ලොක්කයිය;16023490 said:මගේ නම් අදහස සාර්ථක ජීවිතයකට උපාධියක් අත්‍යවශ්‍යම නෑ කියන එකයි.උපාධි නැති මිනිස්සු ඕන තරම් සමාජයේ සතුටින් ඉන්නව.ඒ වගේම තමයි මගේ පෞද්ගලික අදහසනම් සමහරවිට උපාධිය මගින් මිනිසෙකුගේ නිදහස් චින්තනය මොට කරනවා කියන ඒකයි.(සැම විටම නොවේ).උදාහරණයක් විදියට ලෝකයේ සිටිය බුද්ධිමතුන් සලකන විට බහුතරයකටම උපාධි තිබී නැහැ.ඒ අය යම්කිසි සොයාගැනීමක් කරාට පස්සෙ හෝ නව අදහසක් ඉදිරිපත් කරාට පස්සෙ නම් එයාලට සමහර universities වලින් උපාධි ප්‍රදානය කරල තියෙනව.අපේ රටේ හිටිය මාටින් වික්‍රමසිංහ මහත්මයත් ඒ වගේ කෙනෙක්.ඉතින් එයාලගෙ නිර්මාණශීලි චින්තන පොත් වල ලියාගෙන ඒව කටපාඩම් කරල අපි උපාධි ගත්ත.උපාධි සහතිකය ආයතනයකට පෙන්නුවම එයාල පිළිගන්නව අපිට දැන් ඒ බුද්ධිමතුන්ගේ දැනුම භාවිතයෙන් යමක් කරගන්න පුළුවන් කියල.ඉතිං ඔවුන් අපිට රැකියාවක් දීල robot කෙනෙක්ගෙන් වගේ අපෙන් වැඩ ගන්නව.අපිට හොඳ salary එකකුත් ගෙවනව.ඒ මුදලින් ලස්සන ගෑනියෙකුයි ගේකුයි කාර් එකකුයි ගන්නව.ඉතිං මම දැන් සාර්ථක මනුස්සයෙක්ද? දැන් මම මැරෙනකල්ම සතුටින් ඉඳියිද?
මචං හොඳම උදාහරණෙ මමත් එක්ක එකට campus එකේ හිටපු මගේ බොක්කක් degree ඒක finish කරන්නෙත් නැතුව business එකකට අත ගැහුව.උගෙ කෑල්ලත් වෙන එකෙක්ට සෙට් උනා "මාලු කාරයෙක් එක්ක ඉන්න බෑ කියල".(ඌ මාලු business එකක් පටන් ගත්තෙ).මචංල මම මේ ලඟදි උගේ wedding එකට ගියා.මට ඇඬුන ඌ ඉන්න තැන දැකල.මමත් degree එක කරන්න පටන් ගත්තෙ මේ වගේ තැනකට එන්න නේද කියල මට හිතුන.මමා යංතන් intership එකක් හම්බෙල සල්ලි හොයන්න ගන්නකොට ඌ සැහෙන දුර ගිහින්.සල්ලි බල්ලට දාමුකො. උගෙ freedom එක! . නිවාඩු තියෙන දවසටවත් නිවාඩුවක් දෙන්නෙ නෑ මචං.ඒකටත් එක එකාට වඳින්න ඕනෙ.මම degree එකක් කරේ මෙහෙම බාල්දු වෙන්නද,
අදහසට ස්තූතියි .ඒ වගේම උඹ හොඳ තැනකට කතාව අරගෙන ආවා(ඔය නිල් පාටින් තියෙන්නේ ඒක ).ඔව් ගොඩක් උන් සාර්ථකත්වය කියලා හිතාගෙන ඉන්නේ ඔය ටික .මොකද සමහරු කියනවා අහවල් විභාගේ කරලා අසවල් රට පැන්නාහම රජෙක් වගේ හිටිය හැකි කියලා .ඒත් ඇත්තටම හිතලා බලන්න වෙනවා තමන් එහෙම ක්‍රියා කලාම තමන් ඇත්තටම රජෙක් ද ? වහලෙක්ද කියලා




