ජීවිතය සාර්ථක කරගන්න වත් සතුටින් ඉන්නවත් උපාධියක් අවශ්‍ය නැහැ. සමහර පුද්ගලයෝ ඉන්නවා බිස්නස් ඇඟේ තියෙන අය. ඒ අයට උපාධියක් කොහොමත් ඕන නැහැ. තමගේ උපන් හැකියාවෙන් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. අනික සාර්ථක ජීවිතයක් කියන්නේ සල්ලි තියෙන කෙනාටම නෙමෙයි. සාර්ථක ජීවිතය කියන එක උපාධියෙන් මනින්න බැහැ. උපාධිය කියන එක දියුණු වෙන මිනිහෙක්ට ෂෝට් කට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අනික ලංකාවේ ඉන්න හැමෝම බිල් ගේට්ස්ල ස්ටීව් ජෝබ්ස්ලා කියල හිතල අධ්‍යාපනය කඩාකප්පල් කරගන්න එක වත් උපාධිය බල්ලට දාන්නවත් හොඳ නැහැ. මොකද බිල් ගේට්ස්ල ස්ටීව් ජෝබ්ස්ලා කියන්නේ exceptional cases. එක නිසා ක්‍රමවත් අධ්‍යාපනයක් ලබලා තියෙන එක ජීවිතේ සාර්ථක කරගන්න කවදා හරි රුකුලක් කරගන්න පුළුවන්. But Degree is not the everything. It is just a ladder.
ආර්ට් ඩිග්‍රී කරලා රජයෙන් ජොබ් එකක් දෙනකල් බලන් ඉන්නවට වඩා හොඳයි තමන් දක්ෂ වෙන පැත්තකින් ජීවිතේ පටන් අරගෙන ඒ අතරේ පාට් ටයිම් ඉගෙන ගන්න එක. සමහර අයට ව්‍යවසායකයින් වෙනවට වඩා කැමතියි අනුන්ගේ යටතේ හරි ස්ථාවර ජොබ් එකක් හොඳ පඩියකට කරන්න. ඒ වගේම සමහර අයට තමන්ගේම කියල දෙයක් පටන් ගන්න සල්ලි හොයාගන්න තමන්ගේ ඉගෙන ගත්ත දේවල් වලින් හොඳ පඩියකට ජොබ් එකක් කරලා පහු කාලෙක ඒ මුදල් ආයෝජනය කරලා තමන්ගේම දෙයක් පටන් ගැන පුළුවන්. එක නිසා ඩිග්‍රී එක කියන්නේ ජීවිතේ එක දෙයක් විතරයි. එක කරා කියලා හැම දෙයක්ම ලැබෙන්නේ නෑ. ඒ දේවල් ලබා ගන්න තමන් දන ගන්න ඕන. ඒ වගේම ඩිග්‍රී එක නොකරා කියලා හැම දෙයක්ම නැති වෙන්නෙත් නෑ. ඒ දේවල් ලබාගන්න කෙටි නැත්ත දිග මාර්ගයකින් හරි යන්න පුළුවන්.