ජීවිතය දෙස ආපසු හැරී බැලීම... A Story of a Youth...
මෙහි අවසානය දක්වා පළකිරීමට කොපමණ කළක් ගතවේදයි අනුමාන කළ නොහැක. කොපමණ කාලයකට වරක් මෙය යාවත්කාල කළහැකිදයි කිව නොහැක. නමුත් කෙදිනක හෝ මෙය අවසාන කිරීමට බලාපොරොත්තුවෙන් ලියමි. මා කෙටි කතා හෝ නවකතා කරුවෙකු නොවන අතර භාශා විශාරදයෙකුද නොවේ. රසවත්ව හෝ කියවීමට කම්මලි නොවන අයුරින් ලිවීමටද හැකියාවක් නොමැති බැවින් සිදුවන දෝශ පිළිබඳව සමාව අයැද සිටිමි. මෙය කියවනවාද නැද්ද යන තීරණය ඔබ සතුයි. ඕනෑම අදහසකට විවෘතයි. ස්තුතියි.
හේ දැනට 22වන වියෙහි පසුවන තරුණයෙකි. ජීවිතය පිළිබඳව කළකිරීමෙන් පසුවන ඔහු තමා ගත් වැරදි නිවැරදි තීරණ හා දැන් තමාගේ ජීවිතය පිළිබඳව මෙලෙස ආපසු හැරී බලයි.
මධ්‍යම පාන්තික වැදගත් පවුලක දෙවැනි දරුවා ලෙස උපත ලබන මධුෂාන් කුඩා කළ සිටම සියල්ලන්ගේම ආදරය නොඅඩුව ලැබුවේය. වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් සමඟ ඔහු ඉතා සතුටින් තම ළමා අවධිය ගත කළේය. විටෙක තම සොහොයුරා සමඟ දබර කරන ඔහු තවත් විටෙක ඔහුවම අනුකරණය කිරීමට උත්සාහ කළේය. අම්මාගෙන් කෝටු කැඩෙනකන් ගුටි කා තිබු ඔහුට දිනක් කිසි දිනක අමතක නොවන දඬුවමක් ලැබුණි.
ඒ වන විට ඔහුගෙ වයස අවුරුදු 4ක් පමණය. අයියාට වයස අවුරුදු 7ක් පමණය. අම්මා එක් හැවිරිදි නැගණිය බලාගන්නා අතර මුළුතැන්ගෙයි වැඩ කරමින් සිටියි. මේ වන විට අයියා සමඟ දෙවන ලෝක යුද්දය ආරම්භ වී ඇත. සාම සාදක හමුදාව කුස්සියේ සිට බෙරිහන් දෙයි. යුද්දය නැවත්වීමට නොහැකිම වූ තැන අයියා මලෝ කාමරයට දමා විදුලි පහන් නිවා දමා දොර වසා දැමීමට අම්මාට සිදුවිය.ගත වූයේ නිමේෂයකි. බෝම්බයක් පුපුරා ගිය හඬත් අයියා මලෝ විලාප දෙන හඬත් ඇසෙන්නට විය. අම්මා දොර ඇර බලද්දී දුටුවේ කළුවරේ ඔලු ගෙඩි දෙක හප්පාගෙන හඬමින් සිටින කොල්ලන් දෙදෙනාය. වැඩිම හානිය මල්ලීටය. ඔහුගේ දකුණු ඇස වැසී යන තරමට ගෙඩි ගැසී තිබුණි. අම්මාට මෙය දරාගත නොහැකි විය. එදින අම්මා හැඬූ හැටි ඔහුට කෙදිනකවත් අමතක නොවන ලෙස මතකයේ සටහන්ව ඇත. එදිනට පසු අම්මාගෙන් කෝටු පාරක්වත් කෑවාද කියා ඔහුගේ මතකයේ නැත.
කෙමෙන් කෙමෙන් පාසල් ජීවිතයට අවතීර්ණ වූ මධුෂාන් කුඩා කළ සිටම ඉගෙනීමෙහි සමත්කම් දැක්වූයේය. පළමු ශ්‍රේණියේ සිට සාමන්‍යපෙළ අවසානය දක්වා එකම වතාවක හෝ ඔහු පන්තියේ 3න් වන ස්ථානයෙන් පහළට වැටුනේ නැත.
අහින්සක, සෑම ගුරුවරයෙකුගේම ආදරය දිනාගත් චරිතයක් වූ ඔහුගේ අහින්සක කම පාසල තුලට පමණක් සීමා වූවකි. නිවසේදී ඒවාට හරියන්න යකා නටන ඔහු දිනක් ක්‍රිකට් ගැසීමට ගොස් වීදූරු කටුවකට කකුල කපාගෙන පැමිණියේය. වෛද්‍යවරියගේ නිර්දෙශය වූයේ මැහුම් තුනක් දැමිය යුතු බවයි. නමුත් මැහුම් දමන වේදනාව අම්මාට ඉවසාගත නොහැකි විය. එබැවින් මැහුම් නොදමා කකුලට බෙහෙත් දමා එවන ලදි. මින් පසු කකුල බිම තබා ඇවිදීමට හැකිවන තුරු ඔහුව වඩාගෙන පාසලට පවා ගෙනියන ලද්දේ ඔහුගේ අම්මාය. පවුලේ බර තනිවම දැරුවේ තත්තා බැවින් ඔහුට රැකියාවට යෑම අනිවාර්යය කරුණකි. එබැවින් නිවාඩු දිනයන්ට පමණක් තාත්තා ඔහුව පාසලට රැගෙන ගියේය. අවුරුදු 7ක අලි බබෙක් වඩාගෙන යෑම අම්මාට තාත්තාට බරක් නොවුනත් එය ඔහුට ලැජ්ජාවක් විය. නමුත් දෙමවුපියන්ගේ ආදරය සෙනෙහස වැඩියෙන්ම දැණුන අවස්ථාවක් ලෙස අද මෙය ඔහුගේ සිහියට නැගේ.
මේ අතර දෙමාපියන්ගේ විභාගයට හෙවත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් විය යුතු කාලය එළඹියේය. ශිෂ්‍යත්වයෙන් අයියා පාසලේ වැඩිම ලකුණු ලාභියෙකු ලෙස ප්‍රදෙශයේ ජනප්‍රිය පාසලකට ඇතුලත් කරගත් බැවින් මල්ලීද පහසුවෙන් එම කඩඉම පසු කරණු ඇතැයි අම්මාත් තාත්තාත් සිතුවෝය. එබැවින් වැඩි කාලයක් නිදහසේ සිටීමට වාසනාව ලද මධුෂාන් විභාගයට මාස කිහිපයක් පමණක් තිබියදී ප්‍රදෙශයේ ජනප්‍රිය ගුරුවරියකගේ උපකාරක පන්තියකට ඇතුලත් කරන ලදි.
Part 2

ඇරඹුම

ළමා කාලය

Last edited: