ජීවිතය

dayt0na

Well-known member
  • Jan 2, 2012
    30,071
    29,009
    113
    මගේ මිත්‍රයාගේ යෝජනාව අහගෙන ඉඳලා ඒ පුද්ගලයා මෙහෙම කිව්වාලු.
    "මහත්තයා. අපි මේ ලෝකෙට ආවේ හිස් අතින්. අපි උපදිනකොට මිළ මුදල්, දේපළ වගේ කිසිම දෙයක් ගෙනාවේ නැහැ. ඒත් අපි මේ ලෝකෙට එනකොට හිතේ සැනසිල්ල ගෙනාවා. එතකොට දැනුනේ බඩගින්න විතරයි. බඩ පිරුණහම නැවතත් සැනසිල්ල ලැබුණා. ටිකෙන් ටික අපි වැඩෙන කොට බඩගින්නට වඩා එහා ගිය එක එක උවමනාවල් ආවා.
    ඒත් ඒවා සම්පූර්ණ කර ගන්න යනකොට හිතේ සැනසිල්ල නැතිවුණා. කවදාහරි අපි මේ ලෝකෙන් ආපහු යනකොට ඒ උපයාගත්ත කිසිම දෙයක් අරගෙන යන්න ලැබෙන්නෙත් නැහැ. අපිට ගෙනියන්න පුළුවන් වෙන්නේ අපි කරපු හොඳයි නරකයි විතරයි.

    දැන් ඔය මහත්තයා හිස් අතින් ඇවිල්ලා මෙතැන ඉඳගෙන ඉන්න හන්දා බයක් නැතුව ඇවිල්ලා මගෙත් එක්කත් කතා කරනවා. ඒත් මහත්තයා අතේ වටිනා දෙයක් තිබ්බානම් එහෙම කතා කරන්න හම්බ වෙන්නේ නැහැනේ. එතකොට මං ගැන උනත් බලන්නෙ අවිස්වාශයෙන් . ඉතින් මට ඒ වගේ ලොකු බලාපොරෙත්තු වත්, මිළ මුදල් වත් නැති හින්දා මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. ඒ හන්දම බණක් භාවනාවක් කර ගන්නත් ඉවරයක් තියෙනවා. ඒ හන්දාම රෑ පුරාවටම හොඳ සැහැල්ලුවට නින්ද යනවා" කියලා.
    👆me wage hithana bahutherayak inne rataketa wena de hithaganillako 🙂
     
    • Like
    Reactions: Tricle_Buwa