙන් ප්‍රිය ශබ්ද....සමට ප්‍රිය ස්පර්ශ... තමයි හැමෝම හොයන්නෙ..
ඔය ආශ්වාදයේ අවුලක් තියෙනවා.....
කවදාවත් ආශ්වාද විඳලා තෘප්තිමත් වෙලා ඉවර වෙන්නෙ නැහැ.
ඒකට හේතුව තමයි ආශ්වාද බාහිර කිසිවක නැහැ. ආශ්වාද හදාගන්නෙ සංකල්පතව හිතේ.
හිතපන් යම් දෙයක ආශ්වාද තියෙනව නම් හැමෝටම එය ආශ්වාද දෙන්න එපැයි.
පියුමි හංසමාලි උඹට මට ආශ්වාදජනක වුනාට මේකෙ පොන්සියෙක් හිටියොත් ඌට ඒකිගෙ ආශ්වාදයක් නැහැනෙ.
ටෙස්ලා වල ආශ්වාදය අඩු වුනා කිව්වා නේද? ඒක තමයි ආශ්වාදයේ ස්වභාවය.. ශුන්‍ය වෙලා යනවා. ගුගල් කලොත් ටෙස්ලා එක්ක තරහා මිනිස්සුත් එමට ඉන්නවා. ටෙස්ලා, ෆෝඩ්, ජීඑම්, බීවයිඩී, ලැම්බො තියා ලින්කන් නැවිගේටර් වුනත් ඇති ආශ්වාදයක් නැහැ (පහසුකම තියෙනවා)
ටෙස්ලා වලින් කාර් පිලිබද ආශ්වාදය තෘප්ත වුනා නම්, ආයෙ වෙන කාර් අවශ්‍ය වෙන්න විදියක් නැහැ.
හැම දෙයක්ම එහෙමයි. දූරියන් කෙනෙක්ට සැපයි/ කෙනෙක්ට දුකයි.
තමන් ඇලෙන/ ගැටෙන විසියට ආශ්වාදය හෝ දුකක් හිතේ හදාගන්න පුලුවන්. ඒත් ඒක සංකල්පිතයි.
මගේ මව මියගියාම මම ඇඩුවට උඹ අඩන්නෙ නැහැනෙ. ප්‍රභා මැරුනම රටක් හිනා වුනේ. මරණය නෙවෙයි දුක. ප්‍රියයන්ගෙ මරණයයි දුක.
නැති ආශ්වාද පස්සෙ දුවන රැට් රේස් එකක් තියෙන්නෙ.
ආශ්වාද තියෙන ලෝකෙ දෙයක් කියපම්.. මේ එකවුන්ට් එක දෙනවා
මටනම් තිබ්බේ පොඩි කාලේ ආසාවක් ඉශ්ට කරගන්න එක. කලාට පස්සෙ ඉතින් ආයි වැඩක් නෑ. හැබැයි සුපිරි ලැප. තප්පර ගාන ඇතුලේ බූට් වෙනව.මාත් ඔය ලැප් එක ගන්න බැලුව. හැබැයි කොල්ලෙක්ගෙ ලැප් අපේ ගෙදර තිබුන සති 2ක් වගේ. මං ඕකෙ ගේම්ස් ට්‍රයි කලා. හැබැයි මට තේරුනා ඉස්සර වගේ ගේම් ගහන ආසාව මං ලග දැන් නෑ කියල. ඒ සති 2කේ තේරුන ලැප් එකක් ඕනි නෑ කියන එක ගේම්ස් ගහන්න.
රට ඇවිල්ලා ඩිප්රෙෂන් වගේ බං...උබට මොකද උනේ මචන්
හොඳට හිතපන් මම ඩොනේට් කරන්න ඕන කියලා මිසක් කොහෙන් හරි Christina Grimmie Foundation එකට 100B$ ඩොනේෂන් එකක් ලැබුනට ගතියක් නැහැ නේද? අන්න ඒකට තමයි මමත්වය කියන්නෙ. සියුම්ම රාගයක්My lifetime target is 100B USD, Then I'll donate everything to the Christina Grimmie Foundation, not to the Sri Lankan government XD.