ජීවිතය සාර්ථක කරගන්න උපාධියක් ඕනේද?නැද්ද

ජිවිතය සාර්ථක කර

  • ඔව් අවශ්‍යයි

    Votes: 20 12.9%
  • නැහැ අවශ්‍යම නැහැ

    Votes: 67 43.2%
  • ඒක එකිනෙකාට සාප්කේෂයි

    Votes: 68 43.9%

  • Total voters
    155

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    ජීවිතය සාර්ථක කරගන්න වත් සතුටින් ඉන්නවත් උපාධියක් අවශ්‍ය නැහැ. සමහර පුද්ගලයෝ ඉන්නවා බිස්නස් ඇඟේ තියෙන අය. ඒ අයට උපාධියක් කොහොමත් ඕන නැහැ. තමගේ උපන් හැකියාවෙන් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. අනික සාර්ථක ජීවිතයක් කියන්නේ සල්ලි තියෙන කෙනාටම නෙමෙයි. සාර්ථක ජීවිතය කියන එක උපාධියෙන් මනින්න බැහැ. උපාධිය කියන එක දියුණු වෙන මිනිහෙක්ට ෂෝට් කට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අනික ලංකාවේ ඉන්න හැමෝම බිල් ගේට්ස්ල ස්ටීව් ජෝබ්ස්ලා කියල හිතල අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න එක වත් උපාධිය බල්ලට දාන්නවත් හොඳ නැහැ. මොකද බිල් ගේට්ස්ල ස්ටීව් ජෝබ්ස්ලා කියන්නේ exceptional cases. එක නිසා ක්‍රමවත් අධ්‍යාපනයක් ලබලා තියෙන එක ජීවිතේ සාර්ථක කරගන්න කවදා හරි රුකුලක් කරගන්න පුළුවන්. But Degree is not the everything. It is just a ladder.
    ආර්ට් ඩිග්‍රී කරලා රජයෙන් ජොබ් එකක් දෙනකල් බලන් ඉන්නවට වඩා හොඳයි තමන් දක්ෂ වෙන පැත්තකින් ජීවිතේ පටන් අරගෙන ඒ අතරේ පාට් ටයිම් ඉගෙන ගන්න එක. සමහර අයට ව්‍යවසායකයින් වෙනවට වඩා කැමතියි අනුන්ගේ යටතේ හරි ස්ථාවර ජොබ් එකක් හොඳ පඩියකට කරන්න. ඒ වගේම සමහර අයට තමන්ගේම කියල දෙයක් පටන් ගන්න සල්ලි හොයාගන්න තමන්ගේ ඉගෙන ගත්ත දේවල් වලින් හොඳ පඩියකට ජොබ් එකක් කරලා පහු කාලෙක ඒ මුදල් ආයෝජනය කරලා තමන්ගේම දෙයක් පටන් ගැන පුළුවන්. එක නිසා ඩිග්‍රී එක කියන්නේ ජීවිතේ එක දෙයක් විතරයි. එක කරා කියලා හැම දෙයක්ම ලැබෙන්නේ නෑ. ඒ දේවල් ලබා ගන්න තමන් දන ගන්න ඕන. ඒ වගේම ඩිග්‍රී එක නොකරා කියලා හැම දෙයක්ම නැති වෙන්නෙත් නෑ. ඒ දේවල් ලබාගන්න කෙටි නැත්ත දිග මාර්ගයකින් හරි යන්න පුළුවන්.
    ඔව් මචං ..උඹ කියන කාතාවත් මෙතනට වටිනවා .ඒ වගේම මචං මේකත් කියන්න ඔනේ මේ ත්‍රේඩ් එක බලන උන්ට .උඹලා බිල්ගේට්ස් ලා ස්ටීව් ජොබ්ස් ලා ඩිග්‍රී නැහැ කියලා ඩිග්‍රී කරන එක කඩාකප්පල් කරගන යන්න එපා .අපි ඒ වගේ චරිත ගැන උදාහරණයකට දෙන්නේ යම් කාරනයක් නිසා .ඒ තමා තමන් වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න යම් මානසික පන්නරයක් ලබාදෙන්න .එහෙම නැතිව අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න නෙමේ .කාට හරි බිල් ගේට්ස් වගේ වෙන්න හිතෙනවානම් එකේ වරදකුත් නැහැ .මොකද කතාවක් තියෙනවා " තමන් පොළවේ ඉඳගෙන හඳට යන්න සිහින මැවුවොත් හෝ ඒ වෙනුවෙන් උත්සහයක්වත් ගත්තොත් අඩුම තරමේ ගෙදර වහල උඩටවත් නැඟගන්න පුළුවන් " කියලා .ඉතිං අන්න ඒ වගේ දෙයක් කරන්න තමා අපි මේ ලෝක ප්‍රකට පුද්ගලයන්ගේ චරිතාපදානයන් ගැන යම් යම් අයුරින් උඹලාව දැනුවත් කරන්නේ .නැතුව අර කලින් කිව්වා වගේ උපාධි කරන එක නවත්තනවත් ,ඉගෙන ගන්න එක කඩාකප්පල් කරගන්න මාර්ගය පෙන්නන එකවත් නෙමේ .මොකද බිල්ගේට්ස් උපාධි කරන එකෙන් අයින් උනේ එයාගේ සිතුවිලි වලට අනුව කරන්න හිටපු දේට උපාධි කිරීම සහ ඒ වෙනුවෙන් කාලය වැය කිරීම නොගැලපුන නිසා ,ස්ටීව් ජොබ්ස් හිටන් එහෙමයි .එහෙමයි කියලා බිල්ගේට්ස්, වත් ස්ටීව් ජොබ්ස් වත් කවදාවත් කිව්වෙ නැහැ උපාධි ගන්න එපා කියලා .මොකද ඔය පුද්ගලයෝඅ දෙන්නම විශ්ව විද්‍යාලවල ගිහින් ,උපාධි ප්‍රදානෝත්සව වලට ගිහින් ඒව්වයේ උපාධි ගන්න ඉන්න අය සහ ගත්ත අය වෙනුවෙන් ඔවුන් විසින් අත්විඳ ජීවිතය ගැන අත්දැකීම් බෙදා හදාගෙන තියෙනවා .ඒක නිසා අයේත් කියන්නේ මේ කියන එකක්වත් වැරදියට ගන්න එපා .:yes::yes::yes::yes::yes::yes::yes: